The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'මෙවර ලෝක කුසලානයේ ආජන්ටිනාවට වඩා දක්ෂ කණ්ඩායම් ඉන්නවා' - ලයනල් මෙසී

T

The Leader Desk

May 17, 2026 • 1:23 PM

'මෙවර ලෝක කුසලානයේ ආජන්ටිනාවට වඩා දක්ෂ කණ්ඩායම් ඉන්නවා' - ලයනල් මෙසී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආජන්ටිනා පාපන්දු ලෝලීන් පිට පිට දෙවැනි ලෝක කුසලානයක සිහින දැකීම සාධාරණ වූවත් ප්‍රංශය හා ස්පාඤ්ඤය ඇතුළු අනෙකුත් තරගකරුවන්
  • ඉහළම මට්ටමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ඔවුන් සතුව සිටිනවා” යනුවෙන් මෙසී කියා සිටියේ ආජන්ටිනාව විසින් 2022 කටාර් ලෝක කුසලාන අවසන් තරගයේදී පරාජය කරනු ලැබූ කණ්ඩායම ගැන සඳහන් කරමින්.
  • ස්පාඤ්ඤය හා බ්‍රසීලය ද තරගාවලිය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබෙන කණ්ඩායම් ලෙසින් නම් කළ ඔහු, පෘතුගාලය ඉතාමත් තරගකාරී කණ්ඩායමක් බවත් සම්ප්‍රදායික යුරෝපීය බලවතුන් වන ජර්මනිය හා එංගලන්තය සැමවිටම භයානක කණ්ඩායම් බවත් ප්‍රකාශ කරනවා.
  • එළඹෙන ජූනි මාසයේදී 39 වැනි වියට පා තබන මෙසී, ජූනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඔහුගේ සහභාගිත්වය තවමත් නිල වශයෙන් ස්ථීර කර නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

කිහිප දෙනෙක් ආජන්ටිනාව ට වඩා මනාව හැඩගැසුණු තත්ත්වයක සිටින බවට ලයනල් මෙසී අනතුරු අඟවනවා.

ආජන්ටිනා පාපන්දු කණ්ඩායම ගැන මෙසී මෙහෙම කියනවා: “ආබාධ සහ තරග ශාරීරික යෝග්‍යතාව නැතිකම සමග ගනුදෙනු කරමින් සිටින ගොඩක් ක්‍රීඩකයින් ඉන්නවා. නමුත් සත්‍යය වන්නේ, කණ්ඩායම එකට සිටින විට ඔවුන් හොඳින් තරග කරන බව හා ඔවුන්ට සැමවිටම දිනන්න අවශ්‍ය බව ඔප්පු කර තිබීමයි.”

කෙසේ වෙතත්, අට වතාවක ‘බැලන් ඩෝ’ සම්මානලාභියකු මෙන්ම Inter Miami කණ්ඩායම අමෙරිකානු ප්‍රධාන ලීග් පාපන්දුවේ (MLS – Major League Soccer) දක්ෂතම කණ්ඩායමක් බවට පත් කළ මෙසී, මෙවර ලෝක කුසලාන තරගාවලිය ඉතාමත් දුෂ්කර එකක් වනු ඇතැයි පවසනවා.

“අද වෙනකොට, ප්‍රංශය නැවත වරක් ඉතාමත් හොඳ තත්ත්වයක ඉන්නවා. ඉහළම මට්ටමේ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ඔවුන් සතුව සිටිනවා” යනුවෙන් මෙසී කියා සිටියේ ආජන්ටිනාව විසින් 2022 කටාර් ලෝක කුසලාන අවසන් තරගයේදී පරාජය කරනු ලැබූ කණ්ඩායම ගැන සඳහන් කරමින්.

ස්පාඤ්ඤය හා බ්‍රසීලය ද තරගාවලිය ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබෙන කණ්ඩායම් ලෙසින් නම් කළ ඔහු, පෘතුගාලය ඉතාමත් තරගකාරී කණ්ඩායමක් බවත් සම්ප්‍රදායික යුරෝපීය බලවතුන් වන ජර්මනිය හා එංගලන්තය සැමවිටම භයානක කණ්ඩායම් බවත් ප්‍රකාශ කරනවා.

එළඹෙන ජූනි මාසයේදී 39 වැනි වියට පා තබන මෙසී, ජූනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඔහුගේ සහභාගිත්වය තවමත් නිල වශයෙන් ස්ථීර කර නැහැ.

