The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ටෙනිස් ලෙජන්ඩ් බොරිස් බෙකර්ගේ ශූරතා කුසලානයක් වාර්තාගත මිලකට අලෙවි වෙයි

T

The Leader Desk

April 17, 2026 • 10:17 AM

ටෙනිස් ලෙජන්ඩ් බොරිස් බෙකර්ගේ ශූරතා කුසලානයක් වාර්තාගත මිලකට අලෙවි වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ ටෙනිස් ලෙජන්ඩ් බොරිස් බෙකර් දිනා ගත් 1989 අමෙරිකානු විවෘත පිරිමි ඒකල ශූරතාවලියේ කුසලානය ඩොලර් 357,456කට වෙන්දේසියේ අලෙවි වී තිබෙනවා.
  • එය පසුව ප්‍රසිද්ධියේ එළියට ආවේ මේ ටෙනිස් ශූරයාගේ බංකොලොත් භාවය සම්බන්ධයෙන් 2019 වසරේ පැවති ජනප්‍රිය නඩු විභාගයේ ප්‍රතිඵලයක් වශයෙන් පමණයි.
  • බෙකර් ඔහුගේ බංකොලොත් නඩුවේ චෝදනා හතරකට වරදකරු බවට තීරණය කෙරුනු අතර ඔහුගේ ණය ආපසු ගෙවීම සඳහා සොයා බලමින් තිබූ ඔහුගේ වත්කම් හා කුසලාන පවරා දීමට නීති විරෝධී ලෙස අසමත් වීම ද එම චෝදනාවන්ට ඇතුළත්ව තිබුනා.
  •    මුලදී මාස 30ක සිරදඬුවමක් 2022 වසරේ අප්‍රේල් මාසයේදී නියම වූ හිටපු ලෝක අංක 1 ටෙනිස් ක්‍රීඩකයා මාස අටක් පමණ බන්ධනාගාරගතව සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):
 The Tennis වෙන්දේසියේදී ඉරිදා රාත්‍රියේ සිදුවූ මේ විකිණීම එදා මෙදා තුර ප්‍රසිද්ධියේ අලෙවි කරනු ලැබූ වැඩිම මිල අධික ටෙනිස් සිහිවටනවලින් එකක් බව වාර්තා වනවා.

වෙන්දේසි නිවහනට අනුව, මෙය විවෘත ටෙනිස් තරග යුගයෙන් මහජන වෙළඳපොලට මෙතෙක් ඉදිරිපත් කෙරුනු එකම අමෙරිකානු විවෘත පිරිමි තනි ශූරතා කුසලානය වනවා. බෙකර් මේ කුසලානය දිනුවේ අවසාන තරගයේදී ඉවාන් ලෙන්ඩ්ල් පරාජය කරමින්. 
 
b Becker1989 3
 
ඒ ජයග්‍රහණය බෙකර් ට ඔහුගේ එකම අමෙරිකානු විවෘත කිරුළ සහ ඔහුගේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා හයෙන් සිවු වැනි කිරුළ ලබා දුන්නා.
 
බෙකර්ගෙන් ණයට ලබා ගත් මේ කුසලානය මුලින්ම තැන්පත් කර තිබුනේ අමෙරිකාවේ නිව්පෝට් නගරයේ තිබෙන ජාත්‍යන්තර ටෙනිස් Hall of Fame කෞතුකාගාරයේ. එය පසුව ප්‍රසිද්ධියේ එළියට ආවේ මේ ටෙනිස් ශූරයාගේ බංකොලොත් භාවය සම්බන්ධයෙන් 2019 වසරේ පැවති ජනප්‍රිය නඩු විභාගයේ ප්‍රතිඵලයක් වශයෙන් පමණයි.

