ඉන්දියා හා ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම් පැමිණෙන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ද සමග තුන්කොන් තරගාවලියක් ක්‍රීඩා කිරීමට. එම තරගාවලියෙන් පසුව ඉන්දියා හා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් අතර සිවු දින තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම පැමිණෙන්නේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමග සිවු දින තරග දෙකක් හා සීමිත ඕවර 50 තරග තුනක් පැවැත්වීමට.

ඕවර 50 තුන්කොන් තරගාවලිය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. එය ජූනි 9 සිට 21 දක්වා පැවැත්වෙනවා. අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ අතර සිවු දින තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වන අතර පළමු තරගය ජූනි 25 සිට 28 දක්වාත්, දෙවැනි තරගය ජූලි 2 සිට 5 දක්වාත් පැවැත්වෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන්. කොදෙව් හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් අතර සිවු දින තරග දෙක ම එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කෙරෙන අතර පළමු තරගය ජූනි 8 සිට 11 දක්වාත්, දෙවැනි තරගය ජූනි 15 සිට 18 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

දෙපිල අතර ඕවර 50 තරග පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. හා එන්.සී.සී. ක්‍රීඩාංගණවල. පළමු හා දෙවැනි තරග ජූනි 22 හා 24 දිනවල එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර තෙවැනි තරගය ජූනි 26 වැනිදා ක්‍රීඩා කෙරෙන්නේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




