The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මයිල්ස් ඩේවිස්: එංගලන්ත වේග පන්දු යවන්නාගෙන් ද්විත්ව ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවක්

T

The Leader Desk

April 30, 2026 • 4:17 PM

මයිල්ස් ඩේවිස්: එංගලන්ත වේග පන්දු යවන්නාගෙන් ද්විත්ව ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තයේ වේග පන්දු යවන්නෙකු වන මයිල්ස් ඩේවිස් (Myles Davis) ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම විරල වික්‍රමයක් පාමින් පිට පිට
  • ඔහුගේ මේ ප්‍රබල පන්දු ප්‍රහාරය හමුවේ අන්දමන්ද වූ පෙල්සල් ඉනිම 49-9ක මුළු ලකුණු තත්ත්වයකට කඩා වැටුනා.
  • ඩේවිස්ගේ ඕවර හයකින් ලකුණු 16කට කඩුලු 7ක අතිවිශිෂ්ට පන්දු යැවීම මත පිංක්රිජ් කණ්ඩායම ලකුණු 116ක ජයක් වාර්තා කළා.
  • කෙසේ වෙතත්, මෙවැනි දක්ෂතාවක් වාර්තා කළ එංගලන්තයේ පළමු වැඩිහිටි පිරිමි ක්‍රීඩකයා ඩේවිස් බව පැවසෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කඩුලු තුන බැගින් වන ‘හැට්-ට්‍රික්’ (hat-trick) දක්ෂතා දෙකක් වාර්තා කරමින් පන්දු හයකින් කඩුලු හයක් ලබා ගැනීමට සමත්ව සිටිනවා.

දකුණු ස්ටැෆඩ්ෂ ප්‍රාන්ත ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රිමිය අංශයේ තරගයකදී පෙල්සල් කණ්ඩායමට එරෙහිව පිංක්රිජ් පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් ඩේවිස් මේ ද්විත්ව ‘හැට්-ට්‍රික්’ දක්ෂතාව සම්පූර්ණ කළා.

පිංක්රිජ් කාසියේ වාසිය දිනා ගෙන ලකුණු 168කට දැවී යාමෙන් පසුව, හිටපු එංගලන්ත දඟ පන්දු යවන්නෙකු වන මොන්ටි පනීසා නැතිව ක්‍රීඩා කරමින් සිටි පෙල්සල් ඕවර අටකින් පසුව කඩුලු දෙකක් දැවී ලකුණු 49ක් රැස් කරගෙන සිටි අතර ඒ වන විටත් ඩේවිස් ඔහු‌ගේ තෙවැනි ඕවරයේදී සිය පළමු කඩුල්ල ලබා ගෙන සිටියා.

‘වයිඩ්’ පන්දුවකින් ඉනිමේ නව වැනි ඕවරය ආරම්භ කිරීමෙන් පසුව ඔහු විනාශකාරී පන්දු ප්‍රහාරය ආරම්භ කළා.

ඔහුගේ ඕවරයේ අවසාන පන්දු දෙක කෙළින්ම කඩුල්ල වෙත යවමින් පිතිකරුවන් දෙදෙනෙක් දවාලූ ඩේවිස් ඔහුගේ ඊළඟ ඕවරයේ ආරම්භක පන්දුවෙන් තවත් කඩුල්ලක් ලබා ගත්තේ පිතිකරුවා පා පෙදෙසෙන් කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබා දීම හේතුවෙන්.

ඉන්පසුව තවත් පිතිකරුවෙකු පන්දුව කඩුල්ලේ ගැටීමෙන් දැවී ගිය අතර ඩේවිස් ඊළඟ පිතිකරුවාගේ මැද ඉන්න බිඳ දමා ඔහුගේ පන්දු හයකින් කඩුලු හය සම්පූර්ණ කළේ තවත් පිතිකරුවෙකුගේ පිට ඉන්න බිඳ දමමින්. ඔහුගේ මේ ප්‍රබල පන්දු ප්‍රහාරය හමුවේ අන්දමන්ද වූ පෙල්සල් ඉනිම 49-9ක මුළු ලකුණු තත්ත්වයකට කඩා වැටුනා.

ඩේවිස්ගේ ඕවර හයකින් ලකුණු 16කට කඩුලු 7ක අතිවිශිෂ්ට පන්දු යැවීම මත පිංක්රිජ් කණ්ඩායම ලකුණු 116ක ජයක් වාර්තා කළා.

මේ වික්‍රමාන්විත පන්දු යැවීමත් සමග සුවිශේෂ පන්දු යවන්නන්ගේ සමාජයකට එක්වූ මයිල්ස් ඩේවිස්, 2023 වසරේ ජූනි මාසයේ 9 වැනිදා කුක්හිල් කණ්ඩායමට එරෙහිව බ්‍රොම්ස්ග්‍රෝව් ක්‍රිකට් සමාජයීය කණ්ඩායමට ක්‍රීඩා කරමින් පන්දු හයකින් කඩුලු හයක් ලබා ගත් 12 හැවිරිදි ඔලිවර් වයිට්හවුස්ගේ දක්ෂතාව සම කිරීමට උත්සාහ කර තිබෙනවා. වයිට්හවුස් කඩුලු හය වාර්තා කළේ එක ඕවරයක පන්දු හයකින් එකදිගට පිතිකරුවන් හය දෙනෙකු දවාලමින්. කෙසේ වෙතත්, මෙවැනි දක්ෂතාවක් වාර්තා කළ එංගලන්තයේ පළමු වැඩිහිටි පිරිමි ක්‍රීඩකයා ඩේවිස් බව පැවසෙනවා.

විදුලි කාර්මියෙකු වන ඩේවිස් ට ‘හැට්-ට්‍රික්’ කඩුලු ලබා ගැනීම අලුත් දෙයක් නෙවෙයි. ඔහු පසුගිය ක්‍රීඩා වාරයේ ද ‘හැට්-ට්‍රික්’ දෙකක් ලබා ගත්තා.

මයිල්ස් ඩේවිස් ට මෙවර තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වී තිබෙන්නේ රැකියාවේදී ඔහු සමග එකට වැඩ කරන්නෙක් ඔහුගේ රාජකාරිය කිරීමට එකඟ වූ නිසා පමණක් බව වාර්තා වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...