The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නොමිලේ බීර සහ අයිස්ක්‍රීම් - බොස්නියානු ක්‍රීඩකයාගෙන් ජර්මන් රසිකයන්ට තෑග්ගක්

T

The Leader Desk

April 27, 2026 • 12:32 PM

නොමිලේ බීර සහ අයිස්ක්‍රීම් - බොස්නියානු ක්‍රීඩකයාගෙන් ජර්මන් රසිකයන්ට තෑග්ගක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ පාපන්දු ක්‍රීඩා කරන බොස්නියා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ජර්මන් පාපන්දු ලෝලීන්ට නොමිලයේ බීර හා අයිස් ක්‍රීම් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.
  • “ඉතාලිය සමග තීරණාත්මක තරගයට පෙර මම ඉඟියෙන් පැවසුවා මම ලෝක කුසලාන තරගාවලියට ඇත්තටම ගියොත් ස්ටුට්ගාට් පාපන්දු ලෝලීන්ට බීර ලැබේවි කියලා.
  • මට දැන් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න අවශ්‍යයි.” ස්ටුට්ගාට් නගරයේ මේ සතියේ පැවැත්වෙන වසන්ත උත්සවයකදී පැයක කාලයක් තමා පෞද්ගලිකවම බීර පිළිගන්වන බව ඩෙමරෝවික් කියා තිබෙනවා.
  • ස්ටුට්ගාට් පාපන්දු පුහුණු සැසියක‍ ළමයින්ට බෙදා දීම සඳහා අයිස් ක්‍රීම් ට්‍රක් රථයක් ද පිළියෙළ කර තිබෙන ඔහු පාපන්දු සමාජයේ පරිත්‍යාගශීලී පදනමට සම්මාදම් මුදලක් ප්‍රදානය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ස්ටුට්ගාට් පාපන්දු ක්‍රීඩා සමාජයීය කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩකයෙකු වන අර්මෙඩින් ඩෙමරෝවික් (Ermedin Demirovic), බොස්නියා-හර්සගොවිනා දේශය සමග මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට යාමට අවස්ථාව ලැබුනොත් තමා මුළු ස්ටුට්ගාට් නගරයටම බියර් ලබා දෙන බවට පොරොන්දු වුණා.
c5yvw54yvw45y5
 
ඩෙමරෝවික් සහ ඔහුගේ ජාතික කණ්ඩායම ඉතාලිය අන්දමන්ද කරමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගෙන සිටින බැවින් ඔහු දැන් බීර සහ කුඩා ළමයින්ට අයිස් ක්‍රීම් ලබා දීම සංවිධානය කරමින් සිටින්නේ තමාට පාපන්දු සමාජ මට්ටමෙන් සහයෝගය ලබා දුන් ක්‍රීඩා ලෝලීන්ට ස්තූති කිරීමක් ලෙසින්.

“බොස්නියානු ජාතික කණ්ඩායම සමග ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීමට ලැබීම මට මහා ලොකු දෙයක්. මේ ග්‍රීෂ්ම සෘතුවේදී මම අති විශාල හීනයක් සම්පූර්ණ කර ගන්නවා” යනුවෙන් ඩෙමරෝවික් ඉන්ස්ටග්‍රෑම් හි සටහන් කර තිබෙනවා. “ඉතාලිය සමග තීරණාත්මක තරගයට පෙර මම ඉඟියෙන් පැවසුවා මම ලෝක කුසලාන තරගාවලියට ඇත්තටම ගියොත් ස්ටුට්ගාට් පාපන්දු ලෝලීන්ට බීර ලැබේවි කියලා. මට දැන් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න අවශ්‍යයි.”
ස්ටුට්ගාට් නගරයේ මේ සතියේ පැවැත්වෙන වසන්ත උත්සවයකදී පැයක කාලයක් තමා පෞද්ගලිකවම බීර පිළිගන්වන බව ඩෙමරෝවික් කියා තිබෙනවා. ස්ටුට්ගාට් පාපන්දු පුහුණු සැසියක‍ ළමයින්ට බෙදා දීම සඳහා අයිස් ක්‍රීම් ට්‍රක් රථයක් ද පිළියෙළ කර තිබෙන ඔහු පාපන්දු සමාජයේ පරිත්‍යාගශීලී පදනමට සම්මාදම් මුදලක් ප්‍රදානය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
w640xh480 GettyImages 2269519964
 
තමාගේ ජීවන ශෛලියට එරෙහිව යන බැවින් තමා මත්පැන් පානය නොකරන බව ඩෙමරෝවික් පසුගිය මාසයේ ප්‍රකාශ කර තිබුණා. “නමුත් මත්පැන් පානය කරන්න කැමති අයට මම පාටි විරෝධියෙක් වෙන්න මට අවශ්‍ය නැහැ.”

බොස්නියානු උරුමයකින් යුතුව ජර්මනියේ උපත ලද අර්මෙඩින් ඩෙමරෝවික් මේ ක්‍රීඩා වාරයේදී ස්ටුට්ගාට් කණ්ඩායම වෙනුවෙන් තරග 32කදී ගෝල් 12ක් ලබා ගෙන තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...