එසේ වුවත්, ඔහුගේ තරගකාරිත්වයේ කුසගින්න තවමත් පෙර පරිදිම රැඳී තිබෙන බැවින් මෙසී ඔහුගේ ක්‍රීඩා දිවියට කිසිම දින සීමාවක් පනවා නැහැ.

“පාපන්දු ක්‍රීඩා කරන්න මම ආසයි. මට එය තවදුරටත් කරන්න බැරිවන තෙක් මම ඒක කරනවා” යැයි Inter Miami කණ්ඩායම කිරුළ කරා ගෙන යමින් සහ ලීගයේ වැඩිම ගෝල්ලාභියා බවට පත්වෙමින් MLS වටිනාම ක්‍රීඩක ගෞරවය හිමි කරගත් මෙසී පවසනවා.

“මම මගේ දරුවන්ටවත් පරදින්නේ නැහැ!”

“මම තරගකාරීයි. හැම දෙයකදීම දිනන්න මම කැමතියි...වීඩියෝ ගේම්ස්වලදී පවා මම මගේ පුතාට දිනන්න ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් මේ ආජන්ටිනා සුපිරි පාපන්දු තරුව කියනවා.

“ඒක තමයි මගේ හැටි. මම මුදුන්පත් කර ගත් හැම දෙයක් කරාම මාව ගෙන ගියේ ඒ ආකල්පයයි. මම පරදින්න දන්නේ නැහැ. මාව අද ඉන්න තත්ත්වයට පත් කළේ ඒ අධිෂ්ඨානයයි.”

ලයනල් මෙසී ඔහුගේ කිරුළ පළඳින මොහොත භුක්ති වින්දේ කටාර් දේශයේ පැවති 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශය ට එරෙහිව තීරණාත්මක ජයග්‍රහණය කරා ආජන්ටිනාව මෙහෙයවමින් එම රටට තෙවැනි ලෝක කුසලානය ලබා දුන් අවස්ථාවේ. ත්‍රාසයෙන් පිරුණු ඒ අවසාන මහා තරගය අතිරේක කාලයෙන් පසුව ගෝල් 3-3ක් ලෙස අවසන් වුනේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම පිණිස පෙනල්ටි ප්‍රහාරයකට යාමට බල කරමින්.

එම තරගයේදී මෙසී ආජන්ටිනාව වෙනුවෙන් දෙවරක් ගෝල් ලබා ගත් අතර ඒන්ජල් ඩි මරියා තවත් ගෝලයක් වාර්තා කළා. කිලියන් ම්බප්පේ පිට පිට ගෝල් ත්‍රිත්වයක් (හැට්-ට්‍රික්) ලබා ගෙන ප්‍රංශය වෙනුවෙන් පිළිතුරු දුන්නේ තරගය ලොමු දැහැ ගන්වන සටනක් බවට හරවමින්.

එම තරගාවලියේදී ආජන්ටිනාවේ මෙහෙයුම ඇරඹුනේ සෞදි අරාබිය ට එරෙහි ගෝල් 1-2ක විස්මිත පරාජයකින්. නමුත් ඔවුන් එයින් ඉක්මනින් මිදුනේ මෙක්සිකෝව ට එරෙහිව 2-0ක ජයක් ලබමින්. පෝලන්තය ට එරෙහි තවත් 2-0ක ජයග්‍රහණයකින් ඔවුන් පිළිමළුන් පිටුදැකීමේ අදියරට පිවිසියා.

කණ්ඩායම් 16 දෙනාගේ තරග වටයේදී ආජන්ටිනාව 2-1කින් ඔස්ට්‍රේලියාව පැරදවීමෙන් පසුව ත්‍රාසය දනවමින් පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ගෝල් 4-3කින් නෙදර්ලන්තය අභිභවා ගියා. අවසන් පූර්ව තරගයේදී ක්‍රොඒෂියාව 3-0කින් පරාජය කළ ලයනල් මෙසී හා ඔහුගේ කණ්ඩායමේ සගයන් ප්‍රමෝදයෙන් යුත් අවසාන තරගයෙන් පසුව කුසලානය හිමිකර ගත්තා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'මෙවර ලෝක කුසලානයේ ආජන්ටිනාවට වඩා දක්ෂ කණ්ඩායම් ඉන්නවා' - ලයනල් මෙසී | The Leader