The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉබෝලා සීමාවන් තිබියදීත් කොංගෝ පාපන්දු කණ්ඩායමට අමෙරිකාවට ඒමට අවසර

T

The Leader Desk

May 23, 2026 • 10:09 AM

ඉබෝලා සීමාවන් තිබියදීත් කොංගෝ පාපන්දු කණ්ඩායමට අමෙරිකාවට ඒමට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ (DRC – DR Congo) පාපන්දු කණ්ඩායමට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කිරීම පිණිස අමෙරිකාව ට ඇතුළු වීමට හැකි බව ප්‍රකාශ වනවා. ඒ අනුව, ඉබෝලා වසංගතය හේතුවෙන් පනවා තිබෙන අමෙරිකාව ට ඇතුළු වීමේ තහනමෙන් එම කණ්ඩායම නිදහස් වනවා.
  • මේ රටවල් තුන අතරින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා සිටින එකම රට වන කොංගෝ කණ්ඩායම දැනටමත් පුහුණු වෙමින් සිටින්නේ යුරෝපයේ බැවින් ඔවුන් කොහෙත්ම මේ තහනමට ලක්වීමට ඉඩ නොතිබුනු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසනවා.
  •   එහෙත් ඔවුන් අවසාන දින 21 DRC හි ගතකර තිබෙනවා නම්, ඔවුන් ද එරට සිට නැවත පැමිණෙන අමෙරිකානු පුරවැසියන් මුහුණ දීමට අවශ්‍ය දැඩි පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතයි.
  • “නැවත එන අමෙරිකානු පුරවැසියන් හා ස්ථිර පදිංචිකරුවන් හුදෙකලා කර පවත්වන පරීක්ෂණ ක්‍රමවේදයට ඔවුන් ද ඇතුළත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් එම නිලධාරියා ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මාරාන්තික ඉබෝලා වෛරසයේ පැතිරීම හේතුවෙන් කොංගෝ, උගන්ඩාව හා දකුණු සුඩානය යන රටවල පසුගිය දින 21 තුළ සංචාරය කළ අමෙරිකානුවන් නොවන පුද්ගලයින්ට රටට පැමිණීම අමෙරිකාව තහනම් කර තිබෙනවා.

මේ රටවල් තුන අතරින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා සිටින එකම රට වන කොංගෝ කණ්ඩායම දැනටමත් පුහුණු වෙමින් සිටින්නේ යුරෝපයේ බැවින් ඔවුන් කොහෙත්ම මේ තහනමට ලක්වීමට ඉඩ නොතිබුනු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසනවා.

 

18dc trump ebola twmb articleLarge

එහෙත් ඔවුන් අවසාන දින 21 DRC හි ගතකර තිබෙනවා නම්, ඔවුන් ද එරට සිට නැවත පැමිණෙන අමෙරිකානු පුරවැසියන් මුහුණ දීමට අවශ්‍ය දැඩි පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතයි.

“නැවත එන අමෙරිකානු පුරවැසියන් හා ස්ථිර පදිංචිකරුවන් හුදෙකලා කර පවත්වන පරීක්ෂණ ක්‍රමවේදයට ඔවුන් ද ඇතුළත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් එම නිලධාරියා ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත්, කොංගෝ කණ්ඩායමට ‘චියර්’ කිරීම සඳහා අමෙරිකාව ට පැමිණීමට බලාපොරොත්තු වන DRC හි දෛනික ක්‍රීඩා ලෝලීන්ට මේ තහනමේ නිදහස නොලැබෙන බව ද එම නිලධාරියා සඳහන් කරනවා.

මේ අතර, ඉබෝලා වෛරස් වසංගතය පැතිර යාමෙන් පසුව, කොංගෝ ජාතික පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ රටේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ පූර්ව-ලෝක කුසලාන පුහුණු කඳවුරක් අවලංගු කර තිබෙනවා.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ කින්ශාසා අගනුවර ආරම්භ වීමට නියමිතව තිබූ මේ තෙදින පුහුණු කඳවුර දැන් බෙල්ජියමේ පැවැත්වීමට තීරණය වී ඇතැයි වාර්තා වනවා.

 

dr congo huddle scaled e1779303115369

දේශීයව ස්ථානගතව සිටි කිසිම ක්‍රීඩකයෙක් ජාතික පාපන්දු කණ්ඩායමට තෝරා ගෙන නැතැයි එම කණ්ඩායමේ ප්‍රවෘත්ති නිලධාරියා පවසනවා.

DR Congo ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට මෙවර සුදුසුකම් ලැබුවේ දෙවැනි වතාවට පමණයි. පළමු වතාවේ ඔවුන් 1974දී සහභාගි වන විට එරට හැඳින්වුනේ සයේ (Zaire) නමින්.

2026 තරගාවලිය අතරතුර හියුස්ටන් නගරයේ කඳවුරු බැඳ ගැනීමට සැලසුම් කර සිටින කොංගෝ කණ්ඩායම එහිදී ඔවුන්ගේ K කොටසේ පළමු තරගය රොනාල්ඩෝගේ පෘතුගාලය සමග ජූනි 17 වැනිදා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඉක්බිති එම කණ්ඩායම කොලොම්බියාව සමග ජූනි 24 වැනිදා පවත්වන තරගය වෙනුවෙන් මෙක්සිකෝවේ ග්වාඩලහාරා නගරයට යාමට නියමිත අතර ඉනික්බිති යළි අමෙරිකාව ට පැමිණෙන්නේ ඇට්ලන්ටා නගරයේදී ජූනි 28 වැනිදා උස්බෙකිස්තානය ට එරෙහිව තරග කිරීමට.

 

nationalherald 2026 05 21 cjt0wz0c congo ebola
DRC හි නැගෙනහිර පළාතේ ඉබෝලා වසංගතයේ පැතිරීම ප්‍රකාශයට පත් කෙරුනේ පසුගිය සතියේ සිකුරාදා. මේ රටේ ඉබෝලා වසංගතය පැතිර යන 17 වැනි වතාව මෙය වන අතර එයට ගොදුරු වූ 600ක පමණ රෝගීන් අතරින් මරණ 139ක් දැනටමත් වාර්තා වී තිබෙනවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...