නමූත් ටූසාන් නගරයේදී, එහි ජනතාව ඉරාන පාපන්දු කණ්ඩායම සාදරයෙන් පිළිගැනීමට සූදානම් වෙමින් සිටින්නේ පිටත ලෝකයේ වැරදි කිසිවක් සිදු නොවන ගාණට.
ඇරිසෝනා කාන්තාරයේ පිහිටා තිබෙන ශිෂ්ටාචාරයක ක්ෂේම භූමියක් වන මේ නගරය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන මාසයේ අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ ආරම්භ වෙද්දී ඉරාන පාපන්දු කණ්ඩායමේ කඳවුර වීමට නියමිතයි.
ඇරිසෝනා කාන්තාරයේ පිහිටා තිබෙන ශිෂ්ටාචාරයක ක්ෂේම භූමියක් වන මේ නගරය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන මාසයේ අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ ආරම්භ වෙද්දී ඉරාන පාපන්දු කණ්ඩායමේ කඳවුර වීමට නියමිතයි.
“අපි ඔවුන්ට මෙහිදී සත්කාරකත්වය දක්වන්න බලා සිටින්නේ ඉතාමත් ප්‍රබෝධයෙන්. අපි ඔවුන්ට ධනාත්මක අත්දැකීමක් ලබා දෙනවා”...මෙසේ කියන්නේ ඉරාන කණ්ඩායම පුහුණු වීමට නියමිත කිනෝ ක්‍රීඩා සංකීර්ණයේ (Kino Sports Complex) අධ්‍යක්ෂිකා සාරා හනා (Sarah Hanna).
ජාත්‍යන්තර පාපන්දු සම්මේලන (FIFA) නියෝගයේ උසට මෙහි තණකොළ කපා ජලයෙන් සාත්තු කරගෙන යන්නේ ඉරාන කණ්ඩායම ඔවුන්ගේ මූලික තරග ක්‍රීඩා කිරීම පිණිස ලොස් ඇන්ජලීස් නගරයේ තණ බිමට පිවිසෙන විට ඔවුන්ට එහිදී අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දීමට සිදු නොවන බවට සහතික වීමටයි.
හෝටල කාමර සහ රැස්වීම් පැවැත්වීම සඳහා ස්ථාන සූදානම් කර තිබෙන අතර ආරක්ෂාව ද තර කර තිබෙනවා.
“මේ මොහොතේදී මම මේ පුහුණු සංකීර්ණයේ සතියකට සමාන්‍යයෙන් රැස්වීම් 12 සිට 20 දක්වා සංඛ්‍යාවක් පැවැත්වෙනු ඇතැයි සිතනවා” යනුවෙන් හනා කියනවා.
හෝටල කාමර සහ රැස්වීම් පැවැත්වීම සඳහා ස්ථාන සූදානම් කර තිබෙන අතර ආරක්ෂාව ද තර කර තිබෙනවා.
“මේ මොහොතේදී මම මේ පුහුණු සංකීර්ණයේ සතියකට සමාන්‍යයෙන් රැස්වීම් 12 සිට 20 දක්වා සංඛ්‍යාවක් පැවැත්වෙනු ඇතැයි සිතනවා” යනුවෙන් හනා කියනවා.
ටූසාන් නගරය මෙසේ යුහුසුළුව ක්‍රියා කරමින් සිටින්නේ දැන් 11 වැනි සතියට පිවිස තිබෙන, එක් පැත්තක අමෙරිකාව හා ඊශ්‍රායලයත් අනෙක් පැත්තේ ඉරානයත් සිටිමින් පවතින යුද්ධයකට එරෙහි පසුබිමකයි.
කලින් සැලසුම් කර තිබෙන පරිදි ම ඉරාන පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන බවට එහි සංවිධායකයින් වන FIFA අවධාරණය කර තිබෙන බැවින් ටූසාන් නගරය ඔවුන්ගේ සූදානම් කටයුතුවල දිගටම නිරතව සිටිනවා.
“අපට අදාළ වන පරිදි, ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් වන කටයුතු සියයට 100ක් කෙරීගෙන යනවා. ඒවා කිසිවිටක නතර වුනේ නැහැ” හනා පවසනවා. “අපේ නගරයට එන කණ්ඩායම ඉරානය බවට හඳුනා ගත් දා පටන් අපි ඔවුන් අපේ ලෝක කුසලාන කණ්ඩායම ලෙස පිළිගෙන ඉදිරි වැඩකටයුතු කරගෙන යනවා. ඊට පරස්පර දෙයක් FIFA වෙතින් අසන්නට ලැබෙන තෙක් අපි අපේ වැඩ කරගෙන යනවා.”
“අපට අදාළ වන පරිදි, ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් වන කටයුතු සියයට 100ක් කෙරීගෙන යනවා. ඒවා කිසිවිටක නතර වුනේ නැහැ” හනා පවසනවා. “අපේ නගරයට එන කණ්ඩායම ඉරානය බවට හඳුනා ගත් දා පටන් අපි ඔවුන් අපේ ලෝක කුසලාන කණ්ඩායම ලෙස පිළිගෙන ඉදිරි වැඩකටයුතු කරගෙන යනවා. ඊට පරස්පර දෙයක් FIFA වෙතින් අසන්නට ලැබෙන තෙක් අපි අපේ වැඩ කරගෙන යනවා.”

