The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියානු දෙදරු මවකගෙන් සාරියක් පැළඳ වැඩිම වේගයෙන් මැරතන් දිවීමේ ගිනස් ලෝක වාර්තාවක්

T

The Leader Desk

May 6, 2026 • 9:22 AM

ඉන්දියානු දෙදරු මවකගෙන් සාරියක් පැළඳ වැඩිම වේගයෙන් මැරතන් දිවීමේ ගිනස් ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තයේ වෙසෙන ඉන්දියානු දෙදරු මවක් සාරියක් පැළඳ වැඩිම වේගයෙන් මැරතන් දිවීමේ ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
  • ජෙනාගේ ඉලක්කය වී තිබුනේ ඔ්නෑම ජනවාර්ගික පසුබිමක් තිබෙන කාන්තාවකට තමන්ට පහසු යැයි දැනෙන ඇඳුමකින් රේස් දිවීමට හැකි බව පෙන්වීමයි.
  • තරග දිනයේ තමන්ට ලැබුනු මවිත කරවන සහයෝගයෙන් තමා ඉතාමත් සතුටට පත්ව සිටින බව ඇය කියා සිටියා.
  •   ස්ටොක්පෝර්ට් හා මැන්චෙස්ටර් වැනි නගරවල සිටින දකුණු ආසියානු පෙළපතක් තිබෙන අනෙක් ජනතාවගෙන් තමාට සුභපැතුම් පණිවුඩ ගලා ආ බව පවසන ජෙනා, තමා මෙන් දිවීමට ඔවුන්ටත් දැන් උවමනා වී ඇතැයි ඒ සියලු දෙනා කියා සිටි බව සඳහන් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ස්ටෝක්පෝට් නගරයේ පදිංචි 46 හැවිරිදි මධුස්මිතා ජෙනා (Madhusmita Jena) පසුගිය ඉරිදා පැවති මැන්චෙස්ටර් මැරතන් තරගය පැය 3යි මිනිත්තු 45කින් අවසන් කරමින් කලින් තිබූ වාර්තාව මිනිත්තු 12කට වැඩි කාලයකින් බිඳ දැමීමට සමත් වුණා.

ජෙනාගේ ඉලක්කය වී තිබුනේ ඔ්නෑම ජනවාර්ගික පසුබිමක් තිබෙන කාන්තාවකට තමන්ට පහසු යැයි දැනෙන ඇඳුමකින් රේස් දිවීමට හැකි බව පෙන්වීමයි. තරග දිනයේ තමන්ට ලැබුනු මවිත කරවන සහයෝගයෙන් තමා ඉතාමත් සතුටට පත්ව සිටින බව ඇය කියා සිටියා.

rte4trgr5

 

ස්ටොක්පෝර්ට් හා මැන්චෙස්ටර් වැනි නගරවල සිටින දකුණු ආසියානු පෙළපතක් තිබෙන අනෙක් ජනතාවගෙන් තමාට සුභපැතුම් පණිවුඩ ගලා ආ බව පවසන ජෙනා, තමා මෙන් දිවීමට ඔවුන්ටත් දැන් උවමනා වී ඇතැයි ඒ සියලු දෙනා කියා සිටි බව සඳහන් කරනවා.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ගුරුවරියක වන ජෙනා මේ වන විට මැරතන් තරග 42ක් ධාවනය කර තිබෙන අතර ඉරිදා තරගයේදී ඇය මකා දැමුවේ 2018  වසරේ සැප්තැම්බරයේ ජර්මනියේදී ක්‍රාන්ති සල්වි නමැති ඉන්දියානු කාන්තාව බර්ලින් මැරතන් තරගය පැය 3යි මිනිත්තු 57යි තත්පර 7කින් ධාවනය කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

35y45

 

මැන්චෙස්ටර් මැරතන් තරගය නැරඹීමෙන් පසුව තමන්ගේ බිරින්දෑවරුන්ටත් රේස් දුවන්න අවශ්‍යව තිබෙන බව ඉන්දියා ජාතික පිරිමින් කියා සිටි බව ජෙනා ප්‍රකාශ කරනවා.

මේ තරගයේදී ඇයට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල් උපකරණ වෙනුවෙන් පවුම් 2,300ක මුදලක් එකතු කර ගැනීමට ද හැකිවුණා.

 



warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...