The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි විධා­යක සභා රැස්වී­මක් ! - අද සියලුදෙනා ඉල්ලා අස්වේ !!

T

The Leader Desk

April 28, 2026 • 4:47 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි විධා­යක සභා රැස්වී­මක්  ! - අද සියලුදෙනා ඉල්ලා අස්වේ !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ හදිසි විධා­යක සභා රැස්වී­මක් අද (28) කැඳවා ඇති අතර එහිදී සියලු සාමා­ජි­ක­යන් සිය තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම හා ඉදිරි හදිසි ක්‍රිකට් නිල­ව­ර­ණ­ය­කට අව­ස්ථාව සැල­සීම පිළි­බඳ සාක­ච්ඡා­වනු ඇතැයි රජයේ ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
  • පසු­ගිය වසරේ පැවති නිල­ව­ර­ණ‍යේදී සභා­පති තන­තු­රට පත් වූ ෂම්මි සිල්වා ඇතුළු වත්මන් විධා­යක කමිටු නිල­ධා­රීන්ගේ ධුර කාලය ලබන වසර දක්වා ක්‍රියා­ත්ම­කව පව­තින අතර, එසේ තිබි­යදී ඉදිරි නිල­ව­ර­ණ­යක් පිළි­බඳ සාක­ච්ඡා­වක් මතුව තිබීම විශේ­ෂ­ත්ව­යකි.
  • සභා­පති තන­තු­රට තරග කිරී­මට කල් ඇතිව සූදා­න­මින් සිටි මොහාන් ද සිල්වා ගේ නාම­යෝ­ජ­නාව ප්‍රති­ක්ෂේප වීමෙන් ෂම්මි සිල්වා සභා­පති සට­නට පිවිස ජය ගැනීම එම නිල­ව­ර­ණයේ විශේෂ සිදු­වී­මක් විය.
  •   අන­තු­රුව 2021දී යළිත් ක්‍රිකට් සභා­පති තන­තු­රට ෂම්මි සිල්වා පත්වූ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු සාමා­ජික සංගම් තර­ග­ය­කින් තොරව ඔහුව ක්‍රිකට් මුල් පුටුව කරා රැගෙන ආවේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ හදිසි විධා­යක සභා රැස්වී­මෙන් අන­තු­රුව තන­තු­රු­ව­ලින් ඉල්ලා අස්වීම් පිළි­බඳ නිල ප්‍රකා­ශය නිකුත් කරනු ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

පසු­ගිය වසරේ පැවති නිල­ව­ර­ණ‍යේදී සභා­පති තන­තු­රට පත් වූ ෂම්මි සිල්වා ඇතුළු වත්මන් විධා­යක කමිටු නිල­ධා­රීන්ගේ ධුර කාලය ලබන වසර දක්වා ක්‍රියා­ත්ම­කව පව­තින අතර, එසේ තිබි­යදී ඉදිරි නිල­ව­ර­ණ­යක් පිළි­බඳ සාක­ච්ඡා­වක් මතුව තිබීම විශේ­ෂ­ත්ව­යකි.

වත්මන් ක්‍රිකට් ආය­තන සභා­පති ෂම්මි සිල්වා  ඇතුළු ක්‍රිකට් විධා­යක සභා­වෙන් අන­තු­රුව, ශ්‍රී ලංකා ක්‍රිකට් පරි­පා­ල­නය සඳහා කෙටි­කා­ලීන අතුරු පාලක කමි­ටු­වක් පත් කිරී­මට නිය­මි­තව ඇති අතර, අදාළ අතුරු කමි­ටුව සඳහා ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ගේ නම් කිහි­ප­යක් යෝජනා වී ඇති බවත් එම අතුරු පාලක කමි­ටුව විසින් විශේෂ මහ සභා රැස්වී­මක් කැඳවා නිල­ව­රණ කමි­ටු­වක් පත්කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි නිල­ව­ර­ණය සංවි­ධාන කළ යුතු බවත් 'දිනමිණ' පුවත් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

ජනාධිපතිගේ ඉල්ලීමක් ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ සභා­පති ෂම්මි සිල්වා මුල් වරට 2019 වසරේ පෙබ­ර­වාරි මාසයේ දී ක්‍රිකට් සාමා­ජික සංග­ම්වල බහු­තර ඡන්ද­යෙන් තේරී පත්වූ අතර, එහිදී ඔහු ඡන්ද 83ක් හා ජයන්ත ධර්ම­දාස ඡන්ද 56ක් හිමි­කර ගත්හ. සභා­පති තන­තු­රට තරග කිරී­මට කල් ඇතිව සූදා­න­මින් සිටි මොහාන් ද සිල්වා ගේ නාම­යෝ­ජ­නාව ප්‍රති­ක්ෂේප වීමෙන් ෂම්මි සිල්වා සභා­පති සට­නට පිවිස ජය ගැනීම එම නිල­ව­ර­ණයේ විශේෂ සිදු­වී­මක් විය.

