The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම අමෙරිකාවට යයි?

T

The Leader Desk

April 16, 2026 • 8:40 AM

පාපන්දු ලෝක කුසලානයට ඉරාන කණ්ඩායම අමෙරිකාවට යයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වනු ඇති බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.
  • "අපි බලාපොරොත්තු වෙනවා ඒ වන විට කලාපයේ සාමකාමී වාතාවරණයක් පවතිනු ඇති බව.
  • කෙසේ වුවත් ඉරානය තරගාවලියට පැමිණිය යුතුමයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
  • ජියානි ඉන්ෆැන්ටිනෝ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ඉරානය මෙම තරගාවලියට සහභාගී වීම සුදුසු නොවන බවත්, එය ක්‍රීඩකයන්ගේ ජීවිතවලට පවා අවදානමක් විය හැකි බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


වොෂින්ටන්හි පැවැති ආයෝජන සමුළුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බවය.

"අපි බලාපොරොත්තු වෙනවා ඒ වන විට කලාපයේ සාමකාමී වාතාවරණයක් පවතිනු ඇති බව. එය ක්‍රීඩාවට ලොකු රුකුලක්. කෙසේ වුවත් ඉරානය තරගාවලියට පැමිණිය යුතුමයි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

409879ජියානි ඉන්ෆැන්ටිනෝ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ ඉරානය මෙම තරගාවලියට සහභාගී වීම සුදුසු නොවන බවත්, එය ක්‍රීඩකයන්ගේ ජීවිතවලට පවා අවදානමක් විය හැකි බවත්ය.

ඉරාන උත්තරීතර නායකයා ඝාතනය වීමෙන් පසු ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා පෙබරවාරි මාසයේදී පවසා තිබුණේ තම රට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී නොවන බවය.

සිය තරග ඇමෙරිකාවෙන් බැහැරව මෙක්සිකෝව වෙත මාරු කරන ලෙස ඉරානය කළ ඉල්ලීම ෆිෆා ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඉරානය සහ අමෙරිකාව අතර පාපන්දු පිටියේ පවතින්නේ දීර්ඝ ඉතිහාසයකි.

 

ig5656ybrty

1998 වසරේදී ඉරානය ඇමෙරිකාව පරාජය කරමින් සිය පළමු ලෝක කුසලාන තරග ජයග්‍රහණය වාර්තා කළ අතර, 2022 වසරේදී අමෙරිකාව විසින් ඉරානය පරාජය කිරීමට සමත් විය.

මෙවර තරගාවලියේදී ඉරානය සිය මූලික වටයේ තරග ලොස් ඇන්ජලීස් සහ සීඇටල් නගරවලදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...