The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කැනඩා ක්‍රිකට් මණ්ඩලයට බිෂ්නොයි අපරාධ කල්ලියෙන් තර්ජන: නායකයා ලෝක කුසලාන තරගයක් පාවා දීලා?

T

The Leader Desk

April 18, 2026 • 10:36 AM

කැනඩා ක්‍රිකට් මණ්ඩලයට බිෂ්නොයි අපරාධ කල්ලියෙන් තර්ජන: නායකයා ලෝක කුසලාන තරගයක් පාවා දීලා?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියානු බන්ධනාගාරවල සිට ක්‍රියාකරන ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ සින්ඩිකේටය වන බිෂ්නොයි කල්ලියේ (Bishnoi Gang) තර්ජනවලට කැනඩා ක්‍රිකට් බලධාරීන් ලක්ව සිටි බව හෙළි වී තිබෙනවා.
  • ‘දූෂණය, අපරාධය හා ක්‍රිකට්’ (Corruption, Crime and Cricket) ලෙස නම් කෙරුනු වාර්තා වැඩසටහනක් මගින් කැනඩාවේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නන්ට එරෙහිව බරපතල දූෂණ චෝදනා මාලාවක් නැගීමෙන් පසුව කැනඩා ක්‍රිකට් ආයතනය අලුත් දූෂණ මතභේදයකට මැදිව සිටිනවා.
  • මෙයින් වඩාත්ම දැඩි අවධානය යොමුව තිබෙන එක් කාරණයක් වී තිබෙන්නේ 2026 පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේ නවසිලන්තය සමග පැවති කැනඩාවේ පරාජිත මූලික වට තරගයේ සැකසහිත තරග පාවා දීමේ සිද්ධියක්.
  • එම වාර්තාවට අනුව, කැනඩාවේ ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකුට තර්ජනය කර තිබෙන්නේ ඔහු එක් විශේෂ ක්‍රීඩකයෙකු ගැන බලාගැනීමට අසමත් වුවහොත් ඔහුට බරපතල විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි දන්වමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ කරුණු අනාවරණය වී තිබෙන්නේ කැනඩා ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ හා 2026 විස්සයි20 ලෝක කුසලාන තරගයක් පාවා දීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදීයි.

‘දූෂණය, අපරාධය හා ක්‍රිකට්’ (Corruption, Crime and Cricket) ලෙස නම් කෙරුනු වාර්තා වැඩසටහනක් මගින් කැනඩාවේ ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නන්ට එරෙහිව බරපතල දූෂණ චෝදනා මාලාවක් නැගීමෙන් පසුව කැනඩා ක්‍රිකට් ආයතනය අලුත් දූෂණ මතභේදයකට මැදිව සිටිනවා. මෙයින් වඩාත්ම දැඩි අවධානය යොමුව තිබෙන එක් කාරණයක් වී තිබෙන්නේ 2026 පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියේ නවසිලන්තය සමග පැවති කැනඩාවේ පරාජිත මූලික වට තරගයේ සැකසහිත තරග පාවා දීමේ සිද්ධියක්.


The Fifth Estate නමැති කැනඩාවේ ප්‍රධානතම ගවේෂණාත්මක මාධ්‍ය වැඩසටහන විසින් කැනඩා ජාතික විකාශන (CBC) රූපවාහිනියේ විකාශය කරන ලද මේ වාර්තා වැඩසටහන ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීම, කණ්ඩායම තේරීම හා තවත් කටයුතුවලදී කැනඩා ක්‍රිකට් ආයතනය තුළ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවකල් ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවට චෝදනා කර තිබෙනවා.

වඩාත්ම බිය උපදවන කරුණ වී තිබෙන්නේ බිෂ්නොයි අපරාධ කල්ලිය ඔවුන්ගේ බලය යොදාගෙන විශේෂිත තත්ත්වයන් හි සිටින පරිපාලකයින් හා ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමයි.

එම වාර්තාවට අනුව, කැනඩාවේ ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකුට තර්ජනය කර තිබෙන්නේ ඔහු එක් විශේෂ ක්‍රීඩකයෙකු ගැන බලාගැනීමට අසමත් වුවහොත් ඔහුට බරපතල විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි දන්වමින්.

