The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩියුක්ස් පන්දු හිඟයක්: මැද පෙරදිග යුද්ධය නිසා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවට අනපේක්ෂිත බාධාවක්

T

The Leader Desk

March 20, 2026 • 3:46 PM

ඩියුක්ස් පන්දු හිඟයක්: මැද පෙරදිග යුද්ධය නිසා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවට අනපේක්ෂිත බාධාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග හටගෙන තිබෙන යුද්ධය හේතුවෙන් ගෝලීය ක්‍රිකට් පන්දු සැපයුම ට ද අනපේක්ෂිත අභියෝගයන් එල්ල වී තිබෙනවා.
  • ‌මේ අනපේක්ෂිත සිදුවීමෙන් අප්‍රේල් 3 වැනිදා ආරම්භ වීමට නියමිත එංගලන්ත ගිම්හාන ක්‍රිකට් ක්‍රීඩාවේ තරග වැඩසටහනට බාධා පැමිණීමට ඉඩ තිබෙනවා.
  • ඩියුක්ස් ආයතනය සෑම ග්‍රීෂ්ම සෘතුවක් සඳහා ම පන්දු 4,000 සහ 5,000 අතර ප්‍රමාණයක් බැගින් නිෂ්පාදනය කරනවා.
  • මැද පෙරදිග පවතින ‘විකාර’ යුද්ධය නිසා ඒ ඒ කණ්ඩායම්වලට ලබා දෙන පන්දු සංඛ්‍යාව සලාක ක්‍රමයකට බෙදා දීමට තමාට සිදුවන බව ඔහු කියා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල සන්ධානය අතර පැවැත්වෙන යුද්ධයෙන් අපහසුතාවට පත්වන අලුත්ම අංශය බවට ළඟ එන එංගලන්ත ග්‍රීෂ්ම සෘතුවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව තිබෙන්නේ එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) උග්‍ර ඩියුක්ස් (Dukes) පන්දු හිඟයකට මුහුණ දී සිටින බැවින්.

යුද්ධය විසින් ගල්ෆ් මුහුදේ ප්‍රධාන නැව් මාර්ග කඩාකප්පල් කර ඇති බැවින් ECBය සතුව තිබෙන්නේ ළඟදීම එංගලන්තයේ ආරම්භ වන ජාත්‍යන්තර ග්‍රීෂ්ම සෘතු තරගාවලිය හා ප්‍රාන්ත ශූරතාවලියේ ක්‍රීඩා වාරය සඳහා අවශ්‍ය වන සාමාන්‍ය පන්දු තොගයෙන් සියයට 50ක ප්‍රමාණයක් පමණක් බව වාර්තා වනවා. ‌මේ අනපේක්ෂිත සිදුවීමෙන් අප්‍රේල් 3 වැනිදා ආරම්භ වීමට නියමිත එංගලන්ත ගිම්හාන ක්‍රිකට් ක්‍රීඩාවේ තරග වැඩසටහනට බාධා පැමිණීමට ඉඩ තිබෙනවා.

ඩියුක්ස් ආයතනය සෑම ග්‍රීෂ්ම සෘතුවක් සඳහා ම පන්දු 4,000 සහ 5,000 අතර ප්‍රමාණයක් බැගින් නිෂ්පාදනය කරනවා. මේ පන්දු සදන්නේ ස්කොට්ලන්ත ඇබඩීන් ඇන්ගස් ගවයින්ගේ හමෙන්. එංගලන්තයේ චෙස්ටෆීල්ඩ් නගරයේදී සම් පදම් කිරීමෙන් පසුව ඒවා මැසීම සඳහා දකුණු ආසියාවට ගුවනින් ගෙන යනවා.

