The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ජිප්සි රජා' සහ රුසියානු ‘වලහා’ අතර බොක්සිං සටන අද රාත්‍රියේ ලන්ඩනයේදී

T

The Leader Desk

April 11, 2026 • 8:45 AM

'ජිප්සි රජා' සහ රුසියානු ‘වලහා’ අතර බොක්සිං සටන අද රාත්‍රියේ ලන්ඩනයේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි ඇන්තනි ජොෂුවා සමග සටනක් පිළිබඳ කතාබහ ටයිසන් ෆියුරිගේ අලුත්ම ආගමනයෙන් යළි ප්‍රාණවත් වී තිබෙනවා.
  •  ලන්ඩනයේ ටොට්නම් හොට්ස්ප ක්‍රීඩාංගණයේ අද (සෙනසුරාදා) පැවැත්වෙන වට 12කින් සමන්විත හෙවිවේට් බොක්සිං තරගයේ ෆියුරි‌ගේ ප්‍රතිවාදියා වන්නේ ඇර්සලාන්බෙක් මහ්ක්මූඩොෆ් (Arslanbek Makhmudov).
  •   37 හැවිරිදි‌ ෆියුරි 2024 වසරේදී ඔලෙක්සැන්ඩ ඌසික් ට දෙවැනි වතාවටත් පරාජය වීමෙන් පසුව බොක්සිං වළල්ලෙන් සමුගත් අතර එය ඔහු ලැබූ එකම වෘත්තීය පරාජයන් දෙක වුනා.
  • ඌසික් 39 වැනි වියේ පසුවෙමින් WBC, WBA හා IBF කිරුළු හිමි කරගෙන සිටින අතර ඔහුට ඉතිරිව තිබෙන්නේ තවත් තරග කිහිපයකට සහභාගි වීමේ ශක්තිය පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් පළමුව, “ජිප්සි රජා” ලෙසින් තමන් ම හඳුන්වා ගන්නා එංගලන්තයේ ෆියුරි ට සිදුව තිබෙන්නේ විනෝදයට වලහෙක් සමග පොරබැදූ රුසියාවේ උපන් හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයෙක් සමග කටයුතු කිරීමටයි.  ලන්ඩනයේ ටොට්නම් හොට්ස්ප ක්‍රීඩාංගණයේ අද (සෙනසුරාදා) පැවැත්වෙන වට 12කින් සමන්විත හෙවිවේට් බොක්සිං තරගයේ ෆියුරි‌ගේ ප්‍රතිවාදියා වන්නේ ඇර්සලාන්බෙක් මහ්ක්මූඩොෆ් (Arslanbek Makhmudov).

හිටපු දෙවතාවක හෙවිවේට් බොක්සිං ශූරයෙකු වන ෆියුරි විශ්‍රාම යාමෙන් පසුව පස් වැනි වරටත් නැවත පැමිණ සිටින්නේ තමාට “මිනිසුන්ගේ මුහුණට පහර දී ඒ වෙනුවෙන් මුදල් උපයා ගැනීමට” අවශ්‍ය නිසායි.

 

fury

37 හැවිරිදි‌ ෆියුරි 2024 වසරේදී ඔලෙක්සැන්ඩ ඌසික් ට දෙවැනි වතාවටත් පරාජය වීමෙන් පසුව බොක්සිං වළල්ලෙන් සමුගත් අතර එය ඔහු ලැබූ එකම වෘත්තීය පරාජයන් දෙක වුනා.

ඌසික් 39 වැනි වියේ පසුවෙමින් WBC, WBA හා IBF කිරුළු හිමි කරගෙන සිටින අතර ඔහුට ඉතිරිව තිබෙන්නේ තවත් තරග කිහිපයකට සහභාගි වීමේ ශක්තිය පමණයි. එහෙත් මේ යුක්රේන ජාතිකයාගේ ඊළඟ තරගය සියලු දෙනාවම පුදුමයට පත්කර තිබෙනවා. ඔහු මැයි මාසයේ ඊජිප්තුවේදී කික්බොක්සිං සුපිරි තරගකරුවකු වන රිකෝ වර්හොවන් ට මුහුණ දීමට නියමිතව සිටිනවා.

ටයිසන් ෆියුරි සමග කරන්නේ තමාගේ අන්තිම නැටුම බව ඌසික් මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබුණා.

 

d6956bf0 156d 11ef 8df7 0760be480494
2024 මැයි මාසයේ පැවති සිය පළමු තරගයේදී ෆියුරි ඔහු‌ගේ WBC කිරුළ ඌසික් ට පැරදුනේ විනිසුරුවන්ගේ බෙදුනු තීරණයකින්. එහි නැවත තරගයේදී ඌසික් ජයග්‍රාහකයා බව විනිසුරුවන් ඒකමතිකව තීරණය කළා. මේ තරග දෙකම පැවැත්වුනේ රියාද් නගරයේ. ඌසික් සමග තෙවැනි සටනක් තිබෙනවා නම් එය බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට තමාට අවශ්‍ය බව ෆියුරි පවසා තිබෙනවා.

“මේ වන විට එවැනි තරගයක් තවම මට නැහැ. මම දැන් අවධානය යොමු කරන්නේ මේ ලොකු රුසියානු පුද්ගලයා සහ ඉන්පසුව ඇන්තනි ජොෂුවා ගැනයි” ෆියුරි කියනවා. “මට මේ අවුරුද්දේ තරග තුනක් අවශ්‍යයි. අප්‍රේල්, සමහර විට සැප්තැම්බර් හා දෙසැම්බර්. ඒ අනුව දෙසැම්බර් තරගය ඌසික් සමග වීමට ඉඩ තිබෙනවා.” තමාට ඊළඟට ජොෂුවා සමග සටන් කිරීමට අවශ්‍ය බව ෆියුරි ප්‍රකාශ කර තිබෙනවා.

36 හැවිරිදි මහ්ක්මූඩොෆ් වලහෙක් සමග පොරබදින වීඩියෝවක් පෝස්ට් කරමින් ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා. බිය නැති කරගෙන තීරණාත්මක අවස්ථාවලදී තමන්ව පාලනය කිරීමට ඉගෙන ගැනීම එහි ඉලක්කය වූ බව ඔහු පෙබරවාරි 21 වැනිදා තැබූ පෝස්ටුවකින් විස්තර කර තිබුණා.

 Heavyweight Arslanbek Makhmudov wrestles a bear
මහ්ක්මූඩොෆ් ඩගෙස්ටාන් නමැති රුසියානු දකුණු සමූහාණ්ඩුවෙන් පැවත එන්නෙකු වූවත්  ජීවත් වන්නේ කැනඩාවේ. ඔහු‌‌‌ගේ වඩාත්ම ආසන්නතම සටන වූයේ ඩේව් ඇලන් ට එරෙහිව ජයග්‍රහණයේ ඒකමතික තීරණයක් ලැබූ ඔක්තෝබරයේ පැවති තරගය.

2024 වසරේ ගීඩෝ වියැනෙල්ලෝ ට පරාජය වූ තරගයේදී මහ්ක්මූඩොෆ්ගේ ඇසක් වැහෙන තරමට ඉදිමුනා. 2023 වස‌රේ පැවති තරගයේදී ඔහු ඈගිට් කබායල්ගෙන් බැටකා බිම ඇදවැටුනු අතර එම තරගය සිවු වැනි වටයෙන් නතර කෙරුනා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...