The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දුවද්දී දැවී යාමේ තීරණයක් ගැන ඇතිවූ ආරවුලකදී අම්පයර්ට පිහියෙන් ඇන මරා දමයි

T

The Leader Desk

April 8, 2026 • 2:18 PM

දුවද්දී දැවී යාමේ තීරණයක් ගැන ඇතිවූ ආරවුලකදී අම්පයර්ට පිහියෙන් ඇන මරා දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට තරගයක දුවද්දී දැවී යාමේ තීරණයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකදී තරග විනිසුරුවෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ
  • අන්ද්‍රා ප්‍රදේශ් හි විසාඛාපට්නම් නුවර පැවති දේශීය ක්‍රිකට් තරගයකදී මේ ඝාතනයට ලක්ව තිබෙන්නේ තරගය විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි 21 හැවිරිදි පුද්ගලයෙක්.
  • කෙසේ වෙතත්, දෙපිල අතර ඇතිව තිබූ නොඉවසුම් ගතිය සම්පූර්ණයෙන් යටපත් වුනේ නැහැ.
  • කන්ටා කිශෝර් ලෙසින් හඳුනා ගෙන ඇති 26 හැවිරිදි නරඹන්නෙක් තරගයට කෙළින්ම මැදිහත් නොවී ක්‍රීඩකයින් හා තරග විනිසුරුවන්ට පරිභව කිරීමට පටන් ගත් බව පැවසෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බිහිසුණු සිද්ධියක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

අන්ද්‍රා ප්‍රදේශ් හි විසාඛාපට්නම් නුවර පැවති දේශීය ක්‍රිකට් තරගයකදී මේ ඝාතනයට ලක්ව තිබෙන්නේ තරගය විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි 21 හැවිරිදි පුද්ගලයෙක්.

පිහි ඇනුමක් ලක්වූ ඩෝලා අජිත් බාබු නමැත්තා ඔහුගේ මිතුරෙකු වන බුදුමුරි චිරන්ජීවි සමග ඉරිදා දේශීය ක්‍රිකට් තරගයක් විනිශ්චය කරමින් සිටියදී මතභේදයට තුඩු දුන් දුවද්දී දැවී යාමේ තීරණයක් සම්බන්ධයෙන් දේශීය කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර උණුසුම් වාදයක් හටගෙන තිබෙනවා. එම අවස්ථාවේදී පිටියේ තරග විනිසුරුවන් දෙදෙනා අප්‍රමාදව ඊට මැදිහත් වෙමින් ක්‍රීඩා පිටියේ තත්ත්වය සමථයකට පත්කර තිබෙනවා. කෙසේ වෙතත්, දෙපිල අතර ඇතිව තිබූ නොඉවසුම් ගතිය සම්පූර්ණයෙන් යටපත් වුනේ නැහැ.

කන්ටා කිශෝර් ලෙසින් හඳුනා ගෙන ඇති 26 හැවිරිදි නරඹන්නෙක් තරගයට කෙළින්ම මැදිහත් නොවී ක්‍රීඩකයින් හා තරග විනිසුරුවන්ට පරිභව කිරීමට පටන් ගත් බව පැවසෙනවා. අවසානයේදී තරගය නිමා වූ විට තත්ත්වය දරුණු අතට හැරී තිබෙනවා.

පසුව කිශෝර් ආරවුල සමථයකට පත් කිරීමට යනුවෙන් අඟවමින් තරග විනිසුරුවන් අසල ස්ථානයකට කැඳවා තිබෙනවා. අජිත් බාබු, චිරන්ජීවි සහ තවත් කිහිප දෙනෙක් කිශෝර් හමුවීමට ගිය ද එතැනදී තත්ත්වය පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා.

“තවත් වාදයක් ඇතිවුනා. කිශෝර් සැණින් පිහියක් ඇදගෙන ඔහුට පහර දුන්නා” යනුවෙන් පොලිස් නිලධාරියෙක් මාධ්‍යයට පවසා තිබෙනවා.

පපුවට පිහියෙන් අනිනු ලැබූ අජිත් බාබු බිම ඇද වැටී තිබෙනවා. එතැනින් පළා යද්දී චිරන්ජීවි තුවාල ලබා ඇති අතර සිද්ධියට මැදිහත් වීමට උත්සාහ කළ තවත් පුද්ගලයෙකුට ද තුවාල සිදුව තිබෙනවා. තුවාල ලැබූ සියලු දෙනා වහාම අසල රෝහලකට රැගෙන ගොස් තිබෙන අතර අජිත් බාබුව ඇපලෝ රෝහලට ගෙන ගොස් තිබෙනවා. එහිදී ප්‍රතිකාර ලබන අතරතුර ඔහු මිය ගිය බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.

මීට කලින් තරගයේ පෙරවරු ක්‍රීඩාවේදී පිතිකරුවෙකු ලබා ගත් එක ලකුණක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ගමේ වැඩිහිටියන් මැදිහත්ව විසඳා තිබූ බව මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා පවසා තිබෙන බව වාර්තා වනවා. එහෙත් කිශෝර් පසුව බීමත්ව පැමිණ හිතා මතා ම තරග විනිසුරුට පහර දී තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ පියා විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය කිශෝර් ට එරෙහිව මිනීමැරුම් නඩුවක් පවරා තිබෙනවා. කිශෝර් දැන් නීතයෙන් බේරීම සඳහා පළා ගොස් සිටින අතර ඔහු සෙවීම දැන් ආරම්භ වී තිබෙන බව වාර්තා වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...