The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මැද පෙරදිග යුද ගිනිදැල් මැද ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබූ ‘මෙසපොටේමියාවේ සිංහයන්’ට රජ සැප

T

The Leader Desk

April 6, 2026 • 11:57 AM

මැද පෙරදිග යුද ගිනිදැල් මැද ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබූ ‘මෙසපොටේමියාවේ සිංහයන්’ට රජ සැප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර හතළිහකට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගෙන මෙක්සිකෝවේ සිට පෙරළා සියරට පැමිණි ‘මෙසපොටේමියාවේ සිංහයන්’ ලෙසින් හැඳින්වෙන ඉරාකයේ ජාතික පාපන්දු කණ්ඩායම දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.
  • සමරු මුද්දර නිකුත් කිරීම, බිතු සිතුවමක් අගනුවර සිතුවම් කිරීම හා සෑම පාලන ප්‍රදේශයකම එක් වීදියක් Lions of Mesopotamia (මෙසපොටේමියාවේ සිංහයන්) ලෙසින් නම් කිරීමට කටයුතු කළ යුතු බවට ද එම නිවේදනයෙන් යෝජනා කර තිබෙනවා.
  • ළඟදී පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ පියවරවලට අනුමැතිය ලැබෙනු ඇතැයි එම නිවේදනයේ දැක්වෙනවා.
  •   අමෙරිකාව හා ඊශ්‍රායලය විසින් පෙබරවාරි 28 වැනිදා ඉරානය ට එරෙහිව දියත් කළ යුද්ධයට ඉරාකය නොකැමැතිව ඇදගෙන තිබෙන්නේ එරට තිබෙන අමෙරිකානු දේපළ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරමින් මෙන්ම ඉරාකයේ සිටින ඉරාන හිතවාදී කල්ලිවලට පහර දෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඉරාක අගමැති ෂියා අල්-සුඩානි ක්‍රීඩකයින්ට සුබ පතමින් ඔවුන් උණුසුම් අයුරින් සිකුරාදා පිළිගැනීමෙන් පසුව සෙනසුරාදා වහලය විවෘත බස් රථයකින් බැග්ඩෑඩ් අගනගරය මැදින් කණ්ඩායම ගෙන යද්දී දහස් ගණන් පිරිමින්, කාන්තාවන් හා දරුවන් මහත් උද්යෝගයෙන් ඔවුන්ට ‘චියර්’ කළා.

w640xh480 GettyImages 2268737157

 

මේ ‌ෙඑතිහාසික ජයග්‍රහණය සැලකිල්ලට ගෙන ඉරාක පාපන්දු කණ්ඩායමට නේවාසික දේපළ හා තානාපති විදෙස් ගමන් බලපත්‍ර ලබා දෙන බවත් ඔවුන්ගේ ජයග්‍රාහී ක්‍රියාව ගැන ගීතයක් නිර්මාණය කිරීමට බලය පවරන බවත් ඉරාක කැබිනට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

සමරු මුද්දර නිකුත් කිරීම, බිතු සිතුවමක් අගනුවර සිතුවම් කිරීම හා සෑම පාලන ප්‍රදේශයකම එක් වීදියක් Lions of Mesopotamia (මෙසපොටේමියාවේ සිංහයන්) ලෙසින් නම් කිරීමට කටයුතු කළ යුතු බවට ද එම නිවේදනයෙන් යෝජනා කර තිබෙනවා.

ළඟදී පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ පියවරවලට අනුමැතිය ලැබෙනු ඇතැයි එම නිවේදනයේ දැක්වෙනවා.

 

c34yq35ty45tq45t
අමෙරිකාව හා ඊශ්‍රායලය විසින් පෙබරවාරි 28 වැනිදා ඉරානය ට එරෙහිව දියත් කළ යුද්ධයට ඉරාකය නොකැමැතිව ඇදගෙන තිබෙන්නේ එරට තිබෙන අමෙරිකානු දේපළ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරමින් මෙන්ම ඉරාකයේ සිටින ඉරාන හිතවාදී කල්ලිවලට පහර දෙමින්.

පළමු ගුවන් ප්‍රහාරවලින් පසුව ඉරාකය ඔවුන්ගේ ගුවන් ප්‍රදේශය වසා දැමුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉරාක පාපන්දු කණ්ඩායමට ඔවුන්ගේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගි වීම පිණිස ජෝර්දානය හරහා මෙක්සිකෝව ට දින තුනක ඉතාමත් වෙහෙසකාරී ගමනක නිරත වී ආපසු පැමිණීමට සිදුවුනා.

මෙක්සිකෝවේදී ඉරාක කණ්ඩායම ගෝල් 2-1කින් බොලිවියාව පරාජය කරමින් 1986 වසරෙන් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු වේදිකාවේ පෙනී සිටීමේ අවස්ථාව ඉරාකය ට හිමිකර දුන්නා.

(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...