The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියා සහ චීන පාපන්දු ලෝලීන්ට ලෝක කුසලාන තරග නැරඹීමේ වරම් නොලැබේවිද?

T

The Leader Desk

May 7, 2026 • 8:34 AM

ඉන්දියා සහ චීන පාපන්දු ලෝලීන්ට ලෝක කුසලාන තරග නැරඹීමේ වරම් නොලැබේවිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ වැඩිම ජනගහණයෙන් යුත් රටවල් දෙක වන චීනය සහ ඉන්දියාවේ මිලියන ගණන් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට ලබන මස ඇරඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරඹීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ තිබෙනවා.
  •   ගෝලීයව තමන් සන්තක ප්‍රදේශ අවම වශයෙන් 175ක තරග විකාශය කිරීම සඳහා විකාශන ආයතන සමග එකඟත්වයන්ට පිවිස අවසන් බව FIFA පවසනවා.
  • එහෙත් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මාධ්‍ය අයිතීන් අලෙවි කිරීම  සම්බන්ධයෙන් චීනය හා ඉන්දියාව සමග කරන සාකච්ඡා තවමත් පැවැත්වෙමින් තිබෙන බවත් මේ මොහොතේ ඒවා රහස්‍ය ලෙස තිබිය යුතු බවත් ලෝක පාපන්දු බලධාරීන් ප්‍රකාශ කරනවා.
  • 2018 සහ 2022 ඇතුළුව පසුගිය ලෝක කුසලාන තරගාවලියන් හිදී චීනයේ රාජ්‍ය විකාශකයන් වන CCTV ආයතනය කලින් ම අයිතීන් සුරක්ෂිත කරගෙන තරගාවලිය පටන් ගැනීමට සති ගණනාවකට පෙර ප්‍රවර්ධන විස්තර හා අනුග්‍රාහක දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

මීට හේතු වී තිබෙන්නේ ඉන්දියාවේ තරග විකාශන අයිතීන් සම්බන්ධයෙන් වන සාකච්ඡා ඇණහිටීම හා චීනය කිසිම නිල තීරණයක් ගෙන නොතිබීම.

2022 ලෝක කුසලාන තරගාවලියේදී ගෝලීය ඩිජිටල් හා සමාජ මාධ්‍ය වේදිකාවලින් තරග නැරඹීමේ මුළු පැය ගණනින් සියයට 49.8ක් වාර්තා වී තිබූ චීනයේ මෙන්ම ඉන්දියාවේ ද මෙවර තරගාවලිය සම්බන්ධයෙන් කිසිම ගිවිසුමක් නිවේදනය වී නැතැයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) කියනවා.

hh5676n7i

 

ගෝලීයව තමන් සන්තක ප්‍රදේශ අවම වශයෙන් 175ක තරග විකාශය කිරීම සඳහා විකාශන ආයතන සමග එකඟත්වයන්ට පිවිස අවසන් බව FIFA පවසනවා.

එහෙත් 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මාධ්‍ය අයිතීන් අලෙවි කිරීම  සම්බන්ධයෙන් චීනය හා ඉන්දියාව සමග කරන සාකච්ඡා තවමත් පැවැත්වෙමින් තිබෙන බවත් මේ මොහොතේ ඒවා රහස්‍ය ලෙස තිබිය යුතු බවත් ලෝක පාපන්දු බලධාරීන් ප්‍රකාශ කරනවා.

ලෝක කුසලාන තරග විකාශනයේ ස්ථිර කෙරුනු එකඟත්වයක් ඉන්දියාව හා චීනය සමග මේ වන විට නොතිබීම අසාමාන්‍ය දෙයක්.

2018 සහ 2022 ඇතුළුව පසුගිය ලෝක කුසලාන තරගාවලියන් හිදී චීනයේ රාජ්‍ය විකාශකයන් වන CCTV ආයතනය කලින් ම අයිතීන් සුරක්ෂිත කරගෙන තරගාවලිය පටන් ගැනීමට සති ගණනාවකට පෙර ප්‍රවර්ධන විස්තර හා අනුග්‍රාහක දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භ කළා.

