The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝකයේ ප්‍රධානතම ක්‍රිකට් ලීගවල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක්' - ගැරී කර්ස්ටන්

T

The Leader Desk

April 23, 2026 • 11:31 AM

ලෝකයේ ප්‍රධානතම ක්‍රිකට් ලීගවල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක්' - ගැරී කර්ස්ටන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දහ දෙනෙකු පමණ ලොව ප්‍රධානතම ලීගයන් දෙකක මේ මොහොතේ ක්‍රීඩා කරමින් සිටීම පිළිබඳව ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් පවසනවා.
  •   “ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් ලෙස අපි මේ තත්ත්වය අපට පුළුවන් තරම් හොඳින්  කළමනාකරණය කරගත යුතුයි.
  • සමකයේ දෙපැත්තේම හිටපු මම  ක්‍රීඩකයින්ගේ කාර්යබහුලත්වය කළමනාකරණය කිරීම ඉතා වැදගත් ලෙස සලකනවා.
  • ලෝක ක්‍රිකට් ක්‍රීඩාව නමැති වෘක්ෂයේ මුදුනට ශ්‍රී ලංකාව ගෙන යාම තමාගේ ඒකායන අරමුණ බව ද ඔහු පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්‍රීඩකයෙකුට අත්කර ගත හැකි වැදගත්ම පුහුණුව ලැබෙන්නේ මෙවැනි තරගවල ක්‍රීඩා කිරීමෙන් බවත් මේ ලීගයන් ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා ජීවිතයේ ලොකු කාර්යභාරයක් ඉටු කරන බවත් කර්ස්ටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

ක්‍රිකට් ක්‍රීඩකයින් ලොව වටා තිබෙන ෆ්‍රැන්චයිස් T20 ලීගයන් හි ක්‍රීඩා කරන අතරතුර විවිධ ශෛලියේ ක්‍රිකට් තරගවල ජාතික මෙහෙවර ද ඉටු කිරීම නිසා ඔවුන් මත පැටවී තිබෙන කාර්යබහුලත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ අනෙක් රටවල් ද මුහුණ දෙන අභියෝගයක් බව කී කර්ස්ටන්, මේ ලීගයන් මේ යුගයේ ක්‍රිකට් ක්‍රීඩාව විසින් ඉහළින් පිළිගෙන තිබෙන බව ද සඳහන් කළා.

 

g1

“ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් ලෙස අපි මේ තත්ත්වය අපට පුළුවන් තරම් හොඳින්  කළමනාකරණය කරගත යුතුයි. මේ අභියෝග මට හුරුයි. සමකයේ දෙපැත්තේම හිටපු මම  ක්‍රීඩකයින්ගේ කාර්යබහුලත්වය කළමනාකරණය කිරීම ඉතා වැදගත් ලෙස සලකනවා. වඩාත්ම ප්‍රධාන දෙය වන්නේ අපට ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ශෛලියකම දක්ෂ ක්‍රීඩකයින්ගේ ලොකු ගැඹුරක් තිබීමයි. මේ නිසා අපට අවශ්‍ය වෙලාවට ක්‍රීඩකයින්ව මාරු කිරීමට හැකිව තිබෙනවා. එකම ක්‍රීඩකයෙක් හැම වෙලාවෙම ක්‍රීඩා කිරීමක් අපට අපේක්ෂා කරන්න බැහැ. නමුත් ලොව සෑම රටක්ම මේ අවකාශය කළමනාකරණය කර ගන්නවා” යනුවෙන් දකුණු අප්‍රිකානු ජාතික පුහුණුකරු පවසා සිටියා.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව නමැති වෘක්ෂයේ මුදුනට ශ්‍රී ලංකාව ගෙන යාම තමාගේ ඒකායන අරමුණ බව ද ඔහු පැවසුවා.

 

g4
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම භාරව කටයුතු කිරීමේදී තමාගේ ප්‍රධානතම ඉලක්කය වී තිබෙන්නේ තව මාස 17කින් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය බව කර්ස්ටන් ප්‍රකාශ කළා. ඒ තරගාවලිය ඇතුළු ක්‍රිකට් ශෛලීන් ත්‍රිත්වය සඳහා ම සෑම අංශයකින්ම හොඳම සමබරතාවයකින් යුත් කණ්ඩායම් නිර්මාණය කිරීම තමාගේ උත්සාහය වන බව ද ඔහු ප්‍රකාශ කළා.

“මේ මොහොතේ මගේ ප්‍රමුඛත්වය දී තිබෙන්නේත්, මම දැනටමත් සමහර වැඩ ආරම්භ කර තිබෙන්නේත්, එකිනෙකට වෙනස් ක්‍රිකට් ශෛලීන්වල දියුණු කළ යුතු අංශ සහ ඒ ඒ කාර්යයන් සම්පූර්ණ කළ හැකි ක්‍රීඩකයින් කවුරුන්ද යනුවෙන් හඳුනා ගැනීමටයි.”

නවීන යුගයේ ක්‍රිකට් ක්‍රීඩාවට අනුගත වීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩයින්ගේ තිබෙන දුර්වලතාව පිළිබඳව අදහස් විමසූ අවස්ථවේදී, තමා සෑම ක්‍රීඩකයෙකුම ඒ තත්ත්වයට ගෙන ඒමට අරමුණු කරගෙන සිටින බව කර්ස්ටන් කියා සිටියා.

 

g5

“ලෝකයේ ඔ්නෑම දක්ෂතම කණ්ඩායමක් සමග කරට කර සටන් කරන්න පුළුවන් හැකියාවක් හා සහජ දක්ෂතාවක් තියෙන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ ඉන්නවා” යනුවෙන් හිටපු දකුණු අප්‍රිකානු ආරම්භ පිතිකරුවා කියා සිටියේ මෑතකදී නිමාවූ විස්සයි20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය මෙනෙහි කරමින්.

“එය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ප්‍රදර්ශනය වුනු අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාවක්. ශක්තිසම්පන්න ක්‍රීඩාවක් ශ්‍රී ලංකාව සතුව තිබෙන බව පැහැදිලිවම එයින් තහවුරු වුනා. ඒ හැකියාව නැවත ඉස්මතු කර දිගටම පවත්වා ගෙන යාමයි වැදගත් වන්නේ.”

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දැන් දක්නට ලැබෙන නවීනතම යටිතල පහසුකම් පිළිබඳව වර්තමාන ක්‍රිකට් බලධාරීන්ට ගැරී කර්ස්ටන් ඔහුගේ ප්‍රශංසාව මෙහිදී පුද කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා ජාතික ක්‍රිකට් අධ්‍යක්ෂ ජෙරොම් ජයරත්න ද මේ මාධ්‍ය හමුවට සහභාගි වුනා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝකයේ ප්‍රධානතම ක්‍රිකට් ලීගවල ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක්' - ගැරී කර්ස්ටන් | The Leader