The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කාන්තාවන්ට වෙනස්කම් කරන ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා නොකිරීමට අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර

T

The Leader Desk

March 25, 2026 • 12:06 PM

කාන්තාවන්ට වෙනස්කම් කරන ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා නොකිරීමට අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තාවන්ට ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙන ඇෆ්ගනිස්තානය ට එරෙහිව ක්‍රීඩා නොකිරීමේ නිදහස අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලබා දී තිබෙනවා.
  • ග්‍රෑම් වෙස්ට් ටලිබාන්වරු 2021 වසරේ ඇෆ්ගනිස්තානයේ නැවත බලයට පත්වීමෙන් පසුව එරට කාන්තාවන්ගේ ක්‍රීඩා සහභාගිත්වය තහනම් කර තිබෙනවා.
  • පසුගිය වසරේදී එංගලන්තය චැම්පියන්ස් කුසලාන තරගයකදී ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා කළේ තරගය වර්ජනය කරන ලෙසට ප්‍රබල හඬක් මතුව තිබියදී.
  • සදාචාරාත්මක අසහනයක් ඇතිව තිබියදීත් තමන් ඇෆ්ගනිස්තාන තරගමාලාව සමග ඉදිරියට යන බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය කලින් ප්‍රකාශ කර තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ අනුව, කාන්තා අයිතීන් පාගා දමා ඇති ඇෆ්ගනිස්තානය සමග ක්‍රිකට් තරගමාලාවට සහභාගි නොවීමට තීරණය කරන අයර්ලන්ත ක්‍රීඩකයින්ට ඒ සඳහා අවසර ලැබෙනවා.

අයර්ලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ උසස් කාර්ය සාධන අධ්‍යක්ෂ ග්‍රෑම් වෙස්ට් (Graeme West) මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග පහක් ක්‍රීඩා කිරීම සඳහා අගෝස්තු මාසයේ උතුරු අයර්ලන්තයේ බ්‍රෙඩි නගරයට පැමිණෙන බවට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර දින කිහිපයකට පසුව.

768bde67 c967 4660 8a7d a0d6ff5a5a44.originalග්‍රෑම් වෙස්ට්

ටලිබාන්වරු 2021 වසරේ ඇෆ්ගනිස්තානයේ නැවත බලයට පත්වීමෙන් පසුව එරට කාන්තාවන්ගේ ක්‍රීඩා සහභාගිත්වය තහනම් කර තිබෙනවා. පසුගිය වසරේදී එංගලන්තය චැම්පියන්ස් කුසලාන තරගයකදී ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා කළේ තරගය වර්ජනය කරන ලෙසට ප්‍රබල හඬක් මතුව තිබියදී.

සදාචාරාත්මක අසහනයක් ඇතිව තිබියදීත් තමන් ඇෆ්ගනිස්තාන තරගමාලාව සමග ඉදිරියට යන බව අයර්ලන්ත ක්‍රිකට් ආයතනය කලින් ප්‍රකාශ කර තිබුණා.

ඇෆ්ගනිස්තානය සමග තරග මඟහැරීම සඳහා ක්‍රීඩකයෙකුට තිබෙන තෝරාගැනීමේ අයිතියට ගරු කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් තිබෙන මතය මැන බැලීම පිණිස පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙක සමග ආයතනය සාකච්ඡා පවත්වා ඇති බවත් වෙස්ට් කියා සිටිනවා.

ඇෆ්ගනිස්තානයේදී කාන්තාවන් මුහුණ දෙන අභියෝග හේතුවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමට සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් සදාචාරාත්මක අසහනයක් දැනෙන බව සාරා කීන් (Sarah Keane) පවසනවා.

 

35fac522 958f 496e a829 1239db27a131 5472x3648Sarah Keane
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) පූර්ණ සාමාජික රටක පළමු ස්ථිර කාන්තා ප්‍රධාන විධායක නිලධාරි තනතුරට කීන් පත්කරනු ලැබුවේ මේ මාසයේ. පසුගිය සතියේ උණුසුම් මුහුණුවරකින් පැවති අයර්ලන්ත ක්‍රිකට් මණ්ඩලයේ මිනිත්තු 90ක රැස්වීමේ එකම මාතෘකාව වී තිබුනේ ඒකමතිකව නොවුනත් අවසානයේදී අනුමත වූ ඇෆ්ගනිස්තාන තරගමාලාව සමග ඉදිරියට යාම පිළිබඳව බව ඇය පැවසුවා.

“මේ තීරණයට එළඹීමේදී ඇෆ්ගනිස්තාන ආණ්ඩුව විශේෂයෙන් කාන්තාවන්ට සලකන දුෂ්ට ආකාරය ගැන අපි සියලු දෙනාම තුළ තිබූ සදාචාර අපහසුව මම කලින්ම පිළිගන්න ඕන ” කීන් සඳහන් කළා.

අගෝස්තු මාසයට යෙදෙන තරගමාලාව සමග ඉදිරියට යාමේ මූලික හේතුව නව ප්‍රධාන විධායක නිලධාරිනිය මෙසේ විස්තර කළා.

“අපේ ක්‍රිකට් මණ්ඩලයේ සියයට 40ක් කාන්තාවන්. අපි ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා කරමින් ICCයේ පූර්ණ සාමාජිකයෙකු වශයෙන් අපට තිබෙන යුතුකම් වගකීමෙන් යුතුව බාර ගැනීම අපේ සමස්ත තීරණය වුණා.”

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාන්තාවන්ට වෙනස්කම් කරන ඇෆ්ගනිස්තානය සමග ක්‍රීඩා නොකිරීමට අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවසර | The Leader