 

default

“ඉතින්, ඔවුන් කෙලින්ම ඔහුට‌ කියා තිබෙනවා, ‘ඔබ මේ ක්‍රීඩකයන් ගැන බලා ගත යුතුයි. මේ අය කණ්ඩායමෙන් ඉවත් කරන්න බැහැ. එහෙම වුනොත්, ඔබට කරදර සිදුවේවි’ කියලා. පැහැදිලිවම, එයින් ඔහු බොහෝ බියට පත්වුනා” යනුවෙන් නිර්නාමික මූලාශ්‍රයක් උපුටා දක්වමින් CBCය ප්‍රකාශ කර තිබෙනවා. නම් නොකළ මේ පුද්ගලයාට ජාතික ක්‍රීඩකයා මේ බව කියා තිබෙන්නේ කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලම්බියාවේ සරේ නගරයේ ආපනශාලාවක ඇතිවූයේ යැයි කියන එම තර්ජන සිද්ධියෙන් පසුවයි.

මේ තර්ජනවලින් ක්‍රීඩකයින් තුළ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලක් මතුව තිබෙනවා. තර්ජන එල්ල වීමෙන් පසුව ප්‍රාදේශීය පරිපාලකයෙක් පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබෙන බව පැවසෙන අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඔහුගේ නිවස ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාර ගණනාවකට පසුව තනතුරෙන් ඉල්ලා අස්ව තිබෙනවා.

කැනඩා ක්‍රිකට් නායකයා

ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෑතකදී පැවති 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම පිණිස කණ්ඩායම පිටත්ව යාමට මාසයකට පෙර මවිත කරවන පියවරක් ගනිමින් කැනඩා ක්‍රිකට් බලධාරීන් නිකොලස් කර්ටන් නායකත්වයෙන් ඉවත් කර ඩිල්ප්‍රීට් බජ්වා නායකත්වයට පත් කළා. මේ තීරණයෙන් ක්‍රීඩකයින් මෙන්ම ප්‍රධාන පුහුණුකරු ද අන්දමන්ද වූ බව වාර්තා වූ අතර මේ පත්වීම සිදු කළේ කැනඩා ක්‍රිකට් මණ්ඩලය විසින් බවට චෝදනා කර තිබුනා.

bajwa

බජ්වා පසුව සියුම් පරීක්ෂාවට ලක්වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) දූෂණ විරෝධී අංශය (ACU) ඔහුගෙන් ප්‍රශ්න කළ අතර එය සිදුවූයේ චෙන්නායි හි පැවති නවසිලන්තය ට එරෙහි කැනඩාවේ මූලික වට තරගයෙන් පසුව. කැනඩාව කඩුලු අටකින් පරාජය වූ එම තරගයේ නවසිලන්තය ලකුණු හඹා යාමේදී පස් වැනි ඔ්වරය යැවූ බජ්වා නීතිවිරෝධී (no-ball) පන්දුවකින් ඔ්වරය ආරම්භ කර පා පෙදෙසෙන් වයිඩ් පන්දුවක් යවා එම ඔ්වරයෙන් ලකුණු 15ක් ලබා දුන්නා.

ACU නිලධාරීන් විසින් වහාම ඔහුව කැඳවීම හේතුවෙන් බජ්වා ට එම තරගයෙන් පසුව පැවති කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමට පවා නොහැකි වුනා.

 

default 1
මීට අමතරව, ICCය එකල කැනඩා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ කුරාම් කෝහන් ට ලැබුනු දුරකථන පණිවුඩයක් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වමින් සිටිනවා. එක්තරා ක්‍රීඩකයින් පිරිසක් කණ්ඩායමට තෝරා ගන්නා ලෙසට කැනඩා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් තමාට බල කර බව පුහුණුකරු කියා තිබෙනවා.

මිනිත්තු 43ක වාර්තා වැඩසටහන කැනඩාවේ තවත් හිටපු පුහුණුකරුවකු වන පුබුදු දසනායක සමග ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ඔහු ද මෙවැනිම බල කිරීමක් පිළිබඳව පවසා තිබෙන්නේ 2024 T20 ලෝක කුසලාන තරගාවලියේ සංචිතය තෝරා ගැනීමේදී තමාට කැනඩා ක්‍රිකට් ආයතනයෙන් බලපෑම් එල්ල වුනු බව එළිදරව් කරමින්. එක්තරා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුව තෝරා ගන්නා ලෙසට දසනායකට බල කිරීමට කැනඩා ක්‍රිකට් මණ්ඩලය උත්සාහ කළ බවත් ඔහු එසේ නොකළ විට ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් බවට මණ්ඩලය දන්වා සිටි බවත් The Fifth Estate සඳහන් කර තිබෙනවා. අසාධාරණ ලෙස තමාව සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව දසනායක දැන් කැනඩාවේ ක්‍රිකට් ආයතනයට නඩු පවරා තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කැනඩා ක්‍රිකට් මණ්ඩලයට බිෂ්නොයි අපරාධ කල්ලියෙන් තර්ජන: නායකයා ලෝක කුසලාන තරගයක් පාවා දීලා? | The Leader