The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වෙන්දේසියේ මිලදී ගත් ඔලිම්පික් පදක්කම ජපන් ගැනුම්කරු යළි අයිතිකරුට පරිත්‍යාග කරයි

T

The Leader Desk

April 9, 2026 • 11:04 AM

වෙන්දේසියේ මිලදී ගත් ඔලිම්පික් පදක්කම ජපන් ගැනුම්කරු යළි අයිතිකරුට පරිත්‍යාග කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්රේනයේ කරාටේ ශූරයෙක් 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දිනා ගත් ලෝකඩ පදක්කමක් වෙන්දේසියකදී මිලදී ගත් ජපානයේ පුද්ගලයෙක් එම පදක්කම නැවත එම ක්‍රීඩකයාට ලබා දී තිබෙනවා.
  • ඔහු එම පදක්කම හිමි කරගෙන තිබුනේ කරාටේ කුමිතේ කිලෝග්‍රෑම් 75ට අඩු අංශයෙන්.
  • පදක්කම ඩොලර් 20,500කට ජපානයේ පුද්ගලයෙකු විසින් මිලදී ගෙන තිබූ අතර එම පුද්ගලයා ටෝකියෝ නගරයේ කරාටේ ක්‍රීඩා සමාජයක් සමග සබඳතා තිබෙන කෙනෙක්.
  • එහෙත් රුසියානු ආක්‍රමණය තවමත් සිදුවෙමින් තිබෙන තත්ත්වය හමුවේ සාමය අපේක්ෂාවෙන් පදක්කම කලින්ම යළි හොරුනාට ලබා දීමට ගැනුම්කරු තීරණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්ටැනිස්ලව් හොරුනා (Stanislav Horuna) එම පදක්කම 2022 වසරේදී වෙන්දේසියක අලෙවියට තැබුවා. ඔහු එම පදක්කම හිමි කරගෙන තිබුනේ කරාටේ කුමිතේ කිලෝග්‍රෑම් 75ට අඩු අංශයෙන්. නමුත් රුසියානු ආක්‍රමණය මධ්‍යයේ තමාගේ රටට ආධාර කිරීම පිණිස එම පදක්කම විකිණීමට ඔහු තීරණය කළා.

horuna win
පදක්කම ඩොලර් 20,500කට ජපානයේ පුද්ගලයෙකු විසින් මිලදී ගෙන තිබූ අතර එම පුද්ගලයා ටෝකියෝ නගරයේ කරාටේ ක්‍රීඩා සමාජයක් සමග සබඳතා තිබෙන කෙනෙක්.

ගැනුම්කරු මුලදී සැලසුම් කර තිබුනේ යුද්ධය අවසන් වී යුක්රේනය ට සාමය උදාවීමෙන් පසුව එම පදක්කම නැවත හොරුනා ට බාර දීමටයි. එහෙත් රුසියානු ආක්‍රමණය තවමත් සිදුවෙමින් තිබෙන තත්ත්වය හමුවේ සාමය අපේක්ෂාවෙන් පදක්කම කලින්ම යළි හොරුනාට ලබා දීමට ගැනුම්කරු තීරණය කළා.

 

japan medal
කරාටේ ක්‍රීඩා සමාජයේ දරුවෙක් එම සමාජ ශාලාවේ පැවති උත්සවයකදී පදක්කම  හොරුනාගේ ගෙල වටා පැළඳුවා. එය අගය කිරීම පිණිස හොරුනා දරුවන්ට කරාටේ ඉගැන්වූයේ ඔහු‌‌‌ගේ කුසලතාවන් ප්‍රදර්ශනය කරමින් හා ඔහුගේ තාක්ෂණය පියවරෙන් පියවරට කියා දෙමින්.

තමාට සහයෝගය ලබා දෙන පුද්ගලයින් සිටින බව දැනගැනීම තමාට ලොකු සතුටක් බව හොරුනා පැවසුවා. මේ පදක්කම තමාගේ පුතාට පෙන්වමින් ඔහුව ලොකු සිහින දැකීම සඳහා උනන්දු කිරීමට තමාට අවශ්‍ය බව යුක්රේන කරාටේ ශූරයා ප්‍රකාශ කරනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...