The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉතාලියේ නොනිමි සාපය: අඛණ්ඩව තෙවැනි වතාවටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට නෑ

T

The Leader Desk

April 2, 2026 • 2:48 PM

ඉතාලියේ නොනිමි සාපය: අඛණ්ඩව තෙවැනි වතාවටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිවු වතාවක් ලෝක ශූරයින් වූ ඉතාලිය අඛණ්ඩව තෙවැනි වරටත් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන්නේ නැහැ.
  •  තරගයේ අතිරේක කාලයෙන් පසුව ප්‍රතිඵලය 1-1ක් ලෙස සමව තිබීම නිසා පැවැත්වූ පෙනල්ටි එල්ල කිරීමේදී බොස්නියා කණ්ඩායම 4-1ක ජයග්‍රහණයක් අත්කර ගනිමින් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ ඉතාලිය අලුත් බියජනක සිහිනයක ගිල්වමින්.
  • ‌මේ අනුව, ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පිට පිට තෙවතාවක් සුදුසුකම් නොලැබූ පළමු හිටපු ශූරයින් බවට ඉතාලිය පත්වනවා.
  • ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්‌ගේ අවසාන ජයග්‍රහණය වාර්තා වුනේ වර්තමාන පුහුණුකරු ජෙනාරෝ ගුටීසෝ (Gennaro Gattuso) 2006 වසරේ ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියදී.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, මේ තරගාවලියට යුරෝපයෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා බොස්නියා-හර්සගොවිනා සමග පැවති තීරණාත්මක තරගයෙන් පරාජය වීම හේතුවෙන්.

 තරගයේ අතිරේක කාලයෙන් පසුව ප්‍රතිඵලය 1-1ක් ලෙස සමව තිබීම නිසා පැවැත්වූ පෙනල්ටි එල්ල කිරීමේදී බොස්නියා කණ්ඩායම 4-1ක ජයග්‍රහණයක් අත්කර ගනිමින් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ ඉතාලිය අලුත් බියජනක සිහිනයක ගිල්වමින්.

‌මේ අනුව, ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පිට පිට තෙවතාවක් සුදුසුකම් නොලැබූ පළමු හිටපු ශූරයින් බවට ඉතාලිය පත්වනවා. ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්‌ගේ අවසාන ජයග්‍රහණය වාර්තා වුනේ වර්තමාන පුහුණුකරු ජෙනාරෝ ගුටීසෝ (Gennaro Gattuso) 2006 වසරේ ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියදී. බොස්නියාව ‌මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ දෙවැනි වතාවට. ඒ, 2014 වසරෙන් පසුව ප්‍රථම වතාවට.

අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් ජූනි මස ඇරඹෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ මෙහෙයුමේදී ඉතාලියේ කඩාවැටීම පාපන්දු ලෝකය අන්දමන්ද කර තිබෙනවා. දුකෙන් සිටින ක්‍රීඩකයින් හා වේදනාවට පත් ක්‍රීඩා ලෝලීන්‌ගේ දර්ශනයෙන් සිතුවම් වී තිබෙන්නේ ක්‍රීඩා සීමා අභිභවා යාමකින් ඇතිවූ හදවතේ බිඳීමක චිත්‍රයක්.

ඉතා දක්ෂ ආරක්ෂාකාරී ක්‍රීඩාවක් හා ලෝක කුසලාන තරගාවලියේ පැටිකිරිය එක සමාන උසස් තත්ත්වයකින් කලක් පවත්වා ගෙන ගිය ඉතාලි කණ්ඩායම අවශ්‍යම මොහොතේදී පැකිළෙමින් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණයන්ගෙන් නිර්වචනය කර තිබූ ධෛර්යය හා උපායශීලී තත්ත්වය ඇතිකර ගැනීමට අපොහොසත් වුණා.

පාපන්දු උරුමයකින් ආඩම්බර වන රටකට ලෝකයේ ලොකුම පාපන්දු වේදිකාවේ අඛණ්ඩව තෙවැනි වරටත් නොපෙනී සිටීමෙන් සංස්කෘතික තුවාලයක් සිදුවූවාක් වැනි හැඟීමක් දැනෙන්නේ මෑත අසාර්ථකත්වයන්ගේ කැලල් යළි විවෘත කරමින් හා ඉතාලි පාපන්දුව ගමන් කරන දිසාව පිළිබඳ අපහසු ප්‍රශ්න මතු කරමින්.

මේ පසුබෑම මෙතරම් විකාරයක් බවට පත්ව තිබෙන්නේ මෑතකදී ඉතාලිය අත්කර ගත් යුරෝපීය ශූරතාවලියේ කීර්තිය සහ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ගමන් මඟ හසුරුවා ගැනීමේදී දිගටම ප්‍රදර්ශනය කර තිබෙන නොහැකියාව සැසැඳීමෙන්. ක්‍රීඩා මණ්ඩපවලින් දිස්වූ බලාපොරොත්තු සුන්වීම, ක්‍රීඩා විශාරදයින් තුළ තිබෙන අවිශ්වාසය හා පිටියේ ප්‍රදර්ශනය වූ නොමේරූ තත්ත්වයෙන් කැපී පෙනුනේ අනන්‍යතාවයේ අර්බුදයක්. මහාද්වීපික ප්‍රභාවක් තිබෙන කණ්ඩායමක් ගෝලීය වේදිකාවේදී මෙතරම් අනපේක්ෂිත ලෙස පැකිළී වැටෙන්නේ කෙසේද යන්න පිළිබඳව පාපන්දු ලෝකයට තිබෙන්නේ ලොකු ප්‍රශ්නාර්ථයක්.

ඉතාලිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ විද්‍යාමාන නොවීම ක්‍රීඩාමය කලකිරීමක් පමණක් නෙවෙයි. එය පාපන්දු යෝධයෙකුගේ නැවත නැවත සිදුවන විනාශයක් ද වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...