The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉරාන පාපන්දු ක්‍රීඩකයෝ පාසල් බෑග් අතේ දරාගෙන ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය ප්‍රාථමික පාසල් දරුවන් සිහි කරති

T

The Leader Desk

March 29, 2026 • 3:35 PM

ඉරාන පාපන්දු ක්‍රීඩකයෝ පාසල් බෑග් අතේ දරාගෙන ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය ප්‍රාථමික පාසල් දරුවන් සිහි කරති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ ජාතික පාපන්දු කණ්ඩායම තරගයක් ආරම්භ වීමට පෙර ඔවුන්ගේ ජාතික ගීය වාදනය වෙද්දී කළු අත්පටි පැළඳ
  • ඉරාන ක්‍රීඩකයින් මෙසේ පෙනී සිටියේ ඉරාන යුද්ධයේ පළමු දිනයේදී එරට ප්‍රාථමික විදුහලකට එල්ල කළ මාරක ප්‍රහාරයට විරෝධය පෑමක් ලෙසින්.
  • Shajareh Tayyebeh පාසලට පසුගිය මාසයේ සිදුකළ ප්‍රහාරයෙන් දරුවන් 110 දෙනෙකු පමණ ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 168 දෙනෙකු මිය ගිය බව ඉරාන නිලධාරීන් පවසා තිබුණා.
  • දකුණු ඉරානයේ මිනාබ් නුවර පිහිටි මේ කුඩා දරුවන්ගේ පාසලට එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරය පිළිබඳව තමන්ගේ හමුදාවන් වගකිවයුතු බවට අමෙරිකානු හමුදා පරීක්ෂකයින් විශ්වාස කරන බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාසල් බෑග් අතේ දරාගෙන ගෙන සිටි දුර්ලභ දසුන ඉතාමත් හැඟීම්බර මොහොතක් වුණා. ඉරාන ක්‍රීඩකයින් මෙසේ පෙනී සිටියේ ඉරාන යුද්ධයේ පළමු දිනයේදී එරට ප්‍රාථමික විදුහලකට එල්ල කළ මාරක ප්‍රහාරයට විරෝධය පෑමක් ලෙසින්.

Shajareh Tayyebeh පාසලට පසුගිය මාසයේ සිදුකළ ප්‍රහාරයෙන් දරුවන් 110 දෙනෙකු පමණ ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 168 දෙනෙකු මිය ගිය බව ඉරාන නිලධාරීන් පවසා තිබුණා.

දකුණු ඉරානයේ මිනාබ් නුවර පිහිටි මේ කුඩා දරුවන්ගේ පාසලට එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරය පිළිබඳව තමන්ගේ හමුදාවන් වගකිවයුතු බවට අමෙරිකානු හමුදා පරීක්ෂකයින් විශ්වාස කරන බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එහි සොයාගැනීම් ප්‍රසිද්ධ කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් ප්‍රධානියා අමෙරිකාව ට තදින් කියා තිබෙනවා.

තුර්කියේ නිවාඩු නිකේතනයක් වන බෙලෙක් නුවරදී නයිජීරියාව ට එරෙහිව පැවති මිත්‍ර තරගය ආරම්භ වීමට පෙර ඉරාන ක්‍රීඩකයින් පින්ක් හා දම් පැහැයෙන් යුත් පාසල් බෑග් දෑතේ දරා ගෙන සිටින අයුරු දක්නට ලැබුණා.

“ක්‍රීඩකයින් ඔවුන්ගේ පපුව ළඟින් පාසල් බෑග් අල්ලා ගෙන සිටින්නේ අමෙරිකානුවන් ඉරාන පාසලක මරා දැමූ බාලිකාවන් 165 දෙනා සිහිකිරීමටයි” ඉරාන පාපන්දු කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියා.

ඉරාන විප්ලවීය ආරක්ෂක සේනාංක සංකීර්ණයකට යාබදව පිහිටි පාසලට එල්ල කළ මේ දුෂ්ට ප්‍රහාරය පිළිබඳව ඉරාන නිලධාරීන් අමෙරිකාව හා ඊශ්‍රායලය ට දොස් නගා ඇතත් මේ එක් රටක්‌ හෝ එහි වගකීම බාරගෙන නැහැ.

ජූනි 11 සිට අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරානය සුදුසුකම් ලබා සිටියත් ඔවුන්ගේ සහභාගිත්වය තවමත් අවිනිශ්චිතව තිබෙනවා. ඉරානය ඔවුන්ගේ ලෝක කුසලාන මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවැත්වෙන නවසිලන්තය හා බෙල්ජියම ට එරෙහි තරග සහ සිඇටල් නගරයේදී ඊජිප්තුව ට එරෙහිව පැවැත්වෙන ඔවුන්ගේ අවසන් මූලික වට තරගයෙන්.

කෙසේ වෙතත්, ඉරානය ඔවුන්ගේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ නම් ඔවුන් තරගාවලියට සහභාගි වීම යෝග්‍ය නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

අඛණ්ඩව සිවු වැනි වරටත් සුදුසුකම් ලැබූ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීම පිණිස ඉරාන කණ්ඩායම අමෙරිකාවේ සංචාරය නොකරන බව ඉරාන පාපන්දු සම්මේලනයේ ප්‍රධානී මෙහ්දි ටාජ් කියා තිබෙනවා.

“ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමේ ආරක්ෂාව ගැන තමන්ට සහතිකයක් දිය නොහැකි බවට ට්‍රම්ප් පැහැදිලිව කියා තිබියදී, අපි කොහෙත්ම අමෙරිකාවට යන්නේ නැහැ” යනුවෙන් මෙහ්දි පවසා තිබෙනවා.

ඉරානයේ තරග මෙක්සිකෝවේ පවත්වන ලෙසට තමා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා තිබුන ද, ගෝලීය පාපන්දු පාලකයින් එය ප්‍රතික්ෂේප කර ඇති සෙයක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන පාපන්දු ක්‍රීඩකයෝ පාසල් බෑග් අතේ දරාගෙන ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය ප්‍රාථමික පාසල් දරුවන් සිහි කරති | The Leader