The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශරීර උත්තේජන ගත් ක්‍රීඩකයන් පැරදවීමට ශරීර උත්තේජන නොගත් ක්‍රීඩකයා සමත් වෙයි

T

The Leader Desk

May 25, 2026 • 12:21 PM

ශරීර උත්තේජන ගත් ක්‍රීඩකයන් පැරදවීමට ශරීර උත්තේජන නොගත් ක්‍රීඩකයා සමත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිරිසිදු ක්‍රීඩාව විසින් තහනම් කර තිබෙන ශරීර උත්තේජන භාවිතයට ඉඩ දෙමින් ලොව ප්‍රථම වතාවට අමෙරිකාවේ පැවති Enhanced Games ක්‍රීඩා උළෙලේදී එම ශරීර උත්තේජනවලින් ශක්තිය වැඩි කරගත් තරගකරුවන් පරාජය කිරීමට ශරීර උත්තේජක නොගත් ක්‍රීඩකයෙක් සමත් වුණා.
  • ආම්ස්ට්‍රෝං සටහන් කළ කාලය රුසියානු පිහිනුම් ක්‍රීඩක Kliment Kolesnikov ගේ ලෝක වාර්තාවෙන් තත්පර 0.66ක් පිටතින් තිබුණා.
  • දෙවතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගත් ආම්ස්‌ට්‍රෝං මේ තහනම් ශරීර වර්ධනයේ ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වුනේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔහු‌ගේ අනුග්‍රාහකයා ඉවත් වීමෙන් පසුව ඇතිවූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන්.
  •   ඔහුගේ මේ නවතම ජයග්‍රහණය විසින් සම්ප්‍රදායික තරග බිමේ ජයග්‍රහණයකින් ලැබෙන මුදලට වඩා සැලකිය යුතු මුදලක් ඔහුට උපයා දී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් වගකීමක් නැති සහ දුරාචාර ක්‍රියාවක් ලෙසින් හෙළා දැක තිබෙන මේ ක්‍රීඩා උළෙලට පිරිසිදු ශක්තියෙන් සහභාගි වූ අමෙරිකානු පිහිනුම් ක්‍රීඩක හන්ටර් ආම්ස්ට්‍රෝං මීටර් 50 පසුපස ආර ඉසව්ව ඩොලර් 350,000ක ත්‍යාග මුදලක් ද හිමි කර ගනිමින් ජය ගැනීම  විශේෂත්වයක්.

 

enb46

ඉරිදා පැවති මේ මතභේදාත්මක අලුත් ක්‍රීඩා උළෙලේ සමාරම්භය සම්පූර්ණයෙන්ම අසාර්ථක වුනේ එහි යූටියුබ් විකාශනය ආරම්භ වී මිනිත්තු හතක් පමණක් ගතවීමෙන්  පසුව එය මිනිත්තු 11ක කාලයකට ක්‍රියාවිරහිත වීම නිසා. මේ තාක්ෂණික ප්‍රශ්නය විසඳා ගැනීමෙන් පසුව, Enhanced Games උළෙලේ විවේචකයන් හා පිරිසිදු ක්‍රීඩාවට පක්ෂව කතා කරන්නන්ට කුඩා ජයග්‍රහණයක් භුක්ති විඳීමට අවස්ථාව උදා කරමින් දෙවතාවක ඔලිම්පික් ක්‍රීඩකයෙකු වන ආම්ස්ට්‍රෝං‌ගේ ජයග්‍රහණය සිදුවුණා.

enr6ur5

මීටර් 50 පසුපස ආර පිහිනුම් ඉසව්වේ හිටපු ලෝක වාර්තාලාභියෙකු වන ආම්ස්ට්‍රෝං, තත්පර 24.21කින් තරගය පළමුව අවසන් කළේ ශරීර වර්ධක මත්ද්‍රව්‍ය භාවිතා කරමින් මේ ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩකයින් 36 දෙනාගෙන් කෙනෙකු වූ අයර්ලන්තයේ ෂේන් රයන් (25.23) පරාජය කරමින්.

ආම්ස්ට්‍රෝං සටහන් කළ කාලය රුසියානු පිහිනුම් ක්‍රීඩක Kliment Kolesnikov ගේ ලෝක වාර්තාවෙන් තත්පර 0.66ක් පිටතින් තිබුණා.

දෙවතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනා ගත් ආම්ස්‌ට්‍රෝං මේ තහනම් ශරීර වර්ධනයේ ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වුනේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔහු‌ගේ අනුග්‍රාහකයා ඉවත් වීමෙන් පසුව ඇතිවූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන්.

 

hunter armstrong 2023 US Nats 3318 Enhanced NR
ඔහුගේ මේ නවතම ජයග්‍රහණය විසින් සම්ප්‍රදායික තරග බිමේ ජයග්‍රහණයකින් ලැබෙන මුදලට වඩා සැලකිය යුතු මුදලක් ඔහුට උපයා දී තිබෙනවා. ආම්ස්ට්‍රෝං, තම උපන් බිමේ පැවැත්වෙන 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීම සඳහා ඔහුට තිබෙන ආශාව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, Enhanced Games ක්‍රීඩා උළෙලට සම්බන්ධ වන කිසිම ක්‍රීඩකයෙකුට ලෝක ශූරතාවලිය හෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි විය නොහැකි බවට ලෝක ජලක්‍රීඩා සම්මේලනය තර්ජනය කර තිබෙනවා.

හන්ටර් ආම්ස්ට්‍රෝං මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ ද දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් තවත් ඩොලර් 125,000ක් ඔහුගේ ත්‍යාග මුදල්වලට එකතු කරගෙන තිබෙනවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශරීර උත්තේජන ගත් ක්‍රීඩකයන් පැරදවීමට ශරීර උත්තේජන නොගත් ක්‍රීඩකයා සමත් වෙයි | The Leader