The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ජීවිතයට ආදරයක් තියෙනවා නම් ලෝක කුසලානයට එන්න එපා' - අමෙරිකානු ජනපති ඉරානයට කියයි

T

The Leader Desk

March 14, 2026 • 3:28 PM

'ජීවිතයට ආදරයක් තියෙනවා නම් ලෝක කුසලානයට එන්න එපා' - අමෙරිකානු ජනපති ඉරානයට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීම පිණිස ඉරානයේ පාපන්දු කණ්ඩායම අමෙරිකාව ට
  • නමුත් ඔවුන්ගේ ම ජීවිතාරක්ෂාව සැලකිල්ලට ගත් විට, ඔවුන් තරගාවලියට සහභාගි වීම යෝග්‍ය යැයි මම ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ” යනුවෙන් ඔහු Truth සමාජ මාධ්‍ය වේදිකාවේ ලියා තිබෙනවා.
  • ඉරාන යුද්ධය දෙවැනි සතියට පිවිසෙද්දී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින්, අමෙරිකාව හමුදාමය, ආර්ථිකමය හා වෙනත් සෑම ලෙසකින්ම ඉරානයේ රාජ්‍ය පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කරන බවත් ඔවුන් මරා දැමීම තමාගේ විශිෂ්ටතම නම්බුව බවත් කියා සිටියා.
  • එහෙත් ඉරානයේ ක්‍රීඩා ඇමති අහමඩ් ඩොන්යාමාලි ප්‍රකාශ කරන්නේ, ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමේනි හා අනෙක් උසස් නිලධාරීන් මරා දමමින් ඉරානය ට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධය විසින් ලෝක කුසලාන තරගාවලියේ ඉරානයේ සහභාගිත්වය වළක්වා ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පැමිණීමට තීරණය කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමාට සහතික විය නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

“ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සාදරයෙන් පිළිගන්නවා. නමුත් ඔවුන්ගේ ම ජීවිතාරක්ෂාව සැලකිල්ලට ගත් විට, ඔවුන් තරගාවලියට සහභාගි වීම යෝග්‍ය යැයි මම ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ” යනුවෙන් ඔහු Truth සමාජ මාධ්‍ය වේදිකාවේ ලියා තිබෙනවා.

ඉරාන යුද්ධය දෙවැනි සතියට පිවිසෙද්දී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින්, අමෙරිකාව හමුදාමය, ආර්ථිකමය හා වෙනත් සෑම ලෙසකින්ම ඉරානයේ රාජ්‍ය පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කරන බවත් ඔවුන් මරා දැමීම තමාගේ විශිෂ්ටතම නම්බුව බවත් කියා සිටියා.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේදී ඉරානය ඔවුන්ගේ ආරම්භක තරග තුනක් ජූනි මාසයේ අමෙරිකාවේදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

නවසිලන්තය හා බෙල්ජියම ට එරෙහි තරග ලොස් ඇන්ජලීස් නගරයේ පැවැත්වෙන අතර ඊජිප්තුව සමග තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සිඇටල් නගරයේ.
එහෙත් ඉරානයේ ක්‍රීඩා ඇමති අහමඩ් ඩොන්යාමාලි ප්‍රකාශ කරන්නේ, ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමේනි හා අනෙක් උසස් නිලධාරීන් මරා දමමින් ඉරානය ට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධය විසින් ලෝක කුසලාන තරගාවලියේ ඉරානයේ සහභාගිත්වය වළක්වා ඇති බවයි.

“මේ දූෂිත ආණ්ඩුව අපේ නායකයා ඝාතනය කිරීම ගැන සලකා බලන විට, කිසිම තත්ත්වයක් යටතේ අපට ලෝක කුසලානයට සහභාගි වෙන්න බැහැ” යනුවෙන් ඩොන්යාමාලි රාජ්‍ය රූපවාහිනියෙන් ප්‍රකාශ කර තිබෙනවා.

කලින් කලට, යුද්ධය හා තානාපති සබඳතා බිඳවැටීම හේතුවෙන් රටවල් ඔවුන් සහභාගි වීමට සැලසුම් කර සිටි ක්‍රීඩා තරගාවලියන් වර්ජනය කර තිබෙනවා. 1980 වසරේදී සෝවියට් දේශය ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමක් ලෙස අමෙරිකාව මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වර්ජනය කළා. ඉන්පසුව, සෝවියට් දේශය හා ඔවුන්ට හිතවත් පෙරදිග රටවල් බොහොමයක් 1984 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම ප්‍රතික්ෂේප කළා.

2022 වසරේදී යුක්රේනය ආක්‍රමණය කළ දා පටන් රුසියාව ට ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා ඔලිම්පික් ක්‍රීඩා උළෙල තහනම් කර තිබෙනවා.

නමුත් ජාත්‍යන්තර තරගාවලියන්ට අමතරව ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා ලෝක කුසලානය දීර්ඝ කාලයක් තිස්සේ සලකනු ලබන්නේ රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාවන් ලෙස. ඉරාන පාපන්දු ක්‍රීඩකයින්ට අමෙරිකාවේදී ආරක්ෂාවක් නැති බවට ප්‍රකාශ කිරීම 1972 වසරේ මියුනික් හිදී ඊශ්‍රායලයේ ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයින් 11 දෙනෙකුව පලස්තීනයේ ‘කළු සැප්තැම්බරය’ නමැති ත්‍රස්තවාදී කල්ලිය විසින් ඝාතනය කිරීමෙන් පසුව ක්‍රීඩකයින් ආරක්ෂා කිරීමේ ගෝලීය වගකීම නොසලකා හැරීමක්.

ඉරාන පිරිමි පාපන්දු කණ්ඩායමට ට්‍රම්ප් තදින් කළ අවවාදය මීට දින කිහිපයකට පෙර ඔහු ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමට සැලකූ ආකාරය සමග ප්‍රබල අසමානතාවක් පෙන්නුම් කරනවා. ඉරාන ක්‍රීඩිකාවන්ට ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ලබා නොදෙන්නේ නම් තමා ඔවුන්ට අමෙරිකාවේ රැකවරණය ලබා දෙන බවට ට්‍රම්ප් දන්වා තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...