නිල තත්ත්වය මෙසේ තිබියදී, අවිනිශ්චිත බොහෝ දේවල් තවමත් තිබෙනවා.
ඉරානය තරගාවලියට සහභාගි වූවත් ඒ සඳහා කොන්දේසි ගණනාවක් ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ඉදිරිපත් කර තිබෙනවා. එයින් ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස දක්වා තිබෙන්නේ අමෙරිකාව විසින් ත්‍රස්තවාදී සංවිධානයන් ලෙසින් ලේබල් ගසා තිබෙන එහෙත් වර්තමානයේ ඉරානය පාලනය කරමින් සිටින ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක බලකායේ හමුදා සේවය අවසන් කළ පුද්ගලයින් ඇතුළු ඉරාන කණ්ඩායම සමග තරගාවලිය සඳහා අමෙරිකාව ට එන සියලුම ක්‍රීඩකයින්, පුහුණුකරුවන් හා නිලධාරීන්ට වීසා ලබා දීමයි. මේ වීසා තවමත් ඉරාන නියෝජිත පිරිසට ලැබී නැහැ.
ඊටත් මාර්තුවේදී, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් සැක මතු කරමින්, ඉරාන කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා සාදරයෙන් පිළිගත්ත ද, ඔවුන්ගේම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමේදී එය හොඳ අදහසක් නොවීමට ඉඩ තිබෙන බවට සමාජ මාධ්‍යයේ ලියා තිබුණා.
එහෙත් මේ තර්ජනය ටූසාන් වැසියන් ඉවත ලනවා.
“අපේ ජනාධිපතිතුමා සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී ටිකක් පුරසාරම් දොඩන බව කවුරුත් දන්නවා” යැයි ටූසාන් පාපන්දු සමාජයේ සභාපති ජොන් පර්ල්මන් පවසනවා. “ඔවුන්ව සාදරයෙන් පිළිනොගන්නා බවක් හෝ අනාරක්ෂිත බවක් හෝ හැඟෙන පරිදි ජනාධිපති ට්‍රම්ප් හෝ අපේ රජයේ කිසිම අංශයක් කටයුතු කරාවි කියලා මම හිතන්නේ නැහැ.”

කිනෝ ක්‍රීඩා සංකීර්ණයේදී ඉරාන ක්‍රීඩකයින්ට එහි බර ඉසිලීමේ පුහුණු පහසුකම්, අයිස් ස්නානය කිරීම හා සම්බාහන මේසවලට පිවිසීමේ අවස්ථාව ලැබෙනවා.
“අපි ඔවුන්ව දෑත් දිගුකර පිළිගන්නවා” යනුවෙන් පර්ල්මන් ප්‍රකාශ කරනවා. “අපි ලෝක පාපන්දු ප්‍රජාවගේ කොටසක්. FIFA කරන්න උත්සාහ කරන දේවල අපිත් කොටස්කරුවන්. පාපන්දුව රටවල් එක් කරන ක්‍රීඩාවක් මිස වෙන් කරන එකක් නොවන බව අපි විශ්වාස කරනවා.”
මෙය, ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරු පුද්ගලයින් 540,000 දෙනෙකුගෙන් යුත් මේ බහු සංස්කෘතික නගරය හැම තැන ම විශාල ලෙස දෝංකාරය වන මතය වී තිබෙනවා.
ඉරාන පාපන්දු කණ්ඩායම පුහුණු වීමට නියමිත පිටියට ඉහළින් නිතර පියාසර කරන ගුවන් යානා පිටත්ව යන දේශීය හමුදා කඳවුර අසල සිටින රිපබ්ලිකන් ඡන්දදායකයින්ගෙන් පවා මාධ්‍යවේදීන් විමසූ විට, ක්‍රීඩාව හා භූ-දේශපාලනය අතර පැහැදිලි වෙනසක් තිබෙන බව ඔවුන්ගෙන් කියැවෙනවා.
නමුත් ටූසාන් හි සියලු දෙනාම ඉරාන කණ්ඩායම නගරයේ සිටීම ගැන එතරම් මනාපයක් දක්වන්නේ නැහැ.

මේ නගරයේ සිටින කුඩා පර්සියානු ප්‍රජාවේ සමහරුන්ට මේ ක්‍රීඩකයින්ව පෙනෙන්නේ ජනවාරි මාසයේ පැවැති ජනප්‍රිය විරෝධතාවය මර්දනය කිරීම සඳහා ලේ ගැලීම් සහිත දරුණු පියවර ගනිමින් දහස් ගණන් ඉරාන ජනයා මරා දැමූ ආණ්ඩුවක දූතයන් ලෙසයි. එබැවින් ඉරාන පාපන්දු කණ්ඩායමට සහාය පළ කිරීම අපහසු දෙයක් බව සමහරු කියා සිටිනවා. මේ පිරිස අතරේ සිටින 68 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ කියනවා.
“ඉරාන කණ්ඩායමට එරෙහිව පෙළපාළියක් තිබුනොත්, මම එතැනට යන්න ඉඩ තියෙනවා!”




(සටහන : වර්නන් ගුණසේකර)