ගුවන් ගමන් පාලකයන්ගේ විශේෂ අවසර දීමකින් මිස, තරග පැවැත්වෙන දින අතරතුර එම ක්‍රීඩාංගණ වටා නාවික සැතැපුම් තුනක දුරක් හා බිම් මට්ටමේ සිට අඩි 3,000ක් දක්වා ඉහළින් ඩ්‍රෝන යානා ඇතුළු සියලුම ගුවන්යානා මෙහෙයුම් සිදුකිරීම තහනම් කර තිබෙනවා.
රට පුරා තිබෙන ලෝක කුසලාන ක්‍රීඩා ලෝලී ඉසව්වලදී ඩ්‍රෝන යානා නාවික සැතැපුමක අරයක හා බිම් මට්ටමේ සිට අඩි 1,000ක් දක්වා ඉහළින් පියාසර කරවීම තහනම්.

අනුමැතියකින් තොරව සීමිත ගුවන් ප්‍රදේශයට ඇතුළු වන ඩ්‍රෝන යානාවල පාලකයන්ට ඩොලර් 100,000ක් දක්වා වන දඩයක් සමග සාපරාධී චෝදනාවන්ට හා ඩ්‍රෝන රාජසන්තක කිරීමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි FAA කියනවා.
ඩ්‍රෝන යානා වැළැක්වීමේ කණ්ඩායම් එෆ්.බී.අයි. ආයතනයට ද සිටින අතර ඔවුන් එම කණ්ඩායම් ලෝක කුසලාන ක්‍රීඩාංගණ වටා අමතර ආරක්ෂක ස්තරයක් ලෙස යෙදවීමට තීරණය කර තිබෙනවා.
ප්‍රධාන ඉසව්වලදී ඇතිවන විශ්වාසනීය ඩ්‍රෝන තර්ජනවලට මුහුණ දීම පිණිස ෆෙඩරල් සගයන් සමග එක්ව කටයුතු කිරීම සඳහා අලුත් බලයක් තම දෙපාර්තමේන්තුවට ලැබී ඇතැයි නිව්යෝක් නගරයේ පොලිස් කොමසාරිස්වරිය පවසනවා.

පසුගිය මාස කිහිපයක් තිස්සේ ඩොලර් මිලියන 6.5ක් වටිනා ඩ්‍රෝන-වැළකුම් උපකරණ මිලදී ගෙන ඇති බව ඇය සඳහන් කරනවා. ඩ්‍රෝන යානා පහසුවෙන්ම ‘යුද්ධයේ අවි’ ලෙස යොදා ගත හැකි බව කියන කොමසාරිස්වරිය, අමෙරිකාවේ 250 වැනි සංවත්සරය වෙනුවෙන් නිව්යෝක් නගරය සුපරීක්ෂාවෙන් සිටින බව කියා සිටිනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




