The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

හෝටලයේ ස්නානය කරමින් සිටි කාන්තාවන් රූගත කළ චෝදනාවට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

T

The Leader Desk

May 1, 2026 • 10:29 AM

හෝටලයේ ස්නානය කරමින් සිටි කාන්තාවන් රූගත කළ චෝදනාවට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ හෝටලයක ස්නානය කරමින් සිටි කාන්තාවන් රූගත කළා යැයි කියන චෝදනාව මත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ESPNcricinfo වාර්තා කරනවා. සිද්ධිය ඇතිව තිබෙන්නේ ක්‍රීඩකයින් නැවතී සිටි නාරාහේන්පිට හෝටලයක.
  • ක්‍රීඩකයින් දෙදෙනා රුපියල් ලක්ෂ පහක පෞද්ගලික ඇප මත මුදා හැර ඇතැයි වාර්තා වනවා.
  • මේ ක්‍රීඩකයින්ව ඔවුන්ගේ මූලික නඩු ඇසීම සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ අතර ඔවුන් නැවත මැයි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියමිත බව ද වාර්තා වනවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):



නානකාමර ඇතුළේ සිටියදී ජංගම දුරකථනවලින් තමන්ව රූගත කළ බවට හෝටලයේ ලැගුම් ගෙන සිටි කාන්තාවන් විසින් පැමිණිලි කිරීමෙන් පසුවයි මේ ක්‍රීඩකයින්ව මේ සතිය මුලදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ක්‍රීඩකයින් දෙදෙනා රුපියල් ලක්ෂ පහක පෞද්ගලික ඇප මත මුදා හැර ඇතැයි වාර්තා වනවා.

ඔවුන් විසින් රූගත කරනු ලැබුවේ යැයි කියන වීඩියෝ මාර්ගගතව බෙදා හරිනු ලැබුවේ ද යන්න පිළිබඳව නාරාහේන්පිට පොලිසිය දැන් පරීක්ෂණ පවත්වනවා.

මේ ක්‍රීඩකයින්ව ඔවුන්ගේ මූලික නඩු ඇසීම සඳහා අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ අතර ඔවුන් නැවත මැයි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියමිත බව ද වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමක් පිළිබඳව නිවේදනයක් කර නැහැ. එම ආයතනය හිටපු නිලධාරීන්ගේ ඉවත් වීම හා පරිවර්තන කමිටුවක් පත් කිරීම නිසා දැන් වෙනස් වීමකට ලක්ව සිටිනවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හෝටලයේ ස්නානය කරමින් සිටි කාන්තාවන් රූගත කළ චෝදනාවට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් අත්අඩංගුවට | The Leader