The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මහ්ක්මූඩොෆ් පහසුවෙන් පරාජය කිරීමෙන් පසුව ෆියුරි තරගය නරඹමින් සිටි ජොෂුවාට අභියෝග කරයි

T

The Leader Desk

April 12, 2026 • 12:04 PM

මහ්ක්මූඩොෆ් පහසුවෙන් පරාජය කිරීමෙන් පසුව ෆියුරි තරගය නරඹමින් සිටි ජොෂුවාට අභියෝග කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටයිසන් ෆියුරි ජගත් හෙවිවේට් බොක්සිං වළල්ලට ඔහුගේ ආගමනය ඇර්සලාන්බෙක් මහ්ක්මූඩොෆ් ට එරෙහි වැඩි ලකුණු ජයග්‍රහණයකින් සලකුණු කළ වහාම ඊළඟ සටනට එන ලෙසට ඔහුගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වන ඇන්තනි ජොෂුවා ට අභියෝග කළා.
  • එහෙත් තරගයේ ප්‍රතිඵලය නිවේදනය කිරීමටත් පෙර ෆියුරි, බොක්සිං වළල්ලට පැමිණෙන ලෙසට ජොෂුවා ට ආරාධනය කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කළා.    “ඇන්තනි ජොෂුවා, මම නුඹට අභියෝග කරනවා ඊළඟට මාත් එක්ක සටනට එන්න කියලා.
  • මම උඹව ලුහුබඳින්නේ අවුරුදු 10ක සිටයි.
  •   ලෝක හෙවිවේට් බොක්සිං කිරුළු ගණනාවක හිමිකරුව සිටින ඔලෙක්සැන්ඩ ඌසික් ට 2024 වසරේදී පිට පිට දෙවතාවක් ලැබූ පරාජයන්ගෙන් පසුව සහභාගි වූ මේ පළමු තරගයෙන් පසුව ෆියුරි දැන් ජයග්‍රහණ 35ක්, පරාජ 2ක් හා ජය පැරදුමින් තොර විසඳුම් 1ක් වාර්තා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මාස 15ක තමන්ගේ ආසන්නතම විශ්‍රාමයෙන් පසුව යළි තරගයකට පිවිසි 37 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා වැඩි වශයෙන් ඒකපාක්ෂික වූ වට 12 තරගය ජය ගත්තේ ලකුණු 120-108, 120-108 හා 119-109ක පුළුල් තීරණයකින්.

එහෙත් තරගයේ ප්‍රතිඵලය නිවේදනය කිරීමටත් පෙර ෆියුරි, බොක්සිං වළල්ලට පැමිණෙන ලෙසට ජොෂුවා ට ආරාධනය කළ ද ඔහු එය ප්‍රතික්ෂේප කළා. 

 

670623146 1385595980268812 1052820494095658761 n

“ඇන්තනි ජොෂුවා, මම නුඹට අභියෝග කරනවා ඊළඟට මාත් එක්ක සටනට එන්න කියලා. නුඹ ඒක පිළිගන්නවා ද?” යනුවෙන් ෆියුරි පැවසුවේ ජොෂුවා බොක්සිං වළල්ලට ගෙන්වා ගැනීමට දැරූ බොහෝ උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසුව.

670424435 1385595996935477 8276737130597016493 n

සෙනසුරාදා රාත්‍රියේ පැවති මේ තරගයේ වැඩි කොටසක් බොක්සිං වළල්ලට යාබද අසුනක සිට රූ ගත කරමින් සිටි ජොෂුවා වාදයක පැටලීමට මුලින් අකැමැති වීමෙන් පසුව, “මම උඹට ගැහුවේ අපි පොඩි ළමයි කාලේයි. උඹට ආපහු ගහන එක මට ලොකු දෙයක් නෙවෙයි” යනුවෙන් කියා සිටියා.

“මම කළ යුත්තේ කුමක්ද කියලා මට කියාදෙන්න උඹට බැහැ. මම උඹව ලුහුබඳින්නේ අවුරුදු 10ක සිටයි. මමයි බොස්. උඹ වැඩ කරන්නේ මටයි. උඹේ අයිතිකාරයා මමයි. උඹයි මට සේවය කරන්නේ” ජොෂුවා පවසා සිටියා.

ෆියුරි ඊට මෙසේ ප්‍රතිචාර දැක්වූවා: “උඹ (ඇන්තනි ජොෂුවා) තමයි ඊළඟට මගෙන් ගුටිකන්නේ. මම උඹට වැටෙන්න ගහනවා. ඒක විශ්වාස කරපන්!”


මේ තරගකරුවන් දෙදෙනාගේ ම ක්‍රීඩා ජීවිත උච්චතම අවධියේ තිබියදී සිදුවිය යුතුව තිබූ තරගයක් යථාර්ථයක් වන ලකුණු දැන් පහළ වී තිබෙනවා.
 
669739086 1385595976935479 1199315538337392066 n
ලෝක හෙවිවේට් බොක්සිං කිරුළු ගණනාවක හිමිකරුව සිටින ඔලෙක්සැන්ඩ ඌසික් ට 2024 වසරේදී පිට පිට දෙවතාවක් ලැබූ පරාජයන්ගෙන් පසුව සහභාගි වූ මේ පළමු තරගයෙන් පසුව ෆියුරි දැන් ජයග්‍රහණ 35ක්, පරාජ 2ක් හා ජය පැරදුමින් තොර විසඳුම් 1ක් වාර්තා කර තිබෙනවා.
 
36 හැවිරිදි මහ්ක්මූඩො‌ෆ් ට මෙය තරග 24කින් ඔහු ලැබූ තෙවැනි පරාජයයි.
 
ftuje568e56
දෙවතාවක් ලෝක ශූරයින් වූ ෆියුරි හා ජොෂුවා යන දෙදෙනාම දශකයකටත් වැඩි කාලයක් බ්‍රිතාන්‍ය බොක්සිං ක්‍රීඩාව ගෝලීය වේදිකාවේ රැගෙන ගොස් තිබුන ද, වසර ගණනාවක් තිස්සේ කෙරුනු සාකච්ඡා හා ව්‍යාජ දැනුම්දීම් මධ්‍යයේත් මේ තරගකරුවන් දෙදෙනා අතර  තරගයක් කිසිදිනෙක පැවැත්වුනේ නැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com  
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...