The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සෑම පාපන්දු ලීගයකටම රුපියල් මිලියනයක් සහ කාර්යාලයක්

T

The Leader Desk

June 7, 2026 • 2:25 PM

සෑම පාපන්දු ලීගයකටම රුපියල් මිලියනයක් සහ කාර්යාලයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු ලීගයේ ක්‍රීඩා කිරීම සෑම ක්‍රීඩා සමාජයකට ම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තරග සහභාගිත්වයේ වියදම් වෙනුවෙන් ලීගයකට රුපියල් මිලියනයක් බැගින් ලබා දීමට තීරණය කර තිබෙනවා.
  • කුසලාන තරග වෙනුවෙන් මේ මුදල් පිරිනැමුනු අතර තවත් රුපියල් 500,000ක් නොවැම්බර් මාසයේ ලබා දීමට නියමිතයි.
  • දිවයිනේ සියලුම සාමාජික ප්‍රාදේශික ලීගයන්ට ඔවුන්ගේ දිස්ත්‍රික්කවල ස්ථිර කාර්යාල පවත්වා ගෙන යාමේ ස්ථානයක් කුලියට ගැනීම සඳහා මාසිකව රුපියල් 50,000ක මුදලක් ලබා දීමට ද මේ කොංග්‍රසයේදී තීරණය වුණා.
  • දිවයිනේ ඇති පාපන්දු ලීගයන් 67 ට ව්‍යවස්ථා 67ක් තිබෙන බවත් 2026 වසරේ සැප්තැම්බර් 1 වැනිදා සිට මේ ලීගයන් සියල්ල එක ව්‍යවස්ථාවක් අනුව කටයුතු කළ යුතු බවත් උමාර් මහතා ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ මුදලින් අඩක් වන රුපියල් 500,000ක් බැගින් දිවයිනේ පාපන්දු ලීගයන්ට පිරිනැමීම ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානියා වන ජස්වර් උමාර් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (6) නුවරඑළියේ පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන 2026 වාර්ෂික කොංග්‍රසයේදී සිදු කෙරුණා. එෆ්.ඒ. කුසලාන තරග වෙනුවෙන් මේ මුදල් පිරිනැමුනු අතර තවත් රුපියල් 500,000ක් නොවැම්බර් මාසයේ ලබා දීමට නියමිතයි.

දිවයිනේ සියලුම සාමාජික ප්‍රාදේශික ලීගයන්ට ඔවුන්ගේ දිස්ත්‍රික්කවල ස්ථිර කාර්යාල පවත්වා ගෙන යාමේ ස්ථානයක් කුලියට ගැනීම සඳහා මාසිකව රුපියල් 50,000ක මුදලක් ලබා දීමට ද මේ කොංග්‍රසයේදී තීරණය වුණා.

දිවයිනේ ඇති පාපන්දු ලීගයන් 67 ට ව්‍යවස්ථා 67ක් තිබෙන බවත් 2026 වසරේ සැප්තැම්බර් 1 වැනිදා සිට මේ ලීගයන් සියල්ල එක ව්‍යවස්ථාවක් අනුව කටයුතු කළ යුතු බවත් උමාර් මහතා ප්‍රකාශ කළා.

පාපන්දු ලීගයන් අසාධාරණ ලෙස විවේචනය කරන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද අරලිය ග්‍රීන් සිටි හෝටලයේ පැවති මේ කොංග්‍රසයේදී ඒකමතිකව තීරණය වුණා.

පාපන්දු ක්‍රීඩා සමාජ දහසකට වැඩි ප්‍රමාණයක් දිවයිනේ තිබෙන බවත් ඒ සෑම කණ්ඩායමක් ම ලීගයේ ක්‍රීඩා කළ යුතු බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා අවධාරණය කළා.

කලාප ලීගයන් 55ක් තිබෙන අතර ඔවුන්ට තමන්ගේ ම කියා මූලස්ථාන තිබිය යුතු බවත් ඒ සඳහා ස්ථානයක් කුලියට ගැනීම පිණිස මාසයකට රුපියල් පනස් දහසක මුදලක් ලබා දෙන බවත් කී ජස්වර් උමාර් මහතා මේ ලීගයන්ට සභාපතිවරුන් පාපන්දු සම්මේලනය විසින් පත්කරන බව කියා සිටියා.

මේ මුදල් ලබා ගැනීම සඳහා සුදුස්සන් වීමට නම් කොන්දේසි 3ක් සම්පූර්ණ කළ යුතු වනවා. ඒ අනුව, ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම හා සියලුම ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සිදුකළ යුතු අතර “සල්ලි වැඩිවන විට ප්‍රශ්න ද එන බැවින්” ලීගයන් විසින් බැංකු ගිණුම් ආරම්භ කළ යුතු බව ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානියා පැවසුවා.


