The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආනොල්ඩ් ගේ පුතාට මංගල කායවර්ධන තරගයෙන්ම රන් පදක්කම් තුනක්

T

The Leader Desk

April 29, 2026 • 3:41 PM

 ආනොල්ඩ් ගේ පුතාට මංගල කායවර්ධන තරගයෙන්ම රන් පදක්කම් තුනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආනොල්ඩ් ෂ්වෝට්සනෙගර් (Arnold Schwarzenegger) නමැති ලොව ජනප්‍රිය කායවර්ධකයා සහ හොලිවුඩ් නළුවාගේ අඩිපාරේ යාම
  • 28 හැවිරිදි ජෝසෆ් බේන් (Joseph Baene) සිය පියා අනුගමනය කිරීමට පටන් ගෙන තිබෙන්නේ ඔහුගේ මංගල කායවර්ධන තරගයේදී ම ඉහළම ශූරතා දිනා ගනිමින්.
  • මීට අමතරව මේ නැගී එන කායවර්ධන ශූරයා Classic Physique Open Class C ඉසව්වේ අනුශූරයා බවට පත්වුනා.
  •   වේදිකාවේ සිටියදී ගත් ඡායාරූප සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ බෙදා ගෙන ඇති බේන්, ඔහු දිනා ගත් පදක්කම්වල තරග අංශ ලැයිස්තුව ද පෝස්ට් කර තිබෙන්නේ “මෙහෙයුම සාර්ථකව නිම කළා” (Mission Accomplished) යනුවෙන් සටහන් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුගේ පුතා ආරම්භ කර තිබෙනවා.


28 හැවිරිදි ජෝසෆ් බේන් (Joseph Baene) සිය පියා අනුගමනය කිරීමට පටන් ගෙන තිබෙන්නේ ඔහුගේ මංගල කායවර්ධන තරගයේදී ම ඉහළම ශූරතා දිනා ගනිමින්. NPC Natural Colorado තරගාවලියේදී රන් පදක්කම් තුනක් හිමිකර ගැනීමට බේන් සමත් වුනා.

තම පියා සමග නිතර පුහුණු වන බේන් පසුගියදා පැවති මේ තරගාවලියේදී විවෘත කායවර්ධන අංශයේ Heavy Weight Class, Classic Physique True Novice සහ Classic Physique Novice ඉසව්වල පළමු ස්ථාන හිමිකර ගත්තා. මීට අමතරව මේ නැගී එන කායවර්ධන ශූරයා Classic Physique Open Class C ඉසව්වේ අනුශූරයා බවට පත්වුනා.
 
arnold schwarzenegger joseph baena

වේදිකාවේ සිටියදී ගත් ඡායාරූප සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ බෙදා ගෙන ඇති බේන්, ඔහු දිනා ගත් පදක්කම්වල තරග අංශ ලැයිස්තුව ද පෝස්ට් කර තිබෙන්නේ “මෙහෙයුම සාර්ථකව නිම කළා” (Mission Accomplished) යනුවෙන් සටහන් කරමින්.

පියාගේ වික්‍රමාන්විත ක්‍රියාවන් නැවත කිරීමට උත්සාහ කරන පුතෙකුගේ අලුත් ගමනක ආරම්භයයි මේ.
78 හැවිරිදි වියේ පසුවන ආනොල්ඩ් ෂ්වෝට්සනෙගර්, කායවර්ධන ඉතිහාසයේ ඉතාමත් වැදගත් රුවක් ලෙස සැලකෙන අතර ඔහුගේ උරුමය අනොල්ඩ් ක්ලැසික් වාර්ෂික තරගාවලියෙන් (Arnold Classic) සමරනු ලබනවා.

ආනොල්ඩ් ඔහුගේ කීර්තිමත් කායවර්ධන දිවිය තුළ කිහිප අවස්ථාවකම ‘ඔලිම්පියානු අයෝමය පුරුෂයා’ - Mr. Olympia - කිරුළ දිනා ගෙන ඇති අතර ආනොල්ඩ්ගේ නම වයස අවුරුදු 23දී ඉතිහාස පොත්වලට ඇතුළත් කළේ එහි පළමු ශූරතාවයි.

ආනොල්ඩ් ෂ්වෝට්සනෙගර්ගේ සාර්ථක ජයග්‍රහණ අතරේ ඔහු කිරුළු පැළඳූ ‘විශ්වයේ අයෝමය පුරුෂයා’- Mr. Universe - සහ ‘ලෝක අයෝමය පුරුෂයා’- Mr. World - යන ශූරතා ද තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...