The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ගෝලීය පාපන්දු ලොක්කාට එරෙහිව දැවැන්ත මෙහෙයුමක්!

T

The Leader Desk

June 4, 2026 • 12:03 PM

ගෝලීය පාපන්දු ලොක්කාට එරෙහිව දැවැන්ත මෙහෙයුමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට සතියක් තිබියදී එය සංවිධානය කරන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ ක්‍රියාවන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මහා පරිමාණයේ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.
  • මේ පැමිණිල්ල ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසුව FIFA හි සදාචාර ප්‍රතිපත්ති කමිටුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇති අතර මෙය පසුගිය වසර අග යැවුනු පැමිණිල්ලේ අලුත් කළ සංස්කරණයක් වනවා.
  • දේශපාලනික වශයෙන් අපක්ෂපාතව සිටිය යුතු බවට වන FIFA සදාචාර ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය ඉන්ෆන්ටීනෝ අවස්ථා හතරකදී උල්ලංඝනය කර ඇති බවට FairSquare පසුගිය වසරේ පැමිණිල්ලෙන් කියා තිබුණා.
  • පැමිණිල්ලට සහාය පළ කරමින් FIFA හි සදාචාර ප්‍රතිපත්ති කමිටුවට NFF ලිපියක් ලියා තිබෙන අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා නෝවේ සංචිතය පිටත්ව යාමට පෙර දිනයේදී සභාපතිනිය එම ලිපිය පිළිබඳව මෙසේ කියා සිටියා: “අපි ඒ ලිපිය යැවුවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලෝක කුසලාන තරගවලදී තමන්ට තිබෙන ආරක්ෂාව හා ප්‍රවේශ පත්‍රවල අධික මිල ගණන් සම්බන්ධයෙන් පාපන්දු ලෝලීන් සැලිකිලිමත්ව සිටියදී සහ FIFA ට එරෙහිව මානව අයිතීන් සංවිධාන හා පාපන්දු තරගාවලියන් පැමිණිලි කර තිබියදී, විශාල පිරිසක් විසින් ඉදිරිපත් කිරීමට යන මේ ඉල්ලීම එදා මෙදා තුර FIFA ට ලැබුණු ලොකුම පැමිණිල්ල වනවා.

‘ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නැවත ආරම්භ කරනු!’ – Reboot FIFA - මෙහෙයුම අද (බ්‍රහස්පතින්දා) ආරම්භ වන අතර එය මෙහෙයවන්නේ 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර සිට ම FIFA පාලනය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින නීතිඥ කණ්ඩායමක් වන FairSquare. පාපන්දු ක්‍රියාකාරීන්, ඉතිහාසඥයින් හා ලියුම්කරුවන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක වන ‌මේ මෙහෙයුම, FIFA මෙතෙක් මුහුණ දෙන ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳ විශාලතම තනි පැමිණිල්ල යැයි විශ්වාස කෙරෙන අතර ඊට තමන්ගේ නමත් එකතු කරන ලෙසට සංවිධායකයින් ජනතාව උනන්දු කරමින් සිටිනවා.

WhatsApp Image 2026 06 03 at 12.50.05

මේ පැමිණිල්ල ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසුව FIFA හි සදාචාර ප්‍රතිපත්ති කමිටුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇති අතර මෙය පසුගිය වසර අග යැවුනු පැමිණිල්ලේ අලුත් කළ සංස්කරණයක් වනවා. දේශපාලනික වශයෙන් අපක්ෂපාතව සිටිය යුතු බවට වන FIFA සදාචාර ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය ඉන්ෆන්ටීනෝ අවස්ථා හතරකදී උල්ලංඝනය කර ඇති බවට FairSquare පසුගිය වසරේ පැමිණිල්ලෙන් කියා තිබුණා. මේ පැමිණිල්ලට හේතු වී තිබුනේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වන ලද සාම සමුළුවට සහභාගි වීමට ලෝක පාපන්දු ප්‍රධානියා වන ඉන්ෆන්ටීනෝ ගත් තීරණය හා ඉන්පසුව අමෙරිකානු ජනාධිපතිවරයාට FIFA සාම ත්‍යාගය පිරිනැමීමයි.

