The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරාන ක්‍රීඩකයින් සාදරයෙන් පිළිගන්නා බව අමෙරිකාව කියයි

T

The Leader Desk

April 25, 2026 • 3:11 PM

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරාන ක්‍රීඩකයින් සාදරයෙන් පිළිගන්නා බව අමෙරිකාව කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූනි මාසයේ ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරාන පාපන්දු ක්‍රීඩකයින් සාදරයෙන් පිළිගන්නා බව
  • ඔහු මෙසේ කියා තිබෙන්නේ තරගාවලියේ ඉරානයේ ස්ථානය ඉතාලිය ට ගත හැකි බවට වන යෝජනාවට අමෙරිකානු රජයේ මැදිහත් වීමක් නැති බව තහවුරු කරමින්.
  • ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට කතා කළ රුබියෝ, ලෝක කුසලාන තරගාවලිය සඳහා අමෙරිකාව ට නොඑන ලෙසට රජය ඉරානය ට කී බවක් ප්‍රතික්ෂේප කළා.
  • මේ සමහරුන්ට IRGCයත් සමග සබඳතා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ පවසනවා. ඔහු මෙසේ කියා තිබෙන්නේ තරගාවලියේ ඉරානයේ ස්ථානය ඉතාලිය ට ගත හැකි බවට වන යෝජනාවට අමෙරිකානු රජයේ මැදිහත් වීමක් නැති බව තහවුරු කරමින්.

ධවල මන්දිරයේදී වාර්තාකරුවන්ට කතා කළ රුබියෝ, ලෝක කුසලාන තරගාවලිය සඳහා අමෙරිකාව ට නොඑන ලෙසට රජය ඉරානය ට කී බවක් ප්‍රතික්ෂේප කළා.

නමුත් අමෙරිකානු රජය හා තවත් රජයන් කිහිපයක් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලබන ටෙහෙරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමග සම්බන්ධකම් තිබෙන ඉරාන නියෝජිත පිරිසේ සිටින සාමාජිකයින්ට අමෙරිකාව ට ඇතුළු වීම තහනම් කිරීමට ඉඩ තිබෙන බවට ඔහු අනතුරු අඟවා සිටියා.

“අමෙරිකාවේ කිසිම කෙනෙක් ඉරාන කණ්ඩායමට එන්න එපා කියලා නැහැ” යැයි රුබියෝ කියා සිටියා.

“ඉරානයත් එක්ක ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ගේ ක්‍රීඩකයින් ගැන නෙවෙයි. ඔවුන් සමග ගෙන ඒමට අවශ්‍ය සමහර අනෙක් පුද්ගලයන් ගැනයි ගැටළුව තියෙන්නේ. මේ සමහරුන්ට IRGCයත් සමග සබඳතා තියෙනවා. අපට ඔවුන්ට එන්න දෙන්න බැරිවේවි, නමුත් ක්‍රීඩකයින්ට නෙවෙයි” රුබියෝ ප්‍රකාශ කළා.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේ ඉතාලියේ උපන් විශේෂ නියෝජිත පාලෝ සම්පෝලි Financial Times ට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. එහිදී ඔහු, ලෝක කුසලාන තරගාවලියේ ඉරානය ට තිබෙන ස්ථානය ඉතාලිය ට ලබා දෙන ලෙසට තරගාවලියේ එක් සත්කාරක රටක් වන අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ ට යෝජනා කළ බව කියා තිබුණා.

එම යෝජනාව වහාම ඉතාලි රජය හා එහි ක්‍රීඩා නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ යෝජනාවෙන් අමෙරිකානු රජයේ ආකල්පය පිළිබිඹු නොවන බව රුබියෝ සඳහන් කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com


සබැඳි පුවත් :

'ඉරානය වෙනුවට ඉතාලිය ගන්න': ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයාගෙන් FIFA වෙත ලජ්ජා සහගත යෝජනාවක්


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඉරාන ක්‍රීඩකයින් සාදරයෙන් පිළිගන්නා බව අමෙරිකාව කියයි | The Leader