The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රීඩා ආයතන කිහිපයක අක්‍රමිකතා සහ දූෂණය මුලිනුපුටා දැමීමට තීරණාත්මක පියවර රැසක්

T

The Leader Desk

April 24, 2026 • 12:04 PM

ක්‍රීඩා ආයතන කිහිපයක අක්‍රමිකතා සහ දූෂණය මුලිනුපුටා දැමීමට තීරණාත්මක පියවර රැසක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ ක්‍රීඩා ආයතන කිහිපයක පවතින අක්‍රමිකතා සහ දූෂණය මුලිනුපුටා දැමීම සඳහා රජය තීරණාත්මක පියවර රැසක් ගෙන ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.
  • යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ නියෝගය පරිදි නව රෙගුලාසි හඳුන්වා දී ඇත.
  • 2025 මැයි මස 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් පත්‍රය මගින් ඒවා ප්‍රකාශයට පත් කර ඇතැයි ද අමාත්‍යංශය  කියා සිටියි.
  • මෙම රෙගුලාසි 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 31 වන වගන්තිය යටතේ බලාත්මක වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පාලනය සහ වගවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම  අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි අමාත්‍යංශය කියයි.

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ගේ නියෝගය පරිදි නව රෙගුලාසි හඳුන්වා දී ඇත. 2025 මැයි මස 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් පත්‍රය මගින් ඒවා ප්‍රකාශයට පත් කර ඇතැයි ද අමාත්‍යංශය  කියා සිටියි.

මෙම රෙගුලාසි 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 31 වන වගන්තිය යටතේ බලාත්මක වේ.

 

මෙම ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රීඩා ආයතනවල නිලධාරීන්ගේ ධුර කාලය උපරිම වශයෙන් වාර දෙකකට සීමා කිරීමට පියවර ගෙන ඇති අතර, එම සමුච්චිත කාලය වසර අටක් (8) නොඉක්මවිය යුතුය. පුද්ගලික හෝ දේශපාලන න්‍යාය පත්‍ර සහිත පුද්ගලයින්  හෝ දීර්ඝ කාලයක් බලය අල්ලාගෙන සිටීම වැළැක්වීම සහ ක්‍රීඩාවේ විනිවිදභාවය ආරක්ෂා කිරීම මෙහි මූලික අපේක්ෂාවයි.

 

ඇතැම් පුද්ගලයින්ගේ අක්‍රමිකතා සහ වංකභාවය පිළිබඳ චෝදනා හේතුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධෛර්යමත් වී ක්ෂේත්‍රයෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් ද නිරීක්ෂණය වී තිබේ.

තවද, පවතින අක්‍රමිකතා හේතුවෙන් අනුග්‍රාහක අවස්ථා අහිමි වීම සහ ආයෝජක විශ්වාසය බිඳ වැටීම හරහා රටට සැලකිය යුතු මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.

මෙවැනි දූෂණ ක්‍රියාවලට සහ අක්‍රමිකතාවන්ට වරදකරුවන් වන පුද්ගලයින්ට නුදුරු අනාගතයේදී ඒ පිළිබඳව වගකීමට සිදුවන බව රජය අවධාරණය කරයි.

ජනාධිපතිවරයාගේ පූර්ණ සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ අධීක්ෂණය කිරීම සඳහා ස්වාධීන කමිටු පත් කිරීමට නියමිතය. එම කමිටු ඉහළම අඛණ්ඩතාවයකින් යුතු පුද්ගලයන්ගෙන් සමන්විත වන අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය සහ අනාගතය යළි ගොඩනැගීමට ඔවුහු කැපවී සිටින  බව ද අමාත්‍යංශය  වැඩිදුරටත්  සඳහන් කරයි.

(සටහන | ජේ. මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...