The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ටෙස්ට් තරගවලට රෝස පන්දු යොදා ගැනීමේ අත්හදා බැලීමක් !

T

The Leader Desk

June 3, 2026 • 11:51 AM

ටෙස්ට් තරගවලට රෝස පන්දු යොදා ගැනීමේ අත්හදා බැලීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආලෝකය මඳවන (bad light) අවස්ථාවන්හිදී ටෙස්ට් ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමේ කාලය වැඩි කිරීම සඳහා රෝස පැහැයෙන් යුත් පන්දු භාවිතා කිරීම අත්හදා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබෙනවා.
  • මීට අමතරව, ආලෝකය දුර්වල වීම හේතුවෙන් අහිමි වන ක්‍රීඩා කාලය අඩු කිරීම පිණිස නව ‘ආලෝක තාක්ෂණ පරීක්ෂණ’ පැවැත්වීම සඳහා ද තරග නිලධාරීන් හා ක්‍රීඩාංගණවලට ගෝලීය ක්‍රිකට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):

 

ටෙස්ට් ක්‍රීඩාව සඳහා සාමාන්‍යයෙන් යොදා ගැනෙන රතු වර්ණයේ පන්දු ආලෝකය අඩුවී යද්දී පහසුවෙන් දිස් නොවන අතර සීමිත ඕවර තරග සඳහා භාවිතා කරන සුදු පැහැති පන්දු වැඩි වේලාවක් ක්‍රීඩා කෙරෙන ටෙස්ට් ක්‍රීඩාවට ඔරොත්තු නොදෙන බව සොයා ගෙන තිබෙනවා. විදුලි ආලෝක මධ්‍යයේ ක්‍රීඩා කරන දිවා-රාත්‍රී ටෙස්ට් තරග සඳහා රෝස පන්දු දැනටමත් පාවිච්චි කෙරෙනවා.

ආලෝකයේ අඩුවීමක් බලාපොරොත්තු වන අවස්ථාවලදී ක්‍රීඩා කාලය උපරිමයට ගෙන ඒම පිණිස කණ්ඩායම් දෙකේ ම පූර්ව එකඟතාවකින් ටෙස්ට් තරගවලට රෝස පන්දු භාවිතා කරන මේ අත්හදා බැලීම සිදුකිරීමට තම විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් බව ICCය නිවේදනයන් නිකුත් කරමින් කියා තිබෙනවා.

මීට අමතරව, ආලෝකය දුර්වල වීම හේතුවෙන් අහිමි වන ක්‍රීඩා කාලය අඩු කිරීම පිණිස නව ‘ආලෝක තාක්ෂණ පරීක්ෂණ’ පැවැත්වීම සඳහා ද තරග නිලධාරීන් හා ක්‍රීඩාංගණවලට ගෝලීය ක්‍රිකට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...