තමාගේ නිෂ්පාදන දකුණු ආසියාවේ මැසීම සඳහා වැයවන මුදල ක්‍රමිකව ඉහළ යාම පිළිබඳව ඩියුක්ස් පන්දු නිපදවන සීමාසහිත බ්‍රිතාන්‍ය ක්‍රිකට් පන්දු (British Cricket Balls Ltd) ආයතනයේ හිමිකරු දිලිප් ජාජොඩියා අනතුරු අඟවා තිබෙනවා. මැද පෙරදිග පවතින ‘විකාර’ යුද්ධය නිසා ඒ ඒ කණ්ඩායම්වලට ලබා දෙන පන්දු සංඛ්‍යාව සලාක ක්‍රමයකට බෙදා දීමට තමාට සිදුවන බව ඔහු කියා තිබෙනවා.

xfgdrtrr

ක්‍රීඩා වාරය ආරම්භයේදී ක්‍රීඩා සමාජවලට ලබා දෙන පන්දු ප්‍රමාණයෙන් සියයට 50ක් පමණක් ඔවුන්ට සීමා කර ඉන්පසුව ප්‍රශ්නය කළමනාකරණය කළ යුතු බව ජාජොඩියා ප්‍රකාශ කරනවා. “පිටකරන්න සූදානම් කළ බෝල ඕනතරමක් උපමහාද්වීපයේ අපේ කර්මාන්ත ශාලාවල තියෙනවා. නමුත් ගුවන් ගමන් අවහිරය නිසා ගුවන්යානා ඒ බඩු ප්‍රවාහනය කරන්නේ නැහැ” යනුවෙන් ඔහු පවසනවා.

“මිලත් ඉහළ ගොස් තිබෙනවා. ක්‍රිකට් බෝල 120ක පෙට්ටියකට ගුවන් සේවාවක් සාමාන්‍යයෙන් අය කරන්නේ කිලෝවකට ඩොලර් 5ක් විතර. නමුත් අන්තිමට මට ලැබුනේ කිලෝවකට ඩොලර් 15ක මිලක්. මේ පන්දුවලින් වැඩි ප්‍රමාණයක් යන්නේ මැද පෙරදිග හරහා. නමුත් එක පාරටම ඔබ වටේ රොකට් පියාසර කරන විට, ඒක ලොකු ප්‍රශ්නයක්.”

මීට පිළිතුරක් වශයෙන්, ශ්‍රී ලංකාව වැනි රටවල් හරහා වක්‍රකාරව සිදුකරන මාරු වීම් ඇතුළුව විකල්ප නැව් මාර්ග පිළිබඳව සලකා බැලෙමින් තිබෙනවා. මිල තවත් ඉහළ යාමට ඉඩ ඇතත්, විසඳුම් සොයා ගැනීම ගැන විශ්වාසයෙන් පසුවන ජාජොඩියා අවශ්‍ය වුවහොත් කුලියට බඩු ප්‍රවාහනය කරන ගුවන් සේවා යොදා ගැනීම පිළිබඳව පවා සඳහන් කර තිබෙනවා.

“කවුරු හරි කෙනෙක් මොනවාදෝ දෙයක් පාකිස්තානයේ ඉඳන් ශ්‍රී ලංකාවට ගුවනින් ගෙන ගියා කියලා කියනවා මට ඇහුනා. ඒක අපට තියෙන තවත් මාර්ගයක්. මනුස්ස වර්ගයා ක්‍රම හොයාගනීවි. ඒවා මිල අධික වෙන්න පුළුවනි. නමුත් ඒක කරන්න විදියක් සොයාගත යුතුයි. අවසානයේ, බඩු ප්‍රවාහනය කරන්නන්ට කුලී ගුවන් යානා යොදා ගන්න සිදුවේවි.”

ප්‍රාන්ත ශූරතාවලියේ සමහර තරග සඳහා කූකබුරා (Kookaburra) පන්දු භාවිතා කිරීමේ අදහස ඉවත් කළ  ECBය දැන් උද්ගතව තිබෙන මේ තත්ත්වය ඔවුන්ට නින්දෙන් අවදිවන ලෙසට කරන ලද සංඥාවක් ලෙසින් දකින බවට වාර්තා වනවා.

කොවිඩ් වසංගත සමයෙන් පසුව පන්දුවල තත්ත්වයේ අඩු වීමක් පිළිබඳව ක්‍රීඩකයින් පැමිණිලි කර තිබියදීත්, ඩියුක්ස් පන්දුව එංගලන්ත වෙළෙඳ පොලේ ඔවුන්ගේ ඒකාධිකාරය නැවත අත්කර ගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...