The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'පොඩි ඔපරේෂන් එකකින් මැරඩෝනාව බේරගන්න තිබුණා' - වෛද්‍යවරුන්ගෙන් අනාවරණයක්

T

The Leader Desk

May 18, 2026 • 3:21 PM

'පොඩි ඔපරේෂන් එකකින් මැරඩෝනාව බේරගන්න තිබුණා'  - වෛද්‍යවරුන්ගෙන් අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාමත් සරල සැත්කමකින් ඩිඒගෝ මැරඩෝනාගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබුනු බවට ඔහුගේ හිටපු වෛද්‍යවරයා අනාවරණය කර තිබෙනවා.
  • මැරඩෝනා 60 වැනි වියේ පසුවෙමින් සිටියදී 2020 වසරේදී හෘදයාබාධයකින් මිය ගියේ ඔහුගේ මොළයේ හටගත් ලේ කැටි ගැසීමක් ඉවත් කිරීම පිණිස සිදු කළ ශල්‍යකර්මයකින් සති කිහිපයකට පසුව නිවෙසේ සුවය ලබමින් සිටියදී.
  • මැරඩෝනා ට ප්‍රතිකාර කළ ඔහුගේ හිටපු වෛද්‍යවරයා සාක්ෂි දෙමින්, අසනීපයෙන් සිටි පාපන්දු තරුවගේ සෞඛ්‍ය තත්ත්වය සරල මුත්‍රා වර්ධකයකින් පැය 48ක් ඇතුළත පැහැදිලිවම වර්ධනය කළ හැකිව තිබූ බව පවසා තිබෙනවා.
  • “සංකූල හෘදය අක්‍රියවීම් සමග එන මේ වගේ රෝගීන් දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා මම හැමදාම දකිනවා” යනුවෙන් වෛද්‍ය Mario Schiter ප්‍රකාශ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ වෛද්‍යවරයාට අනුව, ආජන්ටිනාවේ පාපන්දු ලෙජන්ඩ්‌ව පැය 48කින් යළි ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව තිබූ අතර තවත් වෛද්‍යවරයෙකු පවසන්නේ වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙසට කරන ලද රෙකමදාරුව ගණනකට නොගත් බවයි.

මැරඩෝනා‌ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන නැවත නඩු විභාගයේදීයි වෛද්‍යවරු මේ කාරණා හෙළිදරව් කර තිබෙන්නේ.

මැරඩෝනා 60 වැනි වියේ පසුවෙමින් සිටියදී 2020 වසරේදී හෘදයාබාධයකින් මිය ගියේ ඔහුගේ මොළයේ හටගත් ලේ කැටි ගැසීමක් ඉවත් කිරීම පිණිස සිදු කළ ශල්‍යකර්මයකින් සති කිහිපයකට පසුව නිවෙසේ සුවය ලබමින් සිටියදී.

මේ ලෝක කුසලාන පාපන්දු ජයග්‍රාහකයා හෘදයාබාධයකින් මිය යමින් සිටියදී ඔහුව අත්හැර දැමීමේ චෝදනාව වෛද්‍යවරුන් හත් දෙනෙකුට එල්ල වී තිබෙනවා.

මැරඩෝනා ට ප්‍රතිකාර කළ ඔහුගේ හිටපු වෛද්‍යවරයා සාක්ෂි දෙමින්, අසනීපයෙන් සිටි පාපන්දු තරුවගේ සෞඛ්‍ය තත්ත්වය සරල මුත්‍රා වර්ධකයකින් පැය 48ක් ඇතුළත පැහැදිලිවම වර්ධනය කළ හැකිව තිබූ බව පවසා තිබෙනවා.

“සංකූල හෘදය අක්‍රියවීම් සමග එන මේ වගේ රෝගීන් දැඩි සත්කාර ඒකකයේ ඉන්නවා මම හැමදාම දකිනවා” යනුවෙන් වෛද්‍ය Mario Schiter ප්‍රකාශ කර තිබෙනවා.

xdsdfs
“අපි ඔවුන්ගේ ශරීරයේ වැඩියෙන් තියෙන ලුණු හා ජලය මුත්‍රා කිරීම හරහා ඉවත් කිරීමට මුත්‍රා වර්ධක බෙහෙත් දෙනවා. ඊට පැය 12කට පස්සේ මේ රෝගීන් ආපහු ගෙදරත් ගිහින්.”

මැරඩෝනා මිය යන විට ඔහුගේ ශරීරයේ අවයවයන් කිහිපයකම දියරය වැඩියෙන් තිබූ බවට විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුම කියා තිබෙනවා.

හෘදයාබාධයක් ඇති වීමට තිබෙන ඉඩකඩ ඉවත් කිරීම පිණිස තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙසට කළ යෝජනා මැරඩෝනාගේ ප්‍රධාන වෛද්‍යවරයා වූ Leopoldo Luque ප්‍රතික්ෂේප කළ බව මැරඩෝනා ට අවසන් වරට ප්‍රතිකාර කළ හෘද රෝග විශේෂඥ Oscar Franco උසාවියට ප්‍රකාශ කර තිබෙනවා.
සාක්කිකරුවන් 100 දෙනෙකු පමණ මේ නඩුවේ සාක්ෂි දෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...