The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායමෙන් සටන්කාමී ජයග්‍රහණයක්: අනාගතය දීප්තිමත්! ඔ‌හොම යං...

T

The Leader Desk

March 24, 2026 • 10:45 AM

ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායමෙන් සටන්කාමී ජයග්‍රහණයක්: අනාගතය දීප්තිමත්! ඔ‌හොම යං...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලේ අගනුවර පැවැත්වෙන දකුණු ආසියානු වයස අවුරුදු 20න් පහළ පාපන්දු ශූරතාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සහභාගි වූ පළමු තරගයෙන් ම සත්කාරක මාල දිවයින ගෝල් 3-2කින් පරාජය කළේ ශ්‍රී ලංකා යොවුන් ජාතික පාපන්දු කණ්ඩායමක එදා මෙදා තුර එක් විශිෂ්ටතම ජයග්‍රහණයක් වාර්තා කරමින්.
  • තරගයේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තුවකට පසුව මොහමඩ් කතීම් ගෝලයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පළමු වතාවට මේ තරගයේ පෙරමුණට ගෙන ආ අතර ඉන්පසුව 63 වැනි මිනිත්තුවේදී අහමඩ් හිජාසි ගෝලයක් වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකාව තරගයේ සම තත්ත්වයට පිවිසියා.
  • තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු වුනේ 88 වැනි මිනිත්තුවේදී ලැබුනු පෙනල්ටිය එම්.අබ්දුල්ලා විසින් සාර්ථකව එල්ල කිරීමෙන්.
  • ශ්‍රී ලංකාවේ අනාගත පාපන්දු වීරයින්ට ඉතා වැදගත් වන මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පාපන්දුව නිවැරදි දිසාවට ගමන් කරන බව තහවුරු කරන සැබෑ සාක්ෂියක් බව පාපන්දු විශාරදයින් ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ජයග්‍රහණය වඩාත් සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාව තරගයේ පළමු භාගයේ ගෝල් 0-2කින් පිටුපසින් සිට දෙවැනි භාගයේදී ප්‍රබල ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කරමින් නැවත තරගයට අවතීර්ණ වීමයි.

තරගයේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තුවකට පසුව මොහමඩ් කතීම් ගෝලයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පළමු වතාවට මේ තරගයේ පෙරමුණට ගෙන ආ අතර ඉන්පසුව 63 වැනි මිනිත්තුවේදී අහමඩ් හිජාසි ගෝලයක් වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකාව තරගයේ සම තත්ත්වයට පිවිසියා. තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු වුනේ 88 වැනි මිනිත්තුවේදී ලැබුනු පෙනල්ටිය එම්.අබ්දුල්ලා විසින් සාර්ථකව එල්ල කිරීමෙන්.

 

WhatsApp Image 2026 03 24 at 2.46.27 PM
‌මේ සටන්කාමී තරුණ ජයග්‍රහණයෙන් යළි සහතික කෙරෙන්නේ ශ්‍රී ලාංකේය පාපන්දුවේ ශක්තිමත් නැගී සිටීමයි. ශ්‍රී ලංකාවේ අනාගත පාපන්දු වීරයින්ට ඉතා වැදගත් වන මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පාපන්දුව නිවැරදි දිසාවට ගමන් කරන බව තහවුරු කරන සැබෑ සාක්ෂියක් බව පාපන්දු විශාරදයින් ප්‍රකාශ කරනවා.

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය අට වැනි වරට සංවිධානය කරන 2026 දකුණු ආසියානු වයස අවුරුදු 20න් පහළ ශූරතාවලිය (SAFF U20 Championship) මාලේ අගනුවර ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙනවා. දකුණු ආසියානු කලාපයේ අවුරුදු 20න් පහළ පිරිමි ජාතික කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් වන මෙය සංවිධානය කරන්නේ දකුණු ආසියානු පාපන්දු සම්මේලනයයි (SAFF).

රටවල් හතක් මේ තරගාවලියට සහභාගි වන අතර එම කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය හා සත්කාරක රට වන මාල දිවයිනයි.

 

malemale 2
warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...