ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නදීශා ගයන්ති ක්‍රීඩිකාව, රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගෙන අද (15 ) උදෑසන යළි දිවයිනට පැමිණියාය.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 25 ක බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක ගේ සහභාගීත්වයෙන් පසුගිය 10වැනිදා සිට 12වැනිදා දක්වා එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්විණි.
එහිදී නදීශා ගයන්ති වයස අවුරුදු 40 ට වැඩි කේවළ ඉසව්වෙන් රන් පදක්කම සහ මිශ්‍ර යුගළ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත්වුවාය.




