The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එනවයි කියලා ඇවිත් නැහැ: ලයනල් මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම රටවල් හයකට කෝටි ගණන් පොල්ල තියලා!

T

The Leader Desk

April 2, 2026 • 10:02 AM

එනවයි කියලා ඇවිත් නැහැ: ලයනල් මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම රටවල් හයකට කෝටි ගණන් පොල්ල තියලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ආජන්ටිනා පාපන්දු කණ්ඩායම මුදල් ලබා ගැනීමෙන් පසුවත් තරගයක් ක්‍රීඩා කිරීම සඳහා නොපැමිණීමෙන් ඉන්දියාවේ කේරල ප්‍රාන්තය රවටා ඇතැයි කේරල ක්‍රීඩා ඇමති වී. අබ්දුරාහිමන් ප්‍රකාශ කරනවා.
  • ඒ ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායමට රුපියල් කෝටි 250ක් ගෙවන්න අනුග්‍රාහකයින් සොයා ගැනීම ලෙහෙසි කාර්යයක් වුනේ නැහැ.
  • මේ සම්බන්ධයෙන් සොයා බලද්දී, ආජන්ටිනාව මේ දෙයම තවත් රටවල් පහකට සිදුකර තිබෙන අයුරු සොයා ගත් බව ඔහු කියා සිටිනවා.
  •   කේරල ක්‍රීඩා ඇමති වී.
අකුරු ප්‍රමාණය (Font Size):


ආජන්ටිනා පාපන්දු කණ්ඩායම හා ලයනල් මෙසී කේරලයට පැමිණ එහිදී තරගයක් ක්‍රීඩා කරනු දැකීමට තමන්ට ඇත්තෙන්ම උවමනා වී තිබූ බව ඔහු කියනවා.

“ඒ වෙනුවෙන් මම සාකච්ඡා කිහිපයක්ම පැවැත්වුවා. ඒ ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායමට රුපියල් කෝටි 250ක් ගෙවන්න අනුග්‍රාහකයින් සොයා ගැනීම ලෙහෙසි කාර්යයක් වුනේ නැහැ. නමුත් ඒ මුදල ලබා ගැනීමෙන් පසුව ආජන්ටිනා පාපන්දු කණ්ඩායම අපට වංචා කළා. එවැනි ද්‍රෝහී වීමක් අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වුනේ නැහැ. පොරොන්දු වීමෙන් පසුව ආවේ නැහැ” යනුවෙන් ඇමතිවරයා පවසනවා.

මේ සම්බන්ධයෙන් සොයා බලද්දී, ආජන්ටිනාව මේ දෙයම තවත් රටවල් පහකට සිදුකර තිබෙන අයුරු සොයා ගත් බව ඔහු කියා සිටිනවා.

 

1767086870558 cropped image කේරල ක්‍රීඩා ඇමති වී. අබ්දුරාහිමන්
“ඔවුන් ඒ රටවලිනුත් මුදල් ලබා ගෙන තිබුනත් ක්‍රීඩා කරන්න කවරදාකවත් එහෙ ගිහින් නැහැ. මෙය ආජන්ටිනා පාපන්දු කණ්ඩායමට එරෙහිව නඩුවක් පැවරිය යුතු තත්ත්වයක්. ඔවුන් අපට අලාභය ගෙවිය යුතුයි” අබ්දුරාහිමන් සඳහන් කරනවා.

තමා මහත් ආසාවෙන් ඔවුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි බැවින් ඔවුන්ගේ රැවටීම නිසා තමා තුළ කලකිරීමක් හා දුකක් ඇතිවූ බවත් ඔහු ප්‍රකාශ කරනවා.

“මේ වංචා කිරීමෙන් කේරලයේ පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු කඩකර තිබෙනවා. මගේ කනස්සල්ල ගැන කාට කියන්නදැයි මම දන්නේ නැහැ.”

ලෝක පාපන්දු ශූරයින් වන ආජන්ටිනා පාපන්දු කණ්ඩායම හා ලයනල් මෙසී මේ වසරේ මාර්තුවේ කේරලයට පැමිණෙන බවට ඇමතිවරයා පසුගිය වසරේ නොවැම්බරයේදී එහි ජනතාවට කියා තිබුණා.

(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එනවයි කියලා ඇවිත් නැහැ: ලයනල් මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම රටවල් හයකට කෝටි ගණන් පොල්ල තියලා! | The Leader