The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව ඉක්මනින් සංශෝධනය කිරීමට පරිවර්තන කමිටුව උත්සාහයක

T

The Leader Desk

May 21, 2026 • 4:48 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව ඉක්මනින් සංශෝධනය කිරීමට පරිවර්තන කමිටුව උත්සාහයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීමට පියවර ගන්නා බවත් එය හැකි ඉක්මනින් සංශෝධනය කිරීමට කටයුතු කළත් පනත සම්මත කර ගැනීමේ
  • “අප කරන දේ ගැන අපි විවෘතව හා විනිවිද භාවයෙන් යුතුව සිටින බව ICCය දන්නවා” යනුවෙන් ඒ මහතා කියා සිටියා.
  • “මේ ප්‍රශ්න සියල්ල නව ව්‍යවස්ථාවෙන් නිවරද කරනු ඇති” යැයි වික්‍රමරත්න මහතා සඳහන් කළා.
  • චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක වාර්තාව ව්‍යවස්ථා සංශෝධනයට පදනම ලෙස යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අදහස් කර සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු ක්‍රමවේදයට අවම වශයෙන් මාස හයක් ගතවනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) නියෝජ්‍ය සභාපති ඉම්රාන් ඛවාජා සහ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවාජිත් සයිකියා පසුගියදා ශ්‍රී ලංකාව ට පැමිණීම පිළිබඳව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී විමසූ අවස්ථාවේදී, ICCය ඉතාමත් සුහදව හා වටහාගත හැකි අයුරින් ක්‍රියා කළ බවට වික්‍රමරත්න මහතා පැවසූව ද, ක්‍රිකට් පරිවර්තන කමිටුව පවත්වා ගෙන යාම සඳහා නිශ්චිත කාල රාමුවක් ICCය විසින් නියම කරනු ලැබුවා ද යන්න පිළිබඳව ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කළා.

“අප කරන දේ ගැන අපි විවෘතව හා විනිවිද භාවයෙන් යුතුව සිටින බව ICCය දන්නවා” යනුවෙන් ඒ මහතා කියා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට නිලධාරීන් තෝරා ගැනීමේදී දැන් තිබෙන ක්‍රමයේ තිබෙන වරද කුමක්දැයි ඇසූ විට වික්‍රමරත්න මහතා මෙසේ පිළිතුරු දුන්නා: “වර්තමාන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කාරණා බොහොමයක් පැන නැගී තිබෙනවා. ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම මහා පරිමාණයෙන් සිදුව තිබෙන බවක් පෙනෙනවා.”

විනිවිද භාවයේ අඩුවීම නිසා වර්තමානයේ හටගෙන තිබෙන පාලන ප්‍රශ්නවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙලාගෙන ඇතැයි පරිවර්තන කමිටුවේ සාමාජික ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා කියා සිටියා.

“මේ ප්‍රශ්න සියල්ල නව ව්‍යවස්ථාවෙන් නිවරද කරනු ඇති” යැයි වික්‍රමරත්න මහතා සඳහන් කළා.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක වාර්තාව ව්‍යවස්ථා සංශෝධනයට පදනම ලෙස යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අදහස් කර සිටිනවා. එම වාර්තාවට අනුව, පත් කරනු ලැබූ පුද්ගලයන් 18 – 8ක් සහ තෝරා ගනු ලැබූ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වා ගෙන යා යුතු වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කිරීම සඳහා මීට පෙර අන්තර් කමිටු 11ක් පත්කර තිබූ බවත් තමා එයින් 10ක ම සිටි බවත් සිදත් වෙත්තමුණි මහතා මෙහිදී පැවසුවා. තමාගේ අවධානය කේන්ද්‍රගතව තිබුණේ පුහුණුකරුවන්, විනිසුරුවන් හා තරග තීරකවරුන්ගේ තත්ත්වය නගා සිටුවීමට බව ඔහු කියා සිටියා.

“ලෝකයට නිරාවරණය වීමේ අඩුව නිසා පාසල්වල පුහුණුකරුවන්ගේ අඩුපාඩු තියෙනවා” යනුවෙන් පැවසූ වෙත්තමුණි මහතා, මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ක්‍රිකට් පරිවර්තන කමිටුව වැඩමුළු පවත්වන බව ප්‍රකාශ කළා.

වයස අවුරුදු 19න් පහළ මට්ටමේ පුහුණුකිරීම් දියුණු කිරීම පිණිස වහාම පියවර ගැනීමටද මේ කමිටුව තීරණය කර තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...