 

OKE233TS2RL6ZGPNQS7XS5EPFQ scaled

මේ අතර තායිලන්තය ද මේ දක්වා ඔවුන්ගේ රටේ ලෝක කුසලාන තරග විකාශනය කරන ස්ථිර වූ ගිවිසුමකට එළඹ නැත්තේ ආසියානු පාපන්දු ලෝලීන් විශාල පිරිසකට ලෝක කුසලාන තරග නැරඹීමේ අවස්ථාව අහිමි වේය යන බිය ඇති කරමින්. තායිලන්තයේ ජාතික විකාශන හා විදුලි සන්දේශ කොමිසම (NBTC) පසුගිය ජූනි මාසයේදී ඔවුන්ගේ ‘අවශ්‍ය ම’ ලැයිස්තුවකින් ලෝක කුසලාන තරගාවලිය ඉවත් කළා. මෙයින් අදහස් කෙරෙන්නේ තරගාවලිය තවදුරටත් ජනතාවට නොමිලේ විකාශය කිරීම අවශ්‍ය නොවන බවයි.

කෙසේ වෙතත්, තායිලන්ත අගමැතිවරයා පෙරේදා මීට මැදිහත් වෙමින්, තායිලන්ත පාපන්දු ලෝලීන්ට ලෝක කුසලාන තරගාවලිය මඟ නොහැරෙනු ඇති බවට සහතික වී තිබෙනවා.  මීට පෙර තිබූ රජයන් ලෝක කුසලානයට නොමිලේ ප්‍රවේශය ලබා දී තිබූ බවත් තමාගේ පරිපාලනය ද ඊට විරුද්ධව නොයන බවත් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

 

Untitled 1
තරග විකාශනය තවමත් සහතික වී නොතිබීම නිසා චීනයේ සිට ඉන්දියාව හා තායිලන්තය දක්වා වන පාපන්දු උන්මාදිත ආසියාවේ මිලියන ගණනින් යුත් ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ නිවෙස්වලට වී ලෝක කුසලාන තරග නැරඹීමට හැකිවේවිද යන දෙගිඩියාවෙන් පසුවීමට එක් හේතුවක් වී තිබෙන්නේ කලාපයේ තිබෙන පහසු නොවන තරග වේලාවන්.

බෙයිජිං සහ ෂැංහයි නගරවල සිටින ක්‍රීඩා ලෝලීන්ට ලෝක කුසලානයේ සමාරම්භක තරගය මෙන්ම අවසාන තරගය ද ආරම්භ වන්නේ පෙරවරු 3.00 ට. නවදිල්ලියේදී එය පෙරවරු 12.30 වනවා. පෙරවරු 6.30 ට ඇරඹෙන්නේ තරග කිහිපයක් පමණයි.

මේ වේලාවලදී තරග නරඹන්නේ පාපන්දුවට ඉතාමත් තදින් ඇලී ගැලී සිටින පිරිස පමණක් බැවින් තරග නරඹන සංඛ්‍යාවේ අඩුවීමක් තිබෙනවා. මේ හේතුවෙන්, තරග විකාශය කරන නාලිකාවන්ට දැන්වීම් ලබා ගෙන මුදල් ඉපයීමට තිබෙන අවස්ථාවන් විශාල ප්‍රමාණයෙන් පහළ බසිනවා.

 

wf6w5445

ඉන්දියාවේ විශාලතම මාධ්‍ය සංස්ථාව වන JioStar තරග විකාශන අයිතීන් වෙනුවෙන් ඩොලර් මිලියන 20ක් ලබා දීමට FIFA ට යෝජනා කර තිබෙනවා. නමුත් මුලදී FIFA ට 2026 සහ 2030 ලෝක කුසලාන අයිතීන් සඳහා ඩොලර් මිලියන 100ක් අවශ්‍යව තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. අවසාන ගිවිසුම FIFA බලාපොරොත්තු වන මුදලට වඩා බොහෝ අඩුවෙන් සිදුවනු ඇති බව පැවසෙනවා.

2026 ලෝක කුසලාන තරගාවලිය ජූනි 11 වැනිදා ආරම්භ වන බැවින් ගිවිසුමක් ස්ථිර කර ගැනීම සඳහාත්, විකාශනයේ මූලික පදනම සකස් කිරීම හා සම්පූර්ණ ප්‍රචාරක ලේඛනය අලෙවි කිරීම සඳහාත් තවත් ඉතිරිව තිබෙන්නේ සති පහක කාලයක් පමණයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...