The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තුන් දිනක් දුර කතර ගෙවා පැමිණි ඉරාක පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අන්තිම ස්ථානය ඩැහැ ගනී

T

The Leader Desk

April 3, 2026 • 3:40 PM

තුන් දිනක් දුර කතර ගෙවා පැමිණි ඉරාක පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අන්තිම ස්ථානය ඩැහැ ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 ‌ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ 48 වැනි හා අවසාන කණ්ඩායම බවට ඉරාකය පත්වුණා.
  • ඉරාකය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මීට පෙර අවසන් වතාවට පෙනී සිටියේ 1986 වසරේ මෙක්සිකෝවේදී.
  • | DR Congo national football team මේ අතර, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අත්කර ගැනීමට තිබූ දෙවැනියට අවසාන ස්ථානය ඩැහැ ගැනීමට කොන්‌ගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව (DR Congo) සමත් වුනේ ජැමෙයිකාව ගෝල් 1-0කින් පරාජය කරමින්.
  • කොන්ගෝ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ වසර 52ක් බලා සිටීමෙන් පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):

වසර 40කට පසුව මේ තරගාවලියට ඔවුන් සුදුසුකම් ලබා ගත්තේ මෙක්සිකෝවේ පැවති අන්තර් මහාද්වීප තීරණාත්මක තරගයේදී බොලිවියාව ගෝල් 2-1කින් පරදවමින්.

මේ තරගය වෙනුවෙන් සූදානම් වීමේදී මැද පෙරදිග යුද්ධයේ නොයෙකුත් බාධාවන්ට මුහුණ දුන් ඉරාකය දැන් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී නෝවේ, ප්‍රංශය හා සෙනෙගාලය ‌‌ට එරෙහිව තරග වැදීමට නියමිතයි.

ඉරාකය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මීට පෙර අවසන් වතාවට පෙනී සිටියේ 1986 වසරේ මෙක්සිකෝවේදී.

මේ ජයග්‍රහණය ඉරාක පාපන්දු කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ආනොල්ඩ්‌ගේ විජයග්‍රහණයක් සලකුණු කරනවා. අමෙරිකා-ඊශ්‍රායල් සන්ධානය ඉරානය ට එල්ල කරන ගුවන් ප්‍රහාර නිසා මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන අවුල් සහගත තත්ත්වය හේතුවෙන් මේ සුදුසුකම් ලැබීමේ තීරණාත්මක තරගය අඟහරුවාදා නොපවත්වා වෙනත් දිනයකට කල්දමන ලෙසට ඔහු මුලදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා තිබුණා.

ඉරාක සංචිතයේ බොහෝ දෙනෙක් තරගය සඳහා මෙක්සිකෝව ට පැමිණියේ ජෝර්දානය ට පිවිසීම සඳහා ගොඩබිමෙන් දේශසීමාව හරහා යාම සමග බැග්ඩෑඩ් නගරයෙන් ඇරඹුනු දින තුනක අතිශය වෙහෙසකර ගමනකින් පසුවයි. එහෙත් තරගය පැවැත්වෙන විට එවැනි විඩාවක් මේ දිරිය කණ්ඩායමෙන් දිස්වූයේ නැහැ.

vchdyre| DR Congo national football team
මේ අතර, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අත්කර ගැනීමට තිබූ දෙවැනියට අවසාන ස්ථානය ඩැහැ ගැනීමට කොන්‌ගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව (DR Congo) සමත් වුනේ ජැමෙයිකාව ගෝල් 1-0කින් පරාජය කරමින්. කොන්ගෝ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ වසර 52ක් බලා සිටීමෙන් පසුව.

ඩී.ආර්. කොන්‌ගෝ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පිවිසෙන්නේ දෙවැනි වතාවට. ඒ, එම රට සයේ (Zaire) ලෙසින් හැඳින්වුනු කාලයේ 1974 වසරේ සුදුසුකම් ලැබ අර්ධ ශතකයකටත් වඩා වැඩි කාලයක් ගෙවී යාමෙන් පසුව. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබූ 10 වැනි අප්‍රිකානු රට වන ඔවුන් පෘතුගාලය, කොලොම්බියාව හා උස්බෙකිස්තානය සමග මූලික වටයේදී තරග කිරීමට නියමිතයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...