Screenshot 2026 06 07 at 7.52.52 PM

“තමන්ගේ ක්‍රීඩා සමාජ, ක්‍රීඩකයින් හා පුහුණුකරුවන්ට සේවය කරන්න ස්ථිර කාර්යාලයක් හැම පාපන්දු ලීගයකටම තිබිය යුතුයි. තමන්ගේ ප්‍රදේශවල පාපන්දු ක්‍රීඩා‌වේ භාරකරුවන් මේ අයයි. ඒ නිසා ඔවුන්ට වෙන් වූ කාර්යාල ලබා දීමෙන් ඔවුන්‌ගේ ගෞරවය, වෘත්තීයතාව, වගවීම හා සමීප විය හැකි වීම සහතික වනවා” යැයි උමාර් කියා සිටියා.


වර්තමානයේ බොහෝ ලීගයන් ඔවුන්ගේ වැඩ කටයුතු සිදු කරන්නේ තාවකාලික ස්ථානවල හෝ නිලධාරීන්‌ගේ නිවාසවල සිටයි. මේ නිසා ඒවායේ පරිපාලනයට අභියෝග එල්ල වී ඇති අතර මහජනතාවට පාපන්දු සේවය වෙත සමීප වීම සීමා වී තිබෙනවා. ස්ථිර පහසුකම් නැතිකම නිසා ක්‍රීඩකයින්ට හා ක්‍රීඩා සමාජවලට ලීග් නිලධාරීන් සමග අන්‍යෝන්‍යව ක්‍රියා කිරීමටත්, තොරතුරු ලබා ගැනීමටත් අපහසු වී තිබෙනවා.

පාපන්දු නිලධාරීන් විවේචනය කිරීම සම්බන්ධයෙන් ද පාපන්දු ප්‍රධානියා මෙහිදී කරුණු දක්වා සිටියා. “මැතිවරණයකදී කාට ඡන්දය දුන්නත් අපට පහර දෙන විට අපි එක පවුලක්. මට මඩ ගහන අයට විරුද්ධව මම ම‌ගේ පෞද්ගලික මුදලින් නඩු දාන්නම්. මම ගැන මම බලා ගන්නම්. නමුත් ඔ්ගොල්ලන්ව ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. දැන් අලුතින් සිද්ධ වෙන්නේ මට වඩා ඔබලාට, ඔබලාගේ ලීගයන්ට මඩ ගහන එකයි. දැන් මේ අය ඉලක්ක කරගෙන ඉන්නේ ඔයාලවයි. පාපන්දු මාෆියාව කියලා හඳුන්වන්නේ ඔ්ගොල්ලන්වයි. ඔයාලා අපෙන් ඉල්ලීමක් කළොත් අපි ඒ අයට එරෙහිව නඩු දාන්නම්” යනුවෙන් උමාර්  කියා සිටියා.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා‌වේ අනාගත වර්ධනයට මඟ පෙන්වීම පිණිස වන ‘ශ්‍රී ලංකා පාපන්දුවේ ඊළඟ පරිච්ඡේදය’ යන නව උපාය මාර්ගික සංවර්ධන වැඩසටහන දියත් කිරීම ද උමාර්  අතින් ඊයේ කොංග්‍රසයේදී සිදුවුණා.

පසුගිය වසරේදී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නැවත ගොඩනැගූ බවත් අද එම කණ්ඩායම සුරක්ෂිතව ඉතා හොඳ තත්ත්වයක සිටින බවත් පැවසූ උමාර්  කුඩා ළමයින් දැන් වැඩියෙන් පාපන්දු ක්‍රීඩාවට යොමු වන බව රට පුරා අලුතින් බිහිවන පාපන්දු ඇකඩමිවලින් පෙනී යන බව ප්‍රකාශ කළා.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 201 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව මාස 18ක් ඇතුළත 191 ස්ථානයට පැමිණීම ලොකු ජයග්‍රහණයක් බවත් මෑත කාලය තුළ වැඩියෙන්ම තරග ජයග්‍රහණය කළ දකුණු ආසියාවේ කණ්ඩායම ශ්‍රී ලංකාව බවත් ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානියා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජික ලීග 60 ම නියෝජනය කරමින් 250කට වැඩි දෙනෙක් සහභාගි වූ මේ කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු යෝජනා සියල්ල ම ඒකමතිකව සම්මත වීම විශේෂත්වයක්.

 

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...