 

shammi25.0402
අන­තු­රුව 2021දී යළිත් ක්‍රිකට් සභා­පති තන­තු­රට ෂම්මි සිල්වා පත්වූ අතර, එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු සාමා­ජික සංගම් තර­ග­ය­කින් තොරව ඔහුව ක්‍රිකට් මුල් පුටුව කරා රැගෙන ආවේය. ඉති­හා­සය පුරා ක්‍රිකට් නිල­ව­ර­ණ­ව­ලදී තර­ග­ය­කින් තොරව බහු­තර සංග­ම්වල කැමැත්ත මත ශම්මි සිල්වා ක්‍රිකට් සභා­පති තන­තු­රට තුන්ව­තා­වක් පත්වීම කැපී­පෙ­නිණි. 

ෂම්මි සිල්වා ට තවත් වසරකට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කිරීමේ හැකියාව තිබියදී ඔහු ඉල්ලා අස්වීමට තීන්දුකර ඇත්තේ ජනාධිපති අනුර කුමාර ඔහුගෙන් කළ කාරුණික ඉල්ලීමක් මත බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ අතර, ඊයේ (අප්‍රේල් 27) පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් කිරීමට නියමිත බව යි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉඩ දෙයි ද?

ශ්‍රී ලංකාවේ 1973 ක්‍රීඩා නීතිය මගින් ක්‍රීඩා අමාත්‍යවරයාට පාලක මණ්ඩල විසුරුවා හැරීමට පුළුල් බලතල ලබා දී ඇති අතර, එය මීට පෙර ක්‍රියාත්මක කර ඇති විධිවිධානයකි.

2015 දී හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි අතුරු කමිටුවක ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, 2018 දී එවකට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, තිලංග සුමතිපාලගේ ධූර කාලය අවසන් වීමෙන් පසු කමල් පද්මසිරි නිසි බලධාරියා ලෙස පත් කළේ ය.

කෙසේ වුවද, ක්‍රිකට් අතුරු කමිටු පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පාලන රාමුවට අනුකූල නොවන අතර, ඔවුන් සිය සාමාජික මණ්ඩලවලට එල්ල වන දේශපාලන මැදිහත්වීම් ප්‍රතික්ෂේප කරයි.

නමුත් 2022 වසරේදී රමීස් රාජා පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එරට ක්‍රිකට් පාලන කටයුතු වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කෙරිණි. 2024 වසරේදී පැවති නිලවරණයෙන් අනතුරුව වත්මන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය බලයට පත් විය.

මේ අතර 2026 අප්‍රේල් මස මුලදී පත් කරන ලද නව සාමාජිකයින් 11 දෙනෙකුගෙන් යුත් තාවකාලික කමිටුවක් යටතේ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

එවන් පසුබිමක 2023 වසරේදී ශ්‍රී ලංකාව අතුරු කමිටුවක් පත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට සාමාජිකත්වය අත්හිටවනු ලදී.

කෙසේ වුවද එවන් පසුබිමක් යටතේ නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එකඟතාවය හිමිවේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.

 

sunil kumara
ඉකුත් මාර්තු මස 05 වැනිදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මාධ්‍ය අමතමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ පරිපාලනමය වශයෙන් වෙනස්කම් කිරිම සඳහා රජය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සම්බන්ධ වෙමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවය.

''ක්‍රීඩාව තහනම් කර ගන්නේ නැතිව අවශ්‍ය වෙනස්කම් සිදුකර ගන්න රජයක් හැටියට අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරමින් ඉන්නවා. මොකද අද මේ සාකච්ඡාවලට ජනාධිපතිතුමාත් මැදිහත් වෙලා ඉන්නවා.'' යනුවෙන් අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...