The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'සතිඅන්තයේ බෝලෙකට පයින් ගහනවා, සතියේ දිනවල මිනිසුන්ට වෙඩි තියනවා!' - පාපන්දු ලෝකය කැලඹෙයි

T

The Leader Desk

March 30, 2026 • 9:33 AM

'සතිඅන්තයේ බෝලෙකට පයින් ගහනවා, සතියේ දිනවල මිනිසුන්ට වෙඩි තියනවා!' - පාපන්දු ලෝකය කැලඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලයේ පාපන්දු ක්‍රීඩකයෙක් ඊශ්‍රායල හමුදාවන් දකුණු ලෙබනනයේ සිදුකරන ප්‍රහාරවලට ක්‍රියාකාරීව සහභාගි වන අයුරු දිස්වීමෙන් පසුව පාපන්දු ලෝකයේ කැලඹීමක් හටගෙන තිබෙනවා.
  • එම වීඩියෝව දකුණු ලෙබනනයේ සිදුකරන ඊශ්‍රායල හමුදා ප්‍රහාරය පෙන්වන්නක් බවට ‘අල් ජසීරා’ පුවත් සේවය තහවුරු කර තිබෙනවා.
  • ඊශ්‍රායල් ප්‍රිමිය ලීගයේ හැපෝ හඩේවා (Hapoel Hadera) කණ්ඩායමට ක්‍රීඩා කරන සල්කා ඊශ්‍රායල හමුදාවේ පැරෂුට් සේනාංකයට බඳවා ගෙන සිටින අතිරේක භටයෙකු බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
  • ‌දකුණු ලෙබනනයේ නේවාසික ප්‍රදේශයක හානියට පත් ගොඩනැගිල්ලක සිට 35 හැවිරිදි සල්කා තවත් ඊශ්‍රායල හමුදා සොල්දාදුවෙක් සමග වෙඩි තබන අයුරු එම වීඩියෝවෙන් දිස්වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අමෙරිකා-ඊශ්‍රායල සන්ධානය ඉරානය ට එරෙහිව කරන යුද්ධය මධ්‍යයේ මේ ක්‍රීඩකයා හමුදා නිල ඇඳුමින් සැරසී දකුණු ලෙබනනයේ වෙඩි තබන සැටි දර්ශනය වීමෙන් පසුව ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙසට පාපන්දු නිලධාරීන් හා ක්‍රීඩා ලෝලීන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලා තිබෙනවා.

ඊශ්‍රායල යුද හමුදා නිල ඇඳුමෙන් යුත් මෙනාෂී සල්කා (Menashe Zalka) ස්වයංක්‍රීය  තුවක්කුවකින් වෙඩි තබමින් අත් බෝම්බයක් ද විසිකරන අන්දම ඊශ්‍රායලයේ 14 වැනි චැනලය විසින් සෙනසුරාදා පෝස්ට් කරනු ලැබූ සමාජ මාධ්‍ය වීඩියෝවක දැක්වෙනවා. එම වීඩියෝව දකුණු ලෙබනනයේ සිදුකරන ඊශ්‍රායල හමුදා ප්‍රහාරය පෙන්වන්නක් බවට ‘අල් ජසීරා’ පුවත් සේවය තහවුරු කර තිබෙනවා.

29512541 219300808649120 2319191320893063168 n
ඊශ්‍රායල් ප්‍රිමිය ලීගයේ හැපෝ හඩේවා (Hapoel Hadera) කණ්ඩායමට ක්‍රීඩා කරන සල්කා ඊශ්‍රායල හමුදාවේ පැරෂුට් සේනාංකයට බඳවා ගෙන සිටින අතිරේක භටයෙකු බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

‌දකුණු ලෙබනනයේ නේවාසික ප්‍රදේශයක හානියට පත් ගොඩනැගිල්ලක සිට 35 හැවිරිදි සල්කා තවත් ඊශ්‍රායල හමුදා සොල්දාදුවෙක් සමග වෙඩි තබන අයුරු එම වීඩියෝවෙන් දිස්වනවා.

සල්කා මීට පෙර ගාසා හි ඊශ්‍රායලය සිදුකළ සමූල ඝාතන යුද්ධයේ ද කොටස්කරුවෙකුව සිටි බව පැවසෙනවා.

හමුදා ප්‍රහාරයට සල්කාගේ සහභාගිත්වය පිළිගත නොහැකි බව පලස්තීන පාපන්දු නිලධාරීන් ප්‍රකාශ කරනවා.

