The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කොංගෝවේ පූර්ව-ලෝක කුසලාන තරගය අහෝසි කරයි

T

The Leader Desk

June 4, 2026 • 11:47 AM

කොංගෝවේ පූර්ව-ලෝක කුසලාන තරගය අහෝසි කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්පාඤ්ඤයේ නගරයක පැවැත්වීමට නියමිතව තිබූ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ ලෝක කුසලාන පාපන්දු මිත්‍ර තරගයක් ඉබෝලා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් අහෝසි කර තිබෙනවා.
  • කොංගෝ සහ චිලී අතර ජූනි 9 තරගය පැවැත්වීම තහනම් කරන නිල නියෝගයට තමා අත්සන් කළ බව ජුවාන් ෆ්‍රැන්කෝ නගරාධිපති ප්‍රකාශ කර තිබෙනවා.
  • මෙය ‘පෙර පරෙස්සම’ අනුව ගත් පියවරක් බවත් තමා පිළිපැද තිබෙන්නේ රජයේ සෞඛ්‍ය සේවාවේ නිර්දේශ බවත් ෆ්‍රැන්කෝ පවසනවා.
  •   ගිබ්රාල්ටාව සමීපයේ පිහිටි 65,000ක ජනගහණයක් සිටින La Linea නුවර නගරාධිපති තවදුරටත් කියා සිටින්නේ මහ නගර සභාවේ වෛද්‍ය සේවාවේ ප්‍රධානියා ද මේ තරගය නොපවත්වන ලෙසට උපදෙස් දුන් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගය තහනම් කර තිබෙන්නේ එය ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබූ දකුණු ස්පාඤ්ඤයේ La Linea de la Concepcion නගරයේ පුරපති විසින්.

කොංගෝ සහ චිලී අතර ජූනි 9 තරගය පැවැත්වීම තහනම් කරන නිල නියෝගයට තමා අත්සන් කළ බව ජුවාන් ෆ්‍රැන්කෝ නගරාධිපති ප්‍රකාශ කර තිබෙනවා. මෙය ‘පෙර පරෙස්සම’ අනුව ගත් පියවරක් බවත් තමා පිළිපැද තිබෙන්නේ රජයේ සෞඛ්‍ය සේවාවේ නිර්දේශ බවත් ෆ්‍රැන්කෝ පවසනවා.

 

confgoer

ගිබ්රාල්ටාව සමීපයේ පිහිටි 65,000ක ජනගහණයක් සිටින La Linea නුවර නගරාධිපති තවදුරටත් කියා සිටින්නේ මහ නගර සභාවේ වෛද්‍ය සේවාවේ ප්‍රධානියා ද මේ තරගය නොපවත්වන ලෙසට උපදෙස් දුන් බවයි. තරගය පැවැත්වීමෙන් ඇති විය හැකි සෞඛ්‍යමය අවදානම කෙරෙහි මෙහිදී සැලකිල්ල යොමුව තිබෙනවා.

1974 වසරෙන් පසුව ප්‍රථම වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා සිටින කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩු‌වේ පාපන්දු කණ්ඩායම ඊයේ බෙල්ජියමේ ලියේජ් නගරයේදී ඩෙන්මාර්කය සමග මිත්‍ර තරගයක් පැවැත්වීමට නියමිතව තිබුණා.

පසුගිය මාසයේ රටේ ඉබෝලා වෛරසය පැතිර යාමෙන් පසුව තම රටේ පැවැත්වීමට නියමිතව තිබූ පූර්ව-ලෝක කුසලාන පුහුණු කඳවුරක් අහෝසි කළ කොංගෝ කණ්ඩායම ඒ වෙනුවට බෙල්ජියමේ පුහුණු වෙමින් සිටිනවා.

 

5y54h
කොංගෝ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා අමෙරිකාව ට ඇතුළු කරගැනීමට පෙර ඔවුන් දින 21ක් හුදෙකලාව සිටිය යුතු බවට අමෙරිකානු බලධාරීන් අවධාරණය කර තිබෙනවා.

තරගාවලිය අතරතුර හියුස්ටන් නගරයේ කඳවුරු බැඳ ගැනීමට කොංගෝ කණ්ඩායම සැලසුම් කර තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොංගෝවේ පූර්ව-ලෝක කුසලාන තරගය අහෝසි කරයි | The Leader