The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ටිකට් සල්ලි ආපහු දෙන්න: ඉබෝලා නිසා අමෙරිකාවට එන්න බැරි කොංගෝ පාපන්දු ලෝලීන්ගෙන් ඉල්ලීමක්

T

The Leader Desk

May 27, 2026 • 10:24 AM

ටිකට් සල්ලි ආපහු දෙන්න: ඉබෝලා නිසා අමෙරිකාවට එන්න බැරි කොංගෝ පාපන්දු ලෝලීන්ගෙන් ඉල්ලීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉබෝලා වසංගතයට සම්බන්ධ සංචාරක සීමා කිරීම් හේතුවෙන් දැන් අමෙරිකාව ට ඇතුළු වීමට නොහැකිව සිටින කොංගෝ පාපන්දු ලෝලීන් ලෝක
  • කොංගෝ පාපන්දු කණ්ඩායම ගෝලීය පාපන්දුවේ ලොකුම වේදිකාවට මෙවර පිවිසෙන්නේ 1974 වසරෙන් පසුව ප්‍රථම වතාවටයි.
  • එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය මැයි 16 වැනිදා ප්‍රකාශයට පත් කළ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව කොංගෝ කණ්ඩායමට සහයෝගය දක්වන්නන් අමෙරිකාව ට පැමිණීම නතර කිරීමට කරන තර්ජනයක් වී තිබෙනවා.
  • මධ්‍යම හා නැගෙනහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය යැයි සැක කරන රෝගීන් 900කට වැඩියෙන් වාර්තා වී තිබෙන බවත් මේ රෝගය පැතිරීම ආරම්භ වීමෙන් පසුව මරණ 223ක් සිදුව ඇති බවත් නිලධාරීන් පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කුසලාන තරග ප්‍රවේශ පත් මිලදී ගැනීම සඳහා දැරූ වියදම ඔවුන්ට නැවත ලබා දෙන ලෙසට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව (DR Congo) ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) ඉල්ලා තිබෙනවා.

කොංගෝ පාපන්දු කණ්ඩායම ගෝලීය පාපන්දුවේ ලොකුම වේදිකාවට මෙවර පිවිසෙන්නේ 1974 වසරෙන් පසුව ප්‍රථම වතාවටයි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය මැයි 16 වැනිදා ප්‍රකාශයට පත් කළ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව කොංගෝ කණ්ඩායමට සහයෝගය දක්වන්නන් අමෙරිකාව ට පැමිණීම නතර කිරීමට කරන තර්ජනයක් වී තිබෙනවා.

මධ්‍යම හා නැගෙනහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය යැයි සැක කරන රෝගීන් 900කට වැඩියෙන් වාර්තා වී තිබෙන බවත් මේ රෝගය පැතිරීම ආරම්භ වීමෙන් පසුව මරණ 223ක් සිදුව ඇති බවත් නිලධාරීන් පවසනවා.

මේ සිද්ධීන් හා මරණ සංඛ්‍යාවෙන් ඉතා වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවෙන් වන බැවින් එරට අගනුවර වන කින්ශාසා හි තිබෙන අමෙරිකානු තනාපති කාර්යාලය ඔවුන්ගේ වීසා සේවාව අත්හිටුවා තිබෙනවා.

සංචාරක සීමාවන් පනවන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී නැතත් කොංගෝ, උගන්ඩාව හෝ දකුණු සුඩානය යන රටවල පෙර දින 21 තුළ සංචාරය කළ අමෙරිකානුවන් නොවන පුද්ගලයන්ට තම රටට ඇතුළු වීම අමෙරිකාව තහනම් කර තිබෙනවා.

 

0 GettyImages 1719218809
ලෝක කුසලාන ප්‍රවේශ පත් වෙනුවෙන් තම රටේ පාපන්දු ලෝලීන් වැය කළ මුදල් ආපසු ලබා දීමට හැකියාවක් තිබෙනවා ද කියා තමා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා ඇතැයි DR Congo පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ප්‍රකාශ කරනවා.

“අපේ කණ්ඩායමට සහාය දැක්වීම පිණිස අමෙරිකාව ට පැමිණීම නතර කරමින් අපේ ක්‍රීඩා ලෝලීන්ට දඬුවම් කර තිබෙනවා. පාපන්දුවට ආදරය කරන අපේ ක්‍රීඩා ලෝලීන්ට සියල්ල නැතිවෙනවා දකින්න අපට උවමනා නැහැ” යනුවෙන් සභාපතිවරයා කියා සිටිනවා.

අමෙරිකාව 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කැනඩාව හා මෙක්සිකෝව ද සමග පවත්වන්නේ කටාර් රාජ්‍යයේ පැවති පසුගිය 2022 තරගාවලියේ ටිකට් මිලට වඩා හත් ගුණයකින් මිල වැඩි කරමින්.

කොංගෝ පාපන්දු සම්මේලනයේ ඉල්ලීම පිළිබඳව යථා කාලයේදී සලකා බලනු ඇතැයි FIFA කියා තිබෙනවා.

කොංගෝ කණ්ඩායම ඔවුන්ගේ මූලික තරග ආරම්භ කරන්නේ ජූනි 17 වැනිදා පෘතුගාලය සමග පවත්වන තරගයෙන්. මෙයින් අදහස් වන්නේ අමෙරිකාව ට ඇතුළු වීමේ සීමා කිරීම්වලට යටත් වීමට නම් හියුස්ටන් නගරයේ පැවැත්වෙන එම තරගය නැරඹීම පිණිස DR Congo සිට යාමට අදහස් කරන ක්‍රීඩා ලෝලීන් අඟහරුවාදා (ඊයේ) රටින් පිටත්ව යා යුතුව තිබූ බවයි.

55e06d56 dr congo 23052026
කොංගෝ කණ්ඩායමේ දෙවැනි තරගය කොලොම්බියාව ට එරෙහිව Guadalajara නගරයේ පැවැත්වීමට නියමිතව තිබෙන අතර කොංගෝ ක්‍රීඩා ලෝලීන්ගෙන් වැඩි පිරිසක් දැන් ඔවුන්ගේ සංචාරක සැලසුම් මෙක්සිකෝව වෙත යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔවුන්ගේ අවසාන මූලික වට තරගය උස්බෙකිස්තානය ට එරෙහිව පැවැත්වෙන්නේ අමෙරිකාවේ. එබැවින්, තරගාවලියේ අවසාන කණ්ඩායම් 32 ට පිවිස කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ තරගයක් සුරක්ෂිත කර ගැනීම සඳහා කොංගෝ කණ්ඩායමට ඔවුන්ගේ මූලික වටය ඔවුන්ගේ කොටසේ දෙවැනි ස්ථානයෙන් අවසන් කිරීමට හැකිවනු ඇතැයි ආධාරකරුවන් බලාපොරොත්තු වනවා.

ක්‍රීඩා ලෝලීන්‌ගේ ප්‍රශ්නය එසේ තිබියදී, කොංගෝ පාපන්දු කණ්ඩායමට අමෙරිකාව ට ඇතුළු වීමේ සීමා බාධකවලින් බලපෑමක් සිදුව නැහැ. එම සංචිතයේ සිටින ක්‍රීඩකයින් 26 දෙනා ම සහ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනා ස්ථානගතව සිටින්නේ රටෙන් පිට.

කොංගෝ පාපන්දු කණ්ඩායම් නිලධාරීන් අමෙරිකානු දින විසිඑකේ හුදකලාකරණ‌ය සම්පූර්ණ කිරීම පිණිස දැනටමත් රටින් පිටව ගොස් තිබෙනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com   

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...