ලෙබනනයේ සිදුකරන ඊශ්‍රායල ප්‍රහාරයේ සල්කාගේ සහභාගිත්වය පෙන්නුම් කරන වීඩියෝවෙන් පසුව ඊශ්‍රායල පාපන්දු සංගමය (IFA) තහනම් කරන ලෙසට FIFA ට කරන ඉල්ලීම් අලුත් කිරීමට පාපන්දු නිලධාරීන් හා ක්‍රීඩා ලෝලීන් පෙලඹී සිටිනවා. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෑතකදී ඊශ්‍රායල පාපන්දු සම්මේලනයට ස්විස් ෆ්‍රෑන්ක්ස් 150,000ක (ඩොලර් 189,000) දඩයක් නියම කළා.

ක්‍රීඩකයින්ට කරන වෙනස්කම්වලට විරෝධී වගකීම් කිහිප අවස්ථාවකම උල්ලංඝනය කිරීමට IFA වරදකරු බවට FIFA විනය කමිටුව මාර්තු 19 වැනිදා තීරණය කළ ද, පලස්තීන පාපන්දු සංගමය (PFA) හා මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වලින් කෙරුනු ප්‍රබල ඉල්ලීම් තිබියදීත් FIFA ඊශ්‍රායල පාපන්දු සංගමය තහනම් කළේ නැහැ.

Screenshot 2026 03 30 141317

“තුවක්කුවේ කොකා ගැස්සීමෙන් සතුටු වන අතරතුර දකුණු ලෙබනනය පුරා වෙඩි තබමින් ග්‍රෙනේඩ විසිකරන හැපෝ හඩේවා කණ්ඩායමේ නායක මෙනාෂී සල්කා ට ඊශ්‍රායලයේ 14 වැනි නාලිකාව ප්‍රශංසා කරනවා” යැයි PFA හි උපසභාපතිනි සුසාන් ශලාබි (Susan Shalabi) කියා සිටින්නේ X වේදිකාවේ පෝස්ටුවකින්.

ඊශ්‍රායල පාපන්දුවේ වර්ගවාදී සිදුවීම් ගණනාවක් පිළිබඳව පලස්තීන පාපන්දු සංගමය 2024 ඔක්තෝබරයේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට කරුණු ඉදිරිපත් කළ අතර FIFA ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ ද පලස්තීනුවන් ඉල්ලා සිටි පරිදි ඊශ්‍රායලයට තහනමක් පැනවූයේ නැහැ.

2022 වසරේදී යුක්රේනය ආක්‍රමණය කළ රුසියාව ට තහනමක් පැනවීමට ඉක්මන් වූ FIFA සහ යුරෝපීය පාපන්දු බලධාරීන් වන UEFA, ගාසා තීරයේ මිනිස් සංහාරයක යෙදී සිටින ඊශ්‍රායලය ට එරෙහිව ක්‍රියා නොකිරිමේ දෙබිඩි පිළිවෙතට පාපන්දු ක්‍රීඩා ලෝලීන් හා පාපන්දු විශාරදයින් කිහිප දෙනෙකුම දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

හමුදාමය ප්‍රහාරයක ඊශ්‍රායල පාපන්දු ක්‍රීඩකයෙකුගේ ක්‍රියාකාරී සහභාගිත්වයේ මේ ආසන්නතම සිදුවීම නිසා IFA ට මෙන්ම සල්කා ට ද ක්‍රීඩාව තහනම් කරන ලෙසට නැගෙන ගෝලීය හඬ තවත් ප්‍රබල වී තිබෙනවා.

518305618 1270474007790629 4514561178947084798 n

“ඊශ්‍රායල් ක්‍රීඩකයින් යුද අපරාධවලට සම්බන්ධ බව FIFA දන්නවා. එහෙම තියෙද්දීත් ඔවුන් කිසිම දෙයක් කරන්නේ නැහැ” යනුවෙන් පාපන්දු ලියුම්කරු ලෙයිලා හමිඩ් (Leyla Hamed) පෝස්ටුවකින් සඳහන් කර තිබෙන්නේ “සතිඅන්තයේ බෝලයකට පයින් ගහනවා, සතියේ දිනවල දරුණු ම්ලේච්ඡ ක්‍රියාවන්හි නිරත වනවා” යනුවෙන් ද පවසමින්.


warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...