The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තරගයට ආරාධනය නොකිරීමෙන් කුපිත වූ දේශපාලනඥයා ට්‍රැක්ටරයකින් පැමිණ තණතීරුව හාරයි

T

The Leader Desk

April 26, 2026 • 10:29 AM

තරගයට ආරාධනය නොකිරීමෙන් කුපිත වූ දේශපාලනඥයා ට්‍රැක්ටරයකින් පැමිණ තණතීරුව හාරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උද්යෝගය පාලනය කිරීමට නොහැකි ක්‍රිකට් ලෝලී නරඹන්නන් තමන්ගේ ජනප්‍රියතම ක්‍රීඩකයින් හමුවීම පිණිස පිටිය ආක්‍රමණය කිරීම සාමාන්‍යයෙන් අහිංසක ක්‍රියාවක්.
  •   අප්‍රේල් 12 වැනිදා මේ සිද්ධිය ඇතිව තිබෙන්නේ මුම්බායි සිට කිලෝමීටර් 400ක් ඈතින් පිහිටි ජල්ගාඔන් දිස්ත්‍රික්කයේ ධරන්ගාඔන් නුවර පැවති MLA කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය ක්‍රීඩා කරමින් තිබියදී.
  • එහිදී දේශීය දේශපාලනඥයෙක් ට්‍රැක්ටරයක් කෙළින්ම ක්‍රීඩා පෙදෙසට පදවා ගෙන ඇවිත් එය විනාශ කරමින් තරගය අනපේක්ෂිතව නතර කිරීම නිසා උත්සව සිරි ගත් අවසාන තරගය සැණින් මහා අවුලක් බවට පත්වුනා.
  • ධරන්ගාඔන් නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරන මේ පුද්ගලයා තරගාවලියේ අවසාන තරගය සඳහා ඔහුට ආරාධනා නොකිරීම පිළිබඳව කෝපයට පත්ව සිටි බව වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙසේ වෙතත්, ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඇතිවු අප්‍රසන්න හා පෙර නොවූ විරූ සිද්ධියකින් මේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම වෙනස් මට්ටමකට ගෙන ගියේ පිටියට පදවා ගෙන ආ ට්‍රැක්ටරයක් තණතීරුව මුළුමනින්ම හාරා දමා විනාශ කළ බැවින්.

 

f5ub5u5

අප්‍රේල් 12 වැනිදා මේ සිද්ධිය ඇතිව තිබෙන්නේ මුම්බායි සිට කිලෝමීටර් 400ක් ඈතින් පිහිටි ජල්ගාඔන් දිස්ත්‍රික්කයේ ධරන්ගාඔන් නුවර පැවති MLA කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය ක්‍රීඩා කරමින් තිබියදී. එහිදී දේශීය දේශපාලනඥයෙක් ට්‍රැක්ටරයක් කෙළින්ම ක්‍රීඩා පෙදෙසට පදවා ගෙන ඇවිත් එය විනාශ කරමින් තරගය අනපේක්ෂිතව නතර කිරීම නිසා උත්සව සිරි ගත් අවසාන තරගය සැණින් මහා අවුලක් බවට පත්වුනා.

ධරන්ගාඔන් නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරන මේ පුද්ගලයා තරගාවලියේ අවසාන තරගය සඳහා ඔහුට ආරාධනා නොකිරීම පිළිබඳව කෝපයට පත්ව සිටි බව වාර්තා වනවා. ඔහුගේ බලාපොරොත්තු සුන්වීමේ ඉච්ඡා භංගත්වය දේපළ විනාශ කිරීමේ ක්‍රියාවක් දක්වා වැඩිවී තිබුනේ ක්‍රීඩකයින්, තරග සංවිධායකයින් හා නරඹන්නන් මවිතයට පත් කරමින්.



ට්‍රැක්ටරයෙන් කඩාවදිමින්, පිටිය හාරන දර්ශන සමාජ මාධ්‍යයේ වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.

පිටියේ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් තරගය වහාම අහෝසි කිරීමට සිදුවුනේ හානියට පත් තණතීරුවේ තව දුරටත් තරගය පවත්වා ගෙන යාම අසීරු වූ බැවින්.

දේශීය පොලිසිය අප්‍රමාදව පැමිණ තත්ත්වය පාලනය කළා. එහෙත් මේ සිද්ධියේ දරුණුකම තිබියදීත් ඒ සම්බන්ධයෙන් කිසිම විධිමත් පැමිණිල්ලක් ගොනුකර නැත්තේ සිද්ධිය දුර දිග ගෙන යාමට තරග සංවිධායකයින් තුළ තිබූ අකැමැත්ත නිසා බව පැවසෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තරගයට ආරාධනය නොකිරීමෙන් කුපිත වූ දේශපාලනඥයා ට්‍රැක්ටරයකින් පැමිණ තණතීරුව හාරයි | The Leader