The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලානයට පෙර ඉරාන පාපන්දු පිල ඇමරිකානු වීසා සටනක!

T

The Leader Desk

June 1, 2026 • 12:08 PM

ලෝක කුසලානයට පෙර ඉරාන පාපන්දු පිල ඇමරිකානු වීසා සටනක!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන ඉරාන කණ්ඩායමට අමෙරිකාව ට ඇතුළු වීම සඳහා බහු-වීසා (multiple-entry) පහසුකම් සැලසීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) කටයුතු කරනු ඇතැයි ඉරානයේ පාපන්දු සම්මේලනය අපේක්ෂා කරනවා.
  • Team Melli ලෙසින් හැඳින්වෙන ඉරාන ජාතික පාපන්දු සංචිතය මුලින් සැලසුම් කර තිබුණේ අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටූසාන් නගරය ඔවුන්ගේ ලෝක කුසලාන කඳවුර කර ගැනීමටයි.
  •   මෙහ්ඩි ටාජ් මේ වෙනස් කිරීම සිදු කළේ අමෙරිකානු වීසා ලබා ගැනීමේදී තිබෙන අවුල් සහිත තත්ත්වයන් වළක්වා ගැනීමට හා ඉරාන ගුවන්යානා මගින් කණ්ඩායමට කෙළින්ම අමෙරිකාව ට යාමට හැකිවීම පිණිස බව ටාජ් කියා තිබෙනවා.
  • මේ අතර, ඉරානයේ සුපිරි ආක්‍රමණශීලී ක්‍රීඩකයා වන සාර්දාර් අස්මෝන්ගේ (Sardar Azmoun)  තත්ත්වය පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව ටාජ් පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඉරාන ක්‍රීඩකයින්ට අමෙරිකාව ට ඇතුළු වී ආපසු මෙක්සිකෝව ට පැමිණීමට හැකිවන පරිදි FIFA විසින් බහු-වීසා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්ඩි ටාජ් ප්‍රකාශ කරනවා.

Team Melli ලෙසින් හැඳින්වෙන ඉරාන ජාතික පාපන්දු සංචිතය මුලින් සැලසුම් කර තිබුණේ අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ටූසාන් නගරය ඔවුන්ගේ ලෝක කුසලාන කඳවුර කර ගැනීමටයි. නමුත් පසුව එම අදහස වෙනස් කළ ඔවුන්, සිය පුහුණු කඳවුර මෙක්සිකෝවේ ටිඅවානා නගරයට වෙනස් කළා.

 

tajමෙහ්ඩි ටාජ්
මේ වෙනස් කිරීම සිදු කළේ අමෙරිකානු වීසා ලබා ගැනීමේදී තිබෙන අවුල් සහිත තත්ත්වයන් වළක්වා ගැනීමට හා ඉරාන ගුවන්යානා මගින් කණ්ඩායමට කෙළින්ම අමෙරිකාව ට යාමට හැකිවීම පිණිස බව ටාජ් කියා තිබෙනවා.

ඉරානය ඔවුන්ගේ සියලුම මූලික තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ අමෙරිකාවේ.

මේ අතර, ඉරානයේ සුපිරි ආක්‍රමණශීලී ක්‍රීඩකයා වන සාර්දාර් අස්මෝන්ගේ (Sardar Azmoun)  තත්ත්වය පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව ටාජ් පවසනවා. ඉරාන කණ්ඩායමේ කළමනාකරු විසින් මුලින් සකස් කරන ලද සංචිතයෙන් මේ ක්‍රීඩකයාව කපා හැර තිබුණා.

sardar azmoun gaol celebrate vs Bahrain Jun2021සාර්දාර් අස්මෝන්

ඉරානය වෙනුවෙන් ගෝල් 57ක් ලබා ගෙන ඇති Bayer Leverkusen (ජර්මනිය) හා AS Roma (ඉතාලිය) පාපන්දු සමාජ ක්‍රීඩක අස්මෝන් මීට පෙර රාජ්‍ය-විරෝධී උද්ඝෝෂණවලට සහයෝගය දක්වා තිබෙනවා.

ඔහු වර්තමානයේ ක්‍රීඩා කරමින් පදිංචිව සිටින ඩුබායි රාජ්‍යයේ පාලකයා සමග ඡායාරූපයකට පෙනී සිටීම නිසා ඉරාන රාජ්‍ය මාධ්‍යවල විවේචනයට ලක්වූ අතර රටට ද්‍රෝහීවීමේ චෝදනා ද ඔහුට එල්ල වුණා.

අස්මෝන් නැවත ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගන්නා ලෙසට ඉරාන උපසභාපතිවරයෙක් පසුගිය සඳුදා ඉල්ලා සිටියා.

තමාට තවත් රටකින් ලැබුණු ඉතාමත් විශාල මුදල්මය යෝජනාවක් තමා ප්‍රතික්ෂේප කළ බවත් තමා ‘ඉරානයේ පුත්‍රයෙක්’ බවත් අස්මෝන් මෑතකදී ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවකින් ප්‍රකාශ කර තිබුණා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක කුසලානයට පෙර ඉරාන පාපන්දු පිල ඇමරිකානු වීසා සටනක! | The Leader