The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ෂේන් වෝන් මිය ගියේ කොවිඩ් එන්නත්වලින්' - පුතාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

T

The Leader Desk

April 15, 2026 • 11:40 AM

'ෂේන් වෝන් මිය ගියේ කොවිඩ් එන්නත්වලින්' - පුතාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නෙකු වූ ෂේන් වෝන්ගේ අකල් මරණයට කොවිඩ්-19 එන්නත හේතු වන්නට ඇතැයි ඔහුගේ පුත් ජැක්සන් වෝන් පවසනවා.
  • උපතේ සිට පැවතෙන හෘදයේ දුර්වල තත්ත්වයක් වෝන් ට තිබූ බව පසුව වාර්තා වී තිබුනා.
  • තම පියාගේ මරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය හා කොවිඩ්-19 එන්නත යන දෙක ට ම මුලදීම චෝදනා කළ තමා එම මතයන් රාජ්‍ය අනුස්මරණ උත්සවයේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පවා සලකා බලමින් සිටි බව ජැක්සන් කියනවා.
  • “කොවිඩ් එන්නත මීට සම්බන්ධ බවට මම ස්ථිරවම හිතනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ලෙජන්ඩ් කෙනෙකු වන වෝන් 2022 වසරේ තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී හෘදයාබාධයකට ලක්ව මිය යන විට 52 වැනි වියේ පසුවෙමින් සිටියා. උපතේ සිට පැවතෙන හෘදයේ දුර්වල තත්ත්වයක් වෝන් ට තිබූ බව පසුව වාර්තා වී තිබුනා.

තම පියාගේ මරණය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය හා කොවිඩ්-19 එන්නත යන දෙක ට ම මුලදීම චෝදනා කළ තමා එම මතයන් රාජ්‍ය අනුස්මරණ උත්සවයේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පවා සලකා බලමින් සිටි බව ජැක්සන් කියනවා.

jakson

“කොවිඩ් එන්නත මීට සම්බන්ධ බවට මම ස්ථිරවම හිතනවා. මම තවදුරටත් ඒක මතභේදාත්මකයි කියලා කියන්නෙ නැහැ” ජැක්සන් පවසනවා. “පියාගේ මරණය ගැන දැනගත් සැණින් මම චෝදනා කළේ රජයටයි. මම එක්වරම වරද පැටවූයේ කොවිඩ් වසංගතයට හා එහි එන්නතටයි.”

“රාජ්‍ය අනුස්මරණ උත්සවයේදී මම රජයට හා කොවිඩ්වලට චෝදනා කිරීමේ ආසන්නයටම ආවා. නමුත් මම ඒක කළේ නැහැ. මම හිතනවා මම ඒක නොකළ එක හොඳයි කියලා. මොකද, එහෙම කළා නම් මම අද ඉන්න තිබුනේ මීට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයකයි. නමුත් මට දැනුනේ ඒ විදියටයි. අන්තිම අවුරුදු තුන හතරේ පවා මම ම‌ගේ මතය වෙනස් කරගෙන නැහැ. අවසානයේදී අපිට මේ ගැන කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. මරණ පරීක්ෂණයේ සැබෑ ප්‍රතිඵලය සැක සහිතයි. එයාට මොකද වුනේ කියලා මම දන්නවා” යනුවෙන් වෝන්ගේ පුතා කියා සිටිනවා.

මිය යන විට තම පියා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බව පවසන ජැක්සන්, දුම්පානය හෝ මත්පැන් භාවිතය වැනි පියාගේ ජීවන ශෛලියේ කරුණු ඔහුගේ මරණයට හේතු වූ බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරනවා.

“තාත්තා ඒ කාලයේ හිටියේ ඉතාමත් සෞඛ්‍යමය හා සතුටින් ගතකරන තත්ත්වයකයි” ජැක්සන් සඳහන් කරනවා. “ටික කලකට පස්සේ පෙනුනු ඉතාම හොඳ තත්ත්වයකයි එයා හිටියේ. ඔව්, එයා දුම්පානය කළා. මත්පැන් පානය කළා. නමුත් වයස අවුරුදු 80 හා 90 ගණන්වල ඉන්න තව කොච්චර මිනිස්සු තවමත් ම‌ගේ තාත්තාට වැඩිය දුම්පානය කරනවාද? මත්පැන් පානය කරනවා ද?”

 

shane

ෂේන් වෝන්ගේ ක්‍රීඩා අවශ්‍යතාවන්ට අනුව ඔහුට කොවිඩ්-19 එන්නත් විදගැනීමට බල කෙරුනු බවට පුතා තවදුරටත් චෝදනා කරනවා.

“ඔව්, මීට පෙරත් මිනිසුන් බොහෝ දෙනෙක් හෘදයාබාධවලින් මිය ගොස් තිබෙනවා. නමුත් මගේ තාත්තාට එවැනි ප්‍රශ්නයක් තිබුනේ නැහැ. එයා එන්නත් මාත්‍රා හතරක් හෝ පහක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. එයාට ඒවා ගන්න උවමනාවක් තිබුනේ නැහැ. නමුත් අනෙක් සියලු දෙනාටම වගේ එයාටත් ඒවා ගන්න බල කළා. එයින් මිය ගිය එකම පුද්ගලයා මගේ තාත්තා නෙවෙයි. නමුත් තාත්තා මිය ගිය වෙලාවේ, බොහෝ විට එයා තමයි  වඩාත්ම ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානුවා වී සිටියේ. ඒ නිසා මිනිස්සු, ‘ඔව්, ඒක කොවිඩ්’ කියලා කිවුවා. නමුත් මම ඒ ගැන වැඩිය හිතන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද, ඒකෙන් වෙන්නේ එය කෝපයක් දක්වා පැසවන එකයි. ඒ කෝපයෙන් කිසිම කෙනෙකුට හොඳක් වෙන්නේ නැහැ!”

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com   

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...