බෙකර් ඔහුගේ බංකොලොත් නඩුවේ චෝදනා හතරකට වරදකරු බවට තීරණය කෙරුනු අතර ඔහුගේ ණය ආපසු ගෙවීම සඳහා සොයා බලමින් තිබූ ඔහුගේ වත්කම් හා කුසලාන පවරා දීමට නීති විරෝධී ලෙස අසමත් වීම ද එම චෝදනාවන්ට ඇතුළත්ව තිබුනා.
 
 මුලදී මාස 30ක සිරදඬුවමක් 2022 වසරේ අප්‍රේල් මාසයේදී නියම වූ හිටපු ලෝක අංක 1 ටෙනිස් ක්‍රීඩකයා මාස අටක් පමණ බන්ධනාගාරගතව සිටියා.
i 2
බෙකර්ගේ 1989 අමෙරිකානු විවෘත කුසලානය ඔහුගේ බංකොලොත් භාවයේ නඩුවට අදාළව 2019 වසරේදී වෙන්දේසි කෙරුනු අතර එහිදී එම කුසලානය මෙවර වෙන්දේසියට තැබූ පුද්ගලයා මිලදී ගෙන තිබෙන්නේ ඩොලර් 190,000කට ආසන්න මුදලකට. මේ වතාවේ එය ඩොලර් 250,000කට ආසන්න මුදලකට අලෙවි වනු ඇතැයි වෙන්දේසි නිවස අපේක්ෂා කළ ද එහි අලෙවිය අපේක්ෂිත මුදලට වඩා ඩොලර් 100,000කටත් වඩා වැඩි වුනා.

“මේ ක්‍රීඩකයින් ඔවුන්ගේ කුසලානවලින් වෙන්වීමට කිසිවිටකත් කැමති නොවන නිසා සෑහෙන කාලයකට තවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලානයක් වෙළඳපොලට ඒවි කියා හිතන්න අමාරුයි” යනුවෙන් Prestige Memorabilia and The Tennis Auction හි නිර්මාතෘ මැට් කැශින් (Matt Cashin) ප්‍රකාශ කරනවා. 
 
“මේවා ඔවුන්ගේ ක්‍රීඩා ජීවිතවල තිබෙන ශුද්ධ වස්තු. ඒ නිසා ඇත්තෙන්ම බෙකර් මේ කුසලානයෙන් වෙන්වීම අසාමාන්‍ය තත්ත්වයක්. එබැවින් පැහැදිලිවම මෙය අපට ලැබුනු ඉතාම දුර්ලභ අවස්ථාවක්” යැයි කැශින් කියනවා.

වැඩිම මිලෙන් යුත් ටෙනිස් අයිතමයක් ප්‍රසිද්ධියේ අලෙවි වීම සිදුවුනේ පසුගිය ජනවාරි අග භාගයේ. එහිදී, නොවැක් ජොකොවිච් 2012 ඔස්ට්‍රේලියානු විවෘත අවසාන තරගයේදී රෆායල් නඩාල් පරාජය කරද්දී භාවිතා කළ ටෙනිස් රැකටය ඩොලර් 540,000කට අලෙවි වුනා. 
 
එම තරගය ඉතිහාසයේ දීර්ඝතම ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසාන තරගය ලෙස වාර්තා පොතට එක්ව තිබෙනවා.  
 
4JTAJZVPHNNJXLO6TREKCIU6OI
බොරිස් බෙකර්ගේ කුසලානයේ අලෙවිය The Tennis වෙන්දේසි වේදිකාවේ එදා මෙදා තුර අලෙවි වූ වැඩිම මිලැති අයිතමයට වඩා දෙගුණයකින් වැඩි වී තිබෙනවා. 2023 වසරේ විම්බ්ල්ඩන් අවසාන තරගයේ කාලොස් අල්කාරස් පාවිච්චි කළ, ඔහුගේ සමරු අත්සන යෙදූ රැකටය ඩොලර් 173,066කට මිලදී ගැනීම මීට පෙර සටහන්ව තිබූ වැඩිම විකිණීම වනවා.
 
warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...