The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මාල දිවයින සමග තරගයේදී ආබාධයට ලක්වූ ගෝල් රකින්නාට අනතුරක් නැහැ - වෛද්‍ය වාර්තාව

T

The Leader Desk

March 25, 2026 • 9:39 AM

මාල දිවයින සමග තරගයේදී ආබාධයට ලක්වූ ගෝල් රකින්නාට අනතුරක් නැහැ - වෛද්‍ය වාර්තාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර පැවති දකුණු ආසියානු අවුරුදු 20න් පහළ පාපන්දු තරගයේදී හිසේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල් රකින්නා වන ෂාතින් ජාහීඩ් හොඳින් සුවය ලබමින් සිටින බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අද නිවේදනය කළා.
  • එහිදී අවශ්‍ය සියලු පරීක්ෂණ සිදුකෙරුනු අතර ස්නායු වෛද්‍ය විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම නිසි වේලාවට සිදු කෙරුනු බව එම වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබෙනවා.
  • සම්මත කම්පන කළමනාකරණ නිර්ණායකයන්ට අනුව මේ ක්‍රීඩකයා ක්‍රමක්‍රමයෙන් නැවත ක්‍රීඩාවට අවතීර්ණ වීමේ ක්‍රියාවලියකට බඳුන්ව සිටින බව ද එම වාර්තාවෙන් ප්‍රකාශ වනවා.
  • කණ්ඩායමේ වෛද්‍යවරයා ඔහුගේ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාහීඩ්ගේ හිසට සිදුවූ ආබාධයේ මුදු ලක්ෂණ තවමත් තිබුන ද ඔහුගේ තත්ත්වය සායනිකව දියුණු වෙමින් තිබෙන බවත් යළි ප්‍රකෘති තත්ත්වයට පත්වීම හොඳින් සිදුවෙමින් තිබෙන ඔහුගෙන් කිසිම අනතුරක සේයාවක් දිස්නොවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග මාලේ අගනුවර සිටින වෛද්‍ය කේ.එන්. සිතුම් (MBBS, Pg. Dip. in Sports Medicine/Medical Officer-LRH/Asia Rugby Match Day Doctor – WR ICIR L2, WR MDD) නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙනවා.

ජාහීඩ්‌ හිසේ ආබාධයට ලක්වූ සැණින් හදිසි ප්‍රථමාධාර වෛද්‍ය කණ්ඩායම ලබා දුන්  සත්කාරවලින් පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාලේ හි ඉන්දිරා ගාන්ධි අනුස්මරණ රෝහල වෙත ගෙන ගියා. එහිදී අවශ්‍ය සියලු පරීක්ෂණ සිදුකෙරුනු අතර ස්නායු වෛද්‍ය විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම නිසි වේලාවට සිදු කෙරුනු බව එම වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

ජාහීඩ්ව අද රෝහලෙන් පිටත් කළ අතර ඔහු දැන් වෛද්‍ය අධීක්ෂණය යටතේ කණ්ඩායමේ හෝටලයේ විවේක ගනිමින් සිටිනවා. සම්මත කම්පන කළමනාකරණ නිර්ණායකයන්ට අනුව මේ ක්‍රීඩකයා ක්‍රමක්‍රමයෙන් නැවත ක්‍රීඩාවට අවතීර්ණ වීමේ ක්‍රියාවලියකට බඳුන්ව සිටින බව ද එම වාර්තාවෙන් ප්‍රකාශ වනවා. කණ්ඩායමේ වෛද්‍යවරයා ඔහුගේ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබෙනවා.

“ක්‍රීඩකයා ගැන මම මගේ අවසාන පරීක්ෂණය සිදුකළේ ඊයේ (24) පස්වරු 10.00 ට පමණ. එහිදී සොයා ගැනුනේ සාමාන්‍ය දේවල්. මම ඔහුව දිගටම සමීපව අධීක්ෂණය කරමින් සිටින අතර ඔහුගේ ප්‍රගතිය හා නැවත ක්‍රීඩාවට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙන් පාපන්දු සම්මේලනය දැනුවත් කරන්නම්” යනුවෙන් කේ.එන්.සිතුම් වෛද්‍යවරයා පවසා තිබෙනවා.

ඒ අනුව, ක්‍රීඩකයාට අප්‍රමාදව ප්‍රතිකාර සැලසීම පිණිස අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රකාශ කරන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ඔහුගේ ශරීර යෝග්‍යතාවේ තත්ත්වය පිළිබඳව සමීප අධීක්ෂණයක යෙදෙමින් ඔහුගේ ආරක්ෂාව හා ශරීර සනීපයට තමන්ගේ ඉහළම ප්‍රමුඛතාව ලබා දෙන බවට සහතික වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...