The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉතාලි පාපන්දු කණ්ඩායමේ වැරදුනු බෝනස් කුරුමානම

T

The Leader Desk

April 5, 2026 • 11:46 AM

ඉතාලි පාපන්දු කණ්ඩායමේ වැරදුනු බෝනස් කුරුමානම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් බෝනස් මුදලක් ඉල්ලා සිටි බව වාර්තා වනවා.
  • වසර 12කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් යුරෝ 10,000ක් (පවුම් 8,730) බැගින් බෝනස් මුදලක් ක්‍රීඩකයින් ඉල්ලා සිටි බව එම වාර්තාව කියනවා.
  •   ඒ ත්‍යාග මුදල මුළු සංචිතයට අනුව ඩොලර් 300,000ක් (පවුම් 260,000) වීමට ඉඩ තිබූ බවට  ගණන් බලා තිබෙනවා.
  • එම ඉල්ලීම ඉවත් කරගන්නා ලෙසටත් එසේ නැත්නම් එම ඉල්ලීම අවම වශයෙන් ලෝක කුසලාන තරගාවලියට ඇත්තෙන්ම සුදුසුකම් ලැබීමෙන් පසුව ඉදිරිපත් කරන ලෙසටත් පුහුණුකරු ජෙනාරෝ ගුටීසෝ ක්‍රීඩකයින් කැමති කරවා ගෙන ඇතැයි පැවසෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


බොස්නියා සහ හර්සගොවිනා කණ්ඩායමට එරෙහිව පසුගිය සතියේ පැවති 2026 ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරගයට පෙර ඉතාලි පාපන්දු ක්‍රීඩකයින් ඔවුන්ගේ වාසනාව උරගා බැලීමට උත්සාහ කළ බව ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වසර 12කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් යුරෝ 10,000ක් (පවුම් 8,730) බැගින් බෝනස් මුදලක් ක්‍රීඩකයින් ඉල්ලා සිටි බව එම වාර්තාව කියනවා.

cy554ygdfgdf

 

ඒ ත්‍යාග මුදල මුළු සංචිතයට අනුව ඩොලර් 300,000ක් (පවුම් 260,000) වීමට ඉඩ තිබූ බවට  ගණන් බලා තිබෙනවා.

එම ඉල්ලීම ඉවත් කරගන්නා ලෙසටත් එසේ නැත්නම් එම ඉල්ලීම අවම වශයෙන් ලෝක කුසලාන තරගාවලියට ඇත්තෙන්ම සුදුසුකම් ලැබීමෙන් පසුව ඉදිරිපත් කරන ලෙසටත් පුහුණුකරු ජෙනාරෝ ගුටීසෝ ක්‍රීඩකයින් කැමති කරවා ගෙන ඇතැයි පැවසෙනවා.

එය ඉතාලි කණ්ඩායම තවත් ලජ්ජාවට පත්වීමෙන් බේරා ගැනීම පිණිස ගත් නිවැරදි පියවරක් බවට තහවුරු වුනේ ඔවුන් කුඩා කණ්ඩායමක් වන බොස්නියාව හමුවේ පෙනල්ටිවලින් පරාජය වී ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවූ බැවින්.

b565u

 

මේ පරාජයෙන් පසුව ගුටීසෝ තනතුරෙන් ඉවත් වූ අතර එය සිදුවුනේ ක්‍රීඩකයින්ගේ අකමැත්තෙන් බව වාර්තා වනවා.

මේ අතර ඉතාලිය ට තවත් දැඩි පහරක් එල්ල වෙමින්, 2032 යුරෝ කුසලාන තරගාවලියේ ඔවුන්ගේ සම සත්කාරකත්වය දැන් සැක සහිත තත්ත්වයකට ඇද දමා තිබෙනවා.

ඉතාලිය ඔවුන්ගේ ක්‍රීඩාංගණ පහසුකම්වල තත්ත්වය දියුණු නොකළහොත් ඔවුන්ගේ සම සත්කාරකත්වය සහතික කළ නොහැකි බවට යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) ප්‍රධානියා වන ඇලෙක්සැන්ඩ සෙෆරන් අනතුරු අඟවා තිබෙනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...