The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සෙනෙගාලය තමන්ට අයිති නැති කුසලානයක් ප්‍රදර්ශන කරමින් සතුටු වෙයි

T

The Leader Desk

March 30, 2026 • 11:41 AM

සෙනෙගාලය තමන්ට අයිති නැති කුසලානයක් ප්‍රදර්ශන කරමින් සතුටු වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙනෙගාලය ඔවුන්ට අයිති නැති අප්‍රිකානු පාපන්දු කුසලානයක් ප්‍රදර්ශනය කරමින් සෙනසුරාදා සතුටු වුණා.
  • ජනවාරියේ පැවති 2025 අප්‍රිකානු පාපන්දු ශූරතාවලියේ අවසාන තරගයේ ප්‍රතිඵලය අවලංගු කළ අප්‍රිකානු පාපන්දු සම්මේලනය (CAF) මොරොක්කෝව ජයග්‍රාකයින් බවට නිවේදනය කළා.
  •   අවසාන තරගය 0-0ක්ව තිබියදී තරගයේ අවසන් මොහොතේ සත්කාරක මොරොක්කෝව ට පෙනල්ටියක් පිරිනැමීමට විරෝධය පළ කරමින් සෙනෙගාලයේ ක්‍රීඩකයින් පිටියෙන් ඉවත්ව ගියා.
  • මිනිත්තු 17ක් පමණ ප්‍රමාද වී ඔවුන් නැවත පිටියට පැමිණීමෙන් පසුව මොරොක්කෝව ට පෙනල්ටිය සාර්ථකව එල්ල කිරීමට නොහැකි වූ අතර සෙනාගාලය අතිරේක කාලයේ ජයග්‍රාහී ගෝලයක් වාර්තා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රංශයේ ප්‍රධාන ක්‍රීඩාංගණයේදී පෙරු කණ්ඩායමට එරෙහිව පැවති මිත්‍ර පාපන්දු තරගයට පෙර සෙනෙගාල ක්‍රීඩකයින් එසේ ප්‍රදර්ශනය කළේ අප්‍රිකානු පාපන්දු බලධාරීන් විසින් මේ මස මුලදී ඔවුන්ට අහිමි කරනු ලැබූ කිරුළක් වන AFCON (Africa Cup of Nations Trophy) කුසලානය.

ජනවාරියේ පැවති 2025 අප්‍රිකානු පාපන්දු ශූරතාවලියේ අවසාන තරගයේ ප්‍රතිඵලය අවලංගු කළ අප්‍රිකානු පාපන්දු සම්මේලනය (CAF) මොරොක්කෝව ජයග්‍රාකයින් බවට නිවේදනය කළා.

 

අවසාන තරගය 0-0ක්ව තිබියදී තරගයේ අවසන් මොහොතේ සත්කාරක මොරොක්කෝව ට පෙනල්ටියක් පිරිනැමීමට විරෝධය පළ කරමින් සෙනෙගාලයේ ක්‍රීඩකයින් පිටියෙන් ඉවත්ව ගියා.

මිනිත්තු 17ක් පමණ ප්‍රමාද වී ඔවුන් නැවත පිටියට පැමිණීමෙන් පසුව මොරොක්කෝව ට පෙනල්ටිය සාර්ථකව එල්ල කිරීමට නොහැකි වූ අතර සෙනාගාලය අතිරේක කාලයේ ජයග්‍රාහී ගෝලයක් වාර්තා කළා.

මොරොක්කෝ පාපන්දු සංගමය විසින් කරන ලද අභියාචනයකට අනුව, සෙනෙගාලය පිටියෙන් පිටව යාමෙන් ඔවුන් ප්‍රතිවාදීන්ට නිතරග ජයක් ලබා දුන් බවට තීරණය කළ CAF මොරොක්කෝව ජයග්‍රාහකයින් බවට තීරණය කළා.

b538f950bf5f7a5d3c3b213fd210476f7d7f312c

 

සෙනෙගාලය මේ තීරණය පිළිබඳව ඇපෑලක් ක්‍රීඩා බේරුම්කාර උසාවියට ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තීරණයක් හැකි ඉක්මනින් ලබා දෙන බව උසාවිය ප්‍රකාශ කර තිබෙනවා.

පෙරු සමග තරගයට පෙර සෙනෙගාල පාපන්දු නායකයා සහ ඔහුගේ කණ්ඩායමේ සගයින් AFCON කුසලානය සමග පිටියට පිවිස එය ප්‍රදර්ශනය කරමින් දිවගොස් ක්‍රීඩාංගණයේ ජනාධිපති කුටි‌යේ එය තැන්පත් කළා.

මීට අමතරව සෙනෙගාලය තමන් අප්‍රිකානු කිරුළු දෙකක් එනම් මතභේදාත්මක 2025 ශූරතාව සහ 2021 කිරුළ දිනා ගත් බව දන්වා සිටීම පිණිස ක්‍රීඩකයින්ගේ කමිසයේ ලාංජනයට ඉහළින් තරු දෙකක් පැළඳ සිටියා.


(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...