The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය සුබවාදීයි - බංග්ලාදේශයට යාමට පෙර නායිකා චමරි කියයි

T

The Leader Desk

April 17, 2026 • 9:48 AM

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතය සුබවාදීයි - බංග්ලාදේශයට යාමට පෙර නායිකා චමරි කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ගෙන ඇති විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් ජාතික කණ්ඩායමට රට පුරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් එක්වෙමින් පවතින බවත්, තමා ක්‍රීඩා කළ මුල් අවධියට වඩා ඉතා ඉහළ තත්ත්වයක් අද වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට උදාවී ඇති බවත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසන්නීය.
  • අප්‍රේල් 20 වැනිදා ආරම්භ වන මෙම සංචාරයේදී එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3ක් පැවැත්වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අද (17) පෙරවරුවේ බංග්ලාදේශ සංචාරය සඳහා පිටත්ව යාමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඇය අවධාරණය කළේ 19න් පහළ කණ්ඩායම හා ‘ඒ‘ කණ්ඩායම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට ක්‍රිකට් ආයතනය ගෙන ඇති පියවර අනාගතයේදී ශක්තිමත් කණ්ඩායමක් බිහි කිරීමටත් ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමටත් මහඟු පිටුවහලක් වන බවයි. 

මෙම බංග්ලාදේශ සංචාරයේදී පැවැත්වෙන එක්දින තරග තුන ඊළඟ ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට ඉතා තීරණාත්මක වන බැවින් එම තරගාවලිය ජය ගැනීම තම කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුව බවද ඇය සඳහන් කළාය.

 

56u5neu6u

විශ්මි ගුණරත්න මෙවර තරගාවලියට එක් නොවන අතර ඒ වෙනුවට දක්ෂතා අතර සිටින හංසිමා කරුණාරත්න කණ්ඩායමට කැඳවා තිබේ. නව පුහුණුකරුගේ මඟපෙන්වීම යටතේ පවර් හිටින් (Power Hitting) සහ පන්දු රැකීමේ අඩුපාඩු සකසා ගැනීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැවසූ නායිකාව, තමා මේ වන විට අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මැහුම් නවයක් දමා සිටින බැවින් පළමු තරග කිහිපයට සහභාගී වීම පිළිබඳ තීරණය ඉදිරියේදී ගන්නා බවද පැවසුවාය. 

තවදුරටත් ක්‍රීඩා කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ තවත් වසර දෙකක් පමණ ක්‍රීඩා කරන ලෙස පුහුණුකරු ඉල්ලා සිටියද, තමාගේ අනාගතය පිළිබඳ තීරණය ශාරීරික යෝග්‍යතාවය මත පදනම්ව තරගාවලියෙන් තරගාවලියට ගැනීමට බලාපොරොත්තු වන බවයි. අප්‍රේල් 20 වැනිදා ආරම්භ වන මෙම සංචාරයේදී එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3ක් පැවැත්වීමට නියමිතය.

 gh9869690

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...