The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ඉරානය ලෝක කුසලාන තරගාවලියට එනවාමයි' - ගෝලීය පාපන්දු ප්‍රධානියාගෙන් සහතිකයක්

T

The Leader Desk

April 16, 2026 • 11:18 AM

'ඉරානය ලෝක කුසලාන තරගාවලියට එනවාමයි' - ගෝලීය පාපන්දු ප්‍රධානියාගෙන් සහතිකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග යුද්ධය තිබියදීත් ඉරානය නිසැකයෙන්ම ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වනු ඇති බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ සහතික වනවා.
  • එහෙම වුනොත් ඔවුන්ගේ පැමිණීමට එය ඇත්තෙන්ම උපකාරයක් වේවි” යනුවෙන් ඉන්ෆන්ටීනෝ ප්‍රකාශ කරනවා.
  • ඉරාන කණ්ඩායමේ තරග ජූනි මාසයේ අමෙරිකාවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
  • “රටවල් අතර පාලම් තනමින් ඔවුන් එකට බැඳ තබා ගැනීම ගැන විශ්වාස කරන වෙන කෙනෙක් නැත්නම්, අපි ඒ වැඩේ කරනවා” යනුවෙන් ලෝක පාපන්දු ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

“ඉරානය නොවරදවාම එනවා. තරගාවලිය ආරම්භ වන විට තත්ත්වය සාමකාමී වෙලා තියේවි කියා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම වුනොත් ඔවුන්ගේ පැමිණීමට එය ඇත්තෙන්ම උපකාරයක් වේවි” යනුවෙන් ඉන්ෆන්ටීනෝ ප්‍රකාශ කරනවා.
 
“නමුත් ඉරානය පැමිණිය යුතුයි. ඉරාන පාපන්දු කණ්ඩායම විසින් නියෝජනය කරනු ලබන්නේ ඉරාන ජනතාවයි. ඔවුන් මේ තරගාවලියට සුදුසුකම් ලබා තියෙනවා. ඔවුන්ගේ ක්‍රීඩකයින්ට ලෝක කුසලානයේ ක්‍රීඩා කිරීමට අවශ්‍යයි” ඔහු කියා සිටිනවා. ඉරාන කණ්ඩායමේ තරග ජූනි මාසයේ අමෙරිකාවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ig5656ybrty
 
ගෝලීය පාපන්දු තරගාවලියේ ඉරානයේ සහභාගිත්වය සැකසහිත වී තිබෙන්නේ ඔවුන්ට අමෙරිකාව හා ඊශ්‍රායලය සමග තිබෙන යුද්ධය හේතුවෙන්.

“ක්‍රීඩාව දේශපාලනයෙන් පිටත තිබිය යුතුයි” ඉන්ෆන්ටීනෝ පවසනවා. “රටවල් අතර පාලම් තනමින් ඔවුන් එකට බැඳ තබා ගැනීම ගැන විශ්වාස කරන වෙන කෙනෙක් නැත්නම්, අපි ඒ වැඩේ කරනවා” යනුවෙන් ලෝක පාපන්දු ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරනවා.
 
fifa 2y3r8
අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් යුතුව 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජූනි 11 වැනිදා ආරම්භ වනවා.
 
warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...