“මිල ඉතා අධික ලෝක කුසලාන ප්‍රවේශ පත්‍රවල සිට FIFA සාම ත්‍යාගය ලබා ගත් පුද්ගලයා ඉන්පසුව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන රටකට (ඉරානය) එරෙහිව නීතිවිරෝධී යුද්ධයක් දියත් කිරීම දක්වා වන සිද්ධීන් ගණනාවක් ගැන ජනතාව තුළ කෝපයක් ඇතිවීම හා ඔවුන් ඉච්ඡා භංගත්වයට පත්වීම සාධාරණයි” යනුවෙන් FairSquare අධ්‍යක්ෂ නික් මැක්ගීහන් පවසනවා. “මේ මෙහෙයුම ඒ කෝපය යොදා ගැනීම හා එය FIFA හි තේරුමක් ඇති වෙනසක් සිදුකිරීමට අවශ්‍ය දේශපාලනික පීඩනය නිර්මාණය කිරීම පිණිස ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳවයි.”

FairSquare විසින් යෝජනා කර තිබෙන සංශෝධනවලට FIFA සිය සාමාජික සංවිධාන සමග බෙදා ගන්නා බිලියන ගණනින් යුත් ඩොලර්වල විගණනයක් ඇතුළු විනිවිදභාවය හා ඔවුන්ගේ මුදල් කටයුතු සම්බන්ධ කරුණු බොහොමයක් අඩංගු වී තිබෙනවා.

 

infwREG
FairSquare නීතිඥ සමූහයේ මුල් පැමිණිල්ලට FIFA ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටින මෙහෙයුමේ ක්‍රියාකාරිනියක වන නෝවේජියානු පාපන්දු සම්මේලනයේ (NFF) සභාපතිනි Lise Klaveness ගේ සහාය ද මේ සතියේ ලැබුණා. පැමිණිල්ලට සහාය පළ කරමින් FIFA හි සදාචාර ප්‍රතිපත්ති කමිටුවට NFF ලිපියක් ලියා තිබෙන අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා නෝවේ සංචිතය පිටත්ව යාමට පෙර දිනයේදී සභාපතිනිය එම ලිපිය පිළිබඳව මෙසේ කියා සිටියා: “අපි ඒ ලිපිය යැවුවා. එයින් දේශපාලනික ප්‍රතිචාර ගණනාවක් ඇතිවී තියෙනවා. නමුත් අපි ඒක යැවුවා. අපි ඒ ගැන විමසිල්ලෙන් සිටිමින්, එය ඉදිරියට තල්ලු කරමින්, සාකච්ඡා ඉල්ලමින්, ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ වහාම එහි ගැම්ම ගොඩනගනවා.”

FIFA සාම ත්‍යාගයක් ආරම්භ කරමින් ඉන්ෆන්ටීනෝ, ජනතාව එක්සත් කරමින් අනාගත පරම්පරාවන්ට අපේක්ෂාව ගෙන එ්මට තනි පුද්ගලයින් දරන අතිමහත් උත්සාහයන් එම සම්මානයෙන් අගය කරනු ඇතැයි ප්‍රකාශ කර තිබුණා. පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප් ට FIFA සාම ත්‍යාගය පිළිගැන්වීමේ තමාගේ තීරණය සාධාරණීකරණය කළ ඉන්ෆන්ටීනෝ, “ඔහු මේ සාම ත්‍යාගය ලැබීමට සුදුසු වනවා. ගැටුම් සමථයට පත් කිරීම හා දහස් ගණන් ජීවිත බේරා ගැනීමට ඔහු උපකාරී වුණා” යනුවෙන් කියා තිබුණා.

 

1280px P202512005DT 0500 President Donald Trump participates in the FIFA World Cup drawing 1024x682
ට්‍රම්ප් සමග තිබෙන තමාගේ පෞද්ගලික සම්බන්ධතාව වෙනුවෙන් ද නැගී සිටි ඉන්ෆන්ටීනෝ මෙසේ පවසා තිබුණා.

“ලෝක කුසලාන තරගාවලියක සාර්ථක්වය සඳහා ජනාධිපතිවරයා සමග සමීප සබඳතාවක් තබා ගැනීම නිසැකව ම ඉතා වැදගත් යැයි මම හිතනවා!”

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෝලීය පාපන්දු ලොක්කාට එරෙහිව දැවැන්ත මෙහෙයුමක්! | The Leader