The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන පාපන්දු තරග බිමට අහිමි වන පවුම් බිලියනයක් වටිනා දස්කම්

T

The Leader Desk

May 24, 2026 • 5:03 PM

ලෝක කුසලාන පාපන්දු තරග බිමට අහිමි වන පවුම් බිලියනයක් වටිනා දස්කම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු සුපිරි තරු ගණනාවක් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දක්නට ලැබෙන්නේ නැහැ.
  • 2026 ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ ආරම්භ වීමට තව ඇත්තේ සති තුනකටත් වඩා අඩු කාලයක්.
  • එහෙත් මේ ක්‍රීඩා වාරයේදී ලොව ඉහළම ලීගයන් හි දීප්තිමත්ව ක්‍රීඩා කරමින් විශාල මිල ගණන්වලට ශ්‍රේණිගතව සිටි ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් 21 දෙනෙක් ලෝක කුසලාන තරග බිමේ පෙනී නොසිටීම පැහැදිලිවම දිස්වන අඩුවක් වනවා.
  • මෙයින් වඩාත්ම මිල අධික ක්‍රීඩකයා වන්නේ මේ ක්‍රීඩා වාරයේ ‘ලිවපූල්’ කණ්ඩායමේ තනි තරුව බවට පත්ව සිටි Dominik Szoboszlai.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙයින් හොඳම ක්‍රීඩකයින් 11 දෙනාගේ වටිනාකමේ එකතුව පවුම් බිලියනයක්.

2026 ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ ආරම්භ වීමට තව ඇත්තේ සති තුනකටත් වඩා අඩු කාලයක්. එහෙත් මේ ක්‍රීඩා වාරයේදී ලොව ඉහළම ලීගයන් හි දීප්තිමත්ව ක්‍රීඩා කරමින් විශාල මිල ගණන්වලට ශ්‍රේණිගතව සිටි ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් 21 දෙනෙක් ලෝක කුසලාන තරග බිමේ පෙනී නොසිටීම පැහැදිලිවම දිස්වන අඩුවක් වනවා.

මෙයින් වඩාත්ම මිල අධික ක්‍රීඩකයා වන්නේ මේ ක්‍රීඩා වාරයේ ‘ලිවපූල්’ කණ්ඩායමේ තනි තරුව බවට පත්ව සිටි Dominik Szoboszlai. මේ ක්‍රීඩකයාට ඔහුගේ සර්ව නිපුණත්වය ප්‍රදර්ශනය කිරීමට සහ ඔහුගේ සිත් බඳනාසුලු පවුම් මිලියන 86ක මිල ලේබලය ඉහළ නැංවීමට නොහැකි වන්නේ හංගේරියාව ට ලෝක කුසලාන වේදිකාව මඟ හැරී ඇති බැවින්.

එක් එක් ක්‍රීඩකයාගේ හුවමාරු වෙළෙඳ වටිනාකම මත පදනම්ව සකස් කෙරුනු මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වන සුපිරි ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ අංක 2 ට සිටින්නේ Szoboszlaiගේ ‘ඇන්ෆීල්ඩ්’ සමාජ සගයා වන පවුම් මිලියන 78ක වටිනාකමක් සතු Hugo Ekitike. අකිලීස් ආබාධයක් හේතුවෙන් මේ ක්‍රීඩා වාරයේදී පසෙකට වී සිටි ඔහු උතුරු අමෙරිකානු තරග බිමේදී ප්‍රංශ කණ්ඩායම සමග එක්වන්නේ නැහැ.

‘පැරිස් සැන්-ජමෑන්’ කණ්ඩායමේ මෙගා තරුව වන Khvicha Kvaratskhelia (පවුම් මිලියන 78) ලැයිස්තුවේ ඉහළම තුන් දෙනාව සම්පූර්ණ කරන අතර ජෝර්ජියාව ට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසුව ඔහුට නිවසේ සෝපාවට වී ලෝක කුසලාන තරග නැරඹීමට සිදුව තිබෙනවා.

සිවු වරක් ලෝක ශූරයින් වූ ඉතාලිය ට අඛණ්ඩව තෙවැනි වතාවටත් ලෝක කුසලාන තරගාවලිය අහිමි වීම නිසා මේ ලැයිස්තුවට එක්ව සිටින ඉතාලි ජාතික ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුගෙන් කෙනෙකි ‘නිව්කාස්ල්’ කණ්ඩායමේ සුපිරි තරුව වන Sandro Tonali. 25 හැවිරිදි ඔහුට අවම වශයෙන් පවුම් මිලියන 69ක් වන ඔහුගේ මිල ප්‍රිමිය ලීගයේ ලොකුම පාපන්දු සමාජ හමුවේ ඉහළ දැමීමට දැන් හැකියාවක් නැහැ.

‘මැන්චෙස්ට යුනයිටඩ්’ පාපන්දු සමාජ තරුව වන Bryan Mbeumo (පවුම් මිලියන 69) ලැයිස්තුවේ ඉහළම පස් දෙනාව සම්පූර්ණ කරන්නේ කැමරූන් දේශයට මෙවර ලෝක කුසලාන පාපන්දුව අහිමි වීමෙන් පසුව.

මේ ක්‍රීඩකයින් පසුපස සිටින්නේ තරගාවලියට සුදුසුකම් නොලැබූ නයිජීරියාව, ඉතාලිය හා ස්ලොවේනියාව යන රටවල සුපිරි ක්‍රීඩකයින් වන ‘ගැලටසරායි’ කණ්ඩායමේ Victor Osimhen (පවුම් මිලියන 65), ‘ඉන්ට මිලාන්’ හි Alessandro Bastoni (පවුම් මිලියන 60) සහ ‘මැන්චෙස්ට යුනයිටඩ්’ හි Benjamin Sesko (පවුම් මිලියන 56).

‘ටොට්නම්’ කණ්ඩායමේ Mohammed Kudus (පවුම් මිලියන 47), ඔහු මුහුණ දුන් විනාශාකාරී ආබාධවලින් තවමත් සුවය ලබමින් සිටින බැවින් ඝානා කණ්ඩායම් සගයින් සමග එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ නැහැ.

‘බ්‍රයිටන්’ පාපන්දු සමාජයේ Carlos Baleba (පවුම් මිලියන 47) ට ද, ඔහුගේ කැමරූන් කණ්ඩායම් සගයා වන Mbeumo මෙන්ම නිවසේ සිට ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට සිදුව තිබෙනවා.

‘රෙආල් මැඩ්රිඩ්’ හි Rodrygo (පවුම් මිලියන 43) ලැයිස්තුවේ ඊළඟට සිටින්නේ  ආබාධයක් මත ඔහුව තරගාවලියෙන් ඉවත් කර ඇති බැවින්. මේ නිසා ඔහු බ්‍රසීල කණ්ඩායම් සගයින් සමග එක්වන්නේ නැහැ.

‘ටොට්නම්’ ක්‍රීඩක Xavi Simmons (පවුම් මිලියන 43) ද, දරුණු දණහිසේ ආබාධයකින් පීඩා විඳිමින් සිටින බැවින් නෙදර්ලන්තය සමග ඔහුගේ ලෝක කුසලාන තරගාවලියක අපේක්ෂාවන් සුන්ව ගොස් තිබෙනවා.

‘නැපලී’ කණ්ඩායමට තාවකාලිකව ලබා දුන් ‘මැන්චෙස්ට යුනයිටඩ්’ ක්‍රීඩක Rasmus Hojlund (පවුම් මිලියන 43) ද මෙවර ලෝක කුසලාන පාපන්දු තරග බිමේ දක්නට නොලැබෙන්නේ ඩෙන්මාර්කය ට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ බැවින්.

‘ආසනල්’ කණ්ඩායමේ Riccardo Calafiori සහ ‘ඉන්ට මිලාන්’ කණ්ඩායමේ      Nicolo Barela හා Federico Dimarco යන ඉතාලි ක්‍රීඩකයින් තිදෙනාට ද ඔවුන්ගේ පවුම් මිලියන 43 වටිනාකම ඉහළට ගෙන යාමට හැකියාවක් නැහැ.

අනපේක්ෂිත පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ ක්‍රීඩා වාරයේ ඉතිරි කාලයේ තරග බිමෙන් ඉවත්ව සිටින විශ්මය ජනක ‘බාසිලෝනා’ ක්‍රීඩක ලැමින් යමාල් නියමිත වේලාවට තම කණ්ඩායමට එක්වනු ඇතැයි ස්පාඤ්ඤය විශ්වාස කරනවා.

එහෙත් මේ දෙයම ‘පෝටෝ’ කණ්ඩායමේ Samu Aghehowa (පවුම් මිලියන 39) සම්බන්ධයෙන් කිව නොහැක්කේ අතිශය ප්‍රබල ආබාධයක් හේතුවෙන් ඔහුට යමාල්ව අනුගමනය කිරීමට නොහැකිවී ඇති බැවින්.

පවුම් මිලියන 39ක වටිනාකමින් යුත් ‘ඉන්ට මිලාන්’ කණ්ඩායමේ Pio Esposito (ඉතාලිය), ‘ස්පෝටිං ලිස්බන්’ හි Morten Hjulmand (ඩෙන්මාර්කය), ‘පැරිස් සැන්-ජමෑන්’ කණ්ඩායමේ ilya Zabarnyi (යුක්රේනය) සහ ‘මැන්චෙස්ට සිටි’ හි Gianluigi Donnarumma (ඉතාලිය) යන ක්‍රීඩකයින්ගෙන් පවුම් බිලියනයේ ලැයිස්තුව සම්